ලෙනින්ගෙ මමිය

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    first%20phot%20of%20len_zpsmby3tgfh.jpg


    ලෙනින් ගැන අප දන්නවා. ඒ ඔහු රුසියන් විප්ලවයේ හෙවත් Bolshevik විප්ලවයේ නිර්මාතෘ සහ ලෝකයට කොමියුනිස්ට් ක්‍රමය හදුන්වා දුන් අය ලෙස. එහෙත් ඊට අමතරව විසිවන සියවසේ නූතන මමිකරණය සමගද ඔහු සම්බන්දවන හැටි නොකියාම බැහැ. එසේත් නැතහොත් නූතන මමිකරණයේ සුප්‍රසිද්දම සලකුන හෙවත්Icon ය ඔහුයි.


    1924 ජනවාරි 21 වන දින ඔහු මිය යනවිට ඔහු බලාපොරොත්තුවන්නට ඇත්තේ යම් කිසි විශේෂ ගෞරවයක් සහිත භුමදානයක්. එහෙත් ඔහුට වැරදුන හැටි?? (ඇත්තවශයෙන්ම ඔහු බලාපොරොත්තුවූයේ Petrograd හි සිය මව මිහිදන් කල ස්ථානයට යාබදව තම සිරුරද යම් දිනයක මෙලොව හැර ගිය පසු මිහිදන් කරවීමටයි. පසුව ලෙනින්ට ගරු කිරීමක් ලෙස Petrograd, Leningrad ලෙස වෙනස්වූ අතර, 1991 දී සෝවියට් දේශය බිද වැටුන පසු Saint Petersburg ලෙස නැවත වෙනස් කරන ලදි).


    මුලින්ම ලෙනින්ගේ embalm කරන ලද මෘත ශරීරය ගෘහනිර්මාණ ශිල්පී Alexei Shchusev විසින් තනන ලද ලී මංජුසාවක තැන්පත් කරන ලදි. එසේම සෝවියට් ආණ්ඩුව පවා ඔහුගේ සිරුර භුමදානය සදහා කටයුතු සම්පාදනය කරන අතරතුර මහජන ප්‍රදර්ශනය සදහා සිරුර තබා තිබූ අතර එය දැක ගැනීමට වැලනොකැඩී ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් පැමිනෙන්නට විය. මෙය කොතෙක්ද කිවහොත් මිලියන භාගයක පමණ ජනතාවක් සෙල්සියස් අංශක ඍන 20 ක පමන ශීතල දේශගුණයකදීත් පැය ගණන් පෝලිම් වල පෙල ගැසී සිටින්නටවිය. සිරුරට ගෞරව දැක්වීම සදහා විනාඩියකට තිදෙනෙතුට පමණක් අවසර ලැබුන අතර ලෙනින්ට ගෞරවයක් ලෙස හමුදා භටයන් විසිහතර දෙනෙක් රදවා ඇති අතර ඔවුන් විනාඩි පහකට සැරයක් මාරු කරන ලදි.
    ලෙනින්ට සිරුරට ගරු කිරීමට පැමිනෙන බොහෝ දෙනෙක් ඔහු ජීවතුන් අතර සිටියදී ජීවමානව නොදැකපු අය වන අතර සමහරුන්ට දුක වාවාගත නොහැකිව සිහිසන්වනුද දැකිය හැකිවිය.


    කරුණු මෙසේ වෙද්දී 1924 ජනවාරි 25 වන දින සවස හතරට ලෙනින්ගේ සිරුර භූමදානය කිරීම සදහා නිල වශයෙන් දැනුම් දුන්නත් වැලනොකැඩී පැමි‍නෙන දුකට පත්වූ ජනතාව නිසා එය තවදුරටත් තබා ගන්නට සිදුවන ආකාරයක් පෙනුනි. එසේම එරට ජනතාවද ලෙනින්ගේ සිරුර තමන්ට තවත් බැලීමට අවශ්‍යයයි පවසන්නටවූ අතර ඉදිරි පරම්පරාවටද මෙය දැක ගන්නට ඉඩ සලසන්නැයි ඉල්ලමින් සෝවි‍යට් රජය වෙත ටෙලිග්‍රෑම් 10.000 කට වඩා ලැබුනා යැයි පැවසේ.


    මේ අනුව ජනවාරි 24 වන දින වන විට ලෙනින්ගේ දේහය තවත් දින හතලිහක පමණ කාලයක් තබාගැනීම සදහා අදහස් හුවමාරුවීම ආරම්භවිය. එහෙත් වැන්දඹු බිරිය, සහෝදරිය සහ සහෝදරයා අඩුම තරමින් තාවකාලික කල්තබාගැනීමකටවත් කැමති නොවීය. එහෙත් ඒ සියල්ල අභිබවමින් ස්ටාලින්ගේ අණ අනුව ලෙනින්ගේ දේහය කල් තබා ගැනීම සදහා වූ ක්‍රියාවලිය සිදුකලේය.

    lenins-mausoleum_2341_large_slideshow_zpsg25iaejx.jpg


    මෙය දීර්ඝකාලීන ක්‍රියාවලියක් වන අතර 1924 අගෝස්තු 03 වන දින විදේශිය ජනමාධ්‍යවේදීන්ට පළමුවරට අදාල කල්තබාගැනීමේ ක්‍රමවේදය කරන ලද ලෙනින්ගේ සිරුර පෙන්වන ලදි. මේ එය දුටු Walter Duranty පුවත්පත් වාර්තාකරුවා පවසන ආකාරයයි “දේහය හොදින් සංරක්‍ෂනය කර තිබෙනවා. මේ ක්‍රියාදාමය සිදුකල කල වෛද්‍ය විශේෂඥයන් පවසන ආකාරයට මෙය සදහා කිසිදු ඉටි (Wax) වර්ගයක් හෝ වර්ණක භාවිතාකර නැහැ. මුහුණ සාමාන්‍යයෙන් තිබෙන ආකාරයෙන්මයි. එහි කිසිදු වර්ණ වෙනස්වීමක් පේන්නවත් නැහැ. ඒවගේම සිරුර කෘෂවීමක් හෝ අවයවවල වෙනස් කමක් වත් ‍පේන්න නැහැ”. 1924 අගෝස්තු 24 වන දින ලෙනින්ගේ සොහොයුරාට තම මියගිය සොයුරාගේ සිරුර පෙන්වූ අතර ඔහුද පැවසූයේ ලෙනින් මිය ගිය දිනයේ හා අද අතර වෙනසක් නැති බවයි.


    1926 දී ලෙනින්ගේ සමාධිය සදහා ස්ථිර ගොඩනැගිල්ලක් තැනීමට යෝජනාවූවත් අවසානයේ එම යෝජනාව වෙනුවට දැනුදු පවත්නා දැව ගොඩනැගිල්ල වෙනුවට එය ගලින් නිමවීමට තීරණය විය. 1929 ජූලි මාසයේදි එම නව ගොඩනැගිල්ල තැනීම ඇරඹුන අතර එය නිමවීමට මාස 16 ක් ගතවූ අතර එය යුක්රේනියන් රතු-කළු පාශානයෙන් තැනුනි.

    lenins-mausoleum.2338.large_slideshow_zpsfzaxi7iz.jpg


    එහෙත් කවුරුවත් නොසිතූ ලෙස දෙවන ලෝක යුද්ධය පටන්ගත් අතර මෙම ලෙනින්ගේ දේහය තිබූ ගොඩනැගිල්ල බෝම්බ වලට ඔරොත්තුදෙන ලෙස සෑදු එකක් නොවන නිසා ජර්මානු ගුවන් යානාවලට මෙම ගොඩනැගිල්ල ඉලක්කවේද යන බිය මතුවිය. ඒ නිසා රහසිගතවම ලෙනින්ගේ සිරුර මධ්‍යම රුසියාවේ සයිබීරියා කලාපයේ තිබූ ගබඩාවක් වෙත යවන ලදි. එයට දී තිබූ රහස් කේතය වූයේ "Object No. 1" වේ. යුද්ධය අවසන් වූ පසු 1945 මාර්තු මාසයේදී නැවතත් ලෙනින්ගේ සිරුර සුපුරුදු ස්ථානය වෙත රැගෙන එන ලදි.


    ලෙනින්ගේ වැන්දඹු බිරිය (Nadezhda Krupskaya) නිරතුරුවම තම ස්වාමියාගේ සිරුර භූමදානය කරන ලෙස ඉල්ලා සිටි අතර වසරකට වරක්වත් ඇය ලෙනින්ගේ සිරුර දැකබලා ගැනීමට පැමින ඇති අතර ඒ සෑම විටකම ඇය බලවත් කම්පාවකට ලක්වී සිටි බව පැවසේ. 1938 දී ඇය අවසන් වරට ලෙනින්ගේ සිරුර බැලීමට පැමින ඇති අතර 1939 පෙබරවාරියේදී ඇයද මෙලොවින් සමුගෙන ඇත.



    මෙම කල්තබාගැනීමේ ක්‍රියාවලිය සදහා එවකට ඇමරිකානු ඩොලර් 7,500 ක මුදලක් වැයවී ඇති අතර සිරුර අඩුමකරමින් දශක තුනක් හෝ හතරක් තබා ගත හැකියැයි විශ්වාස කරන ලදි. වැදගත්ම සාධකය වූයේ උශ්නත්වයයි. එය සිරුර කල්පැවැත්මට උචිත ආකාරයෙන් ඒකාකරව පවත්වාගතයුතුවූ අතර මෙය 16° C (61° F) අගයක පවත්වා ගත යුතුවිය. එසේම ආර්ද්‍රතාවය 80% - 90% අතර පවත්වාගතයුතුවිය. මේ තත්වයන් පවත්වා ගත යුතු නිසාම වීදුරු ආවරණයකින් යුතු පෙට්ටියක සිරුර තබන ලදි.

    tomb1_zpstcmmehyw.jpg



    දිලීර නිසා සමේ ඇතිවන වර්ණය වෙනස්වීම වලක්වා ගැනීමට සතියකට වරක් මෘදු සේදුම් ද්‍රව්‍යකින් සේදිය යුතුවූ අතර, සෑම සතියකට වරක් රුසියාවේම නිපදවූ විශේෂ උපකරණ මගින් සමේ තෙතමනය, වර්ණය සහ බාහිර ස්වරූපය මනිනු ලැබේ.


    සෑම මාස 18 කට වරක් glycerol සහ potassium තුල දින 30 ක් බහා තිබිය යුතුවිය. එසේම සෑම සතියකට වරක් රුසියාවේම නිපදවූ විශේෂ උපකරණ මගින් සමේ තෙතමනය, වර්ණය සහ බාහිර ස්වරූපය මනිනු ලැබේ. මෙම රසායනිකයන්ට අමතර potassium acetate, alcohol, distilled water සහ විශබීජ නාශක ලෙස quinine හෝ carbolic acid යනාදිය සහ තවත් නොයෙකුත් රසායනික සහ ප්‍රමවේදයන් යොදාගනුලබන බව පවසයි (සමහර රසායනීකයන් සහ ක්‍රමවේදයන් තවමත් රහසක්ලෙස පවත්වා ගන්නා අතර යම් යම් කරුනු පමනත් සෝවියට් දේශය බිදවැටුන පසු හෙලිවූ කරුණු වේ). මෙම කාලසීමාවේදී ලෙනින් සමාධිය (mausoleum) වසා තබනු ලැබේ. එසේම මේ කාලයේ ලෙනින්ගේ සිරුරට අන්දවා තිබෙන ඇදුම් පැලදුම් ප්‍රවේශමෙන් සෝදා මදිනු ලබන අතර සෑම වසර 3 කට වරක් අළුත් ඇදුම් සිරුරට අන්දනු ලැබේ.
    (මෙම පහතින් දැක්වෙන්නේ එම ක්‍රියාදාමය පිළිබද පින්තූර වේ).

    charonboat_dot_com_lenin_9_zpsgotvo1g8.jpg


    charonboat_dot_com_lenin_10_zps3aw3ulc8.jpg


    1d_zpsfaajjfxv.jpg


    1e_zpsmodcgzto.jpg


    1f_zpseefipl8q.jpg


    1b_zps3jigbx7w.jpg


    1a_zpsrpxb5dkp.jpg


    2007 නොවැම්බර් මස වියෝවූ Ilya B. Zbarsky 1934 සිට 1952 දක්වා ලෙනින්ගේ සිරුරට අවශ්‍ය ක්‍රියාකරකම් සම්බන්ධව සිටි අයෙක්. එසේහ ඔහුගේ පියාවනBoris Zbarskyලෙනින්ගේ සිරුර 1924 දී සංරක්‍ෂන කටයුතුවලටද සම්බන්දවුවෙක්. එසේම ඔහු මේ පිළිබදව පොතක්ද ලියා ඇති අතර එහි නමLenin's Embalmersවේ.
    book_zpsfx5r2jfn.jpg


    මේ Zbarsky මෙම ලෙනින්ගේ සිරුර සංරක්‍ෂන කටයුතු පිළිබද කියන ආකාරයයි.
    “මෙම කල්තබාගැනී‍මේදී මූලිකවම ගැවළුවක් වූයේ ලෙනින්ගේ මුහුනේ සහ අත්වල කළුපාට කුඩා ලප මතුවීමයි. මූලික අවස්ථාවෙදීම දේහයේ තිබූ රුධිරයළ දේහ තරල සහ අභ්‍යන්තර අවයව ඉවත් කරන ලදි. ඔහුගේ ඇහිබැම, රැවුල සහ කොණ්ඩයද එලෙසම තිබෙන්නට හැරිය අතර රහස් අවයවද ඉවත් නොකරන ලදි.ලෙනින්ගේ හදවතට සිදුවූයේ කුමක්දැයි කිසිවකු නොදනී. එහෙත් ඔහුගේ මොලය නම් අනෙක් අයට වඩා වෙනස් බව බොහෝ විචාරකයෝ සිතති. ඒ නිසාම මොලය වැඩිදුර පරීක්‍ෂන සදහා ජර්මනියේ නම් දරාපු විද්‍යඥයකුවෙත යොමුකරේ මොනව හරි ‍විශේෂ දෙයක් මේකේ ඇතැයි සිතාය. නමුත් මොනවත් අමුතු දෙයක් නම් එයින් සොයාගන්නට නොලැබුනි.කොහොමවුනත් මේ මොලය රුසියාවේ මොස්කව් වල තියෙන ආයතනයක තවමත් සුරක්‍ෂිතව ඇතිබව නම් කියන්න පුළුවන්. හැබැයි ඒක බලන්න නම් ලේසි නැහැ. ඒ ව‍ගේම ඒක සෑහෙන්න විච්ඡේදනය කරල තමයි තියෙන්නේ.
    මුලින්ම ලෙනින්ගේ සිරුර කල් තබා ගන්න හොදම ක්‍රමය විදියට කල්පනා කරේ අධිශිතකරණයක තැබීමයි. ඒ සදහා අවශ්‍ය අධිශිතකරණ ජර්මනියෙන් ඇනවුම් කරන ලදි. ඒත් මෙම උපකරණ තැනීමට මාසයක්වත් ගතවේ යයි අදාල ආයතන දන්වන ලදි. ඒ එක්කම ශීත ඍතුව අවසන් වී වසන්ත ඍතුවද පැමිනෙන්නට විය. ලෙනින්ගේ සිරුර ක්‍රමයෙන් නරක් වන්නටද විය. ඔහුගේ මුහුණ සහ අත් අදුරු පැහැ ගන්නටත්, සිරුර රැලි වැටෙන්නටත්, තොල් ඉරි තැලෙන්නටත් පටන් ගත්තේය.
    දැන් මෙම අධිශිතකරණයක තැබීමේ යෝජනාව ඉවතට දැමූ අතර අත්හදාබැලීමක් ලෙස හෝ රසායණික සංයුතීන් යොදා embalm කිරීමේ ආකාරයකටවත් යන්නට නැඹුරුවිය. සාමාන්‍යයෙන් දින කිහිපයක් දේහයක් මිහිදන් කිරීමට embalm කිරීම් සිදුකර තිබුනත් දීර්ඝ කාලයක් කල්පවතින ලෙද embalm කිරීම සහ දේහය ජීවමාන කාලයේ ලෙසම පවත්වාගන්නේ කෙසේදැයි කාහටවත් අදහසක් නොවීය. මේ කටයුත්තේ නායක්තවය ලැබුනේ යුක්රේනයේ ව්‍යවච්ඡේද විද්‍යාව පිළිබද මහාචාර්යවරයෙකුවනVladimirVorobiovහටයි.”
    lenins-mausoleum.2337.large_slideshow_zps3okblo13.jpg


    අදාල embalm කටයුතු කල කාර්යය මණ්ඩලය

    මේ සමය ස්ටාල්න්ගේ පාලන කාලයේ ආරම්භය නිසා කිසිදු දෙයක වැරදීමක් සිදුවිය ‍නොහැකිවිය. වැරදුනොත් සිදුවනදේ ගැන සිතීමටත් මේ කටයුත්තේ යෙදුන සිය‍ලලෝම බියවිය. “මේක මීට පෙර නොකරපු කර්තව්‍යයක්. හැබැයි මේක වැරදුනොත් නම් වෙන්නේ මහා භයානක දෙයක්”("This was an unprecedented task," Zbarsky said. "It would have been dangerousto fail.")


    එහෙත් VladimirVorobiov ගේ පරීක්‍ෂන සාර්ථකවිය.
    lenins-mausoleum.2342.large_slideshow_zpstrqduora.jpg


    කෙසේ නමුදු 1952 දී Zbarsky සහ ඔහුගේ පියා කිසිදු පෙර දැනුම් දීමකින් තොරව අත්අඩංගුවට පත්විය. ඒ ඔවුන් ජර්මන් ඔත්තුකරුවන් ලෙස චෝදනා කරමින්. Boris Zbarsky සිරගත කෙරුන අතර Ilya ව නිවාස අඩස්සියට පත් කෙරුනි.


    නමුත් භීෂනය නිමා කරමින් 1953 දී ස්ටාලින් මියගිය අතර ස්ටාලින්ගේ දේහය කල්කබා ගැනීහට ඇවසි කටයුතුවල නියමුවා ලෙස Boris Zbarsky පත් කෙරුනි.
    Ilya B. Zbarsky පසු කාලිනවanti-Stalinismහෙවත් ස්ටාලින් විරෝධියෙක් බවට පත්වූ අතර ඔහු කියන්නේ මෙලෙසයි"Don't sleep in a mausoleum that doesn't belongto you."
    Ilya%20Zbarsky_zpspcutmm2e.jpg
    Ilya B. Zbarsky


    එතරම් ප්‍රචලිත නැතිවුවත් මේ පිළිබද මාවෝ සේතුං ගේ පෞද්ගලික භෞත චිකිත්සකයා සහ මාවෝ ගේ සිරුර කල්තබා ගැනීමේ කමිටුවේ උප සභාපතිද වූ Li Zhusui මතයට අනුව ලෙනින්ගේ සිරුර හැකිලීමට හා වියලීමට ලක්වෙන බව පැවසෙන අතර පසුකාලීනව නාසය සහ කන් නරක්වීම හේතුවෙන් ඒවා වෙනුවට ඉටිවලින් තනන ලද කෘත්‍රිම නාසයක් හා කන් සවිකර ඇතිබව කියයි. එසේම රැවුලද ගැලවී වැටුන බව කියන අතර එයද කෘත්‍රිම නිර්මණයක් බව පැවසේ. කෙසේ වෙතත් දේහය ඇති ස්ථානයට සපයා ඇති ආලෝක තත්වය අනුව එය විමසිල්ලෙන් බැලීමකින් මිස එක එල්ලේ දැකිය නොහැකිබවද පැවසේ.


    එසේම යම්අයෙකුට ගැටළුවක් මතුවන්නට පුළුවන් මෙය පුරාණ මිසරයේ පිරිමීඩ තුල තැන්පත් කර ඇති මමිකරණය හා මෙම ලෙනින්ගේ සිරුර කල්තබා ගැනීමට සිදුකල ක්‍රියාකාරකම් අතර සම්බන්ධකමක් ඇත්ද යනවග. නමුත් පිළිතුර වන්නේ නැහැ යන්නයි. මිසරයේ භාවිතා කල ක්‍රමවේදයේදී මෘතදේහය මාංශපේශි වියලීමකට ලක්වේ. එය මෙවැනි වකවානුවකට නොගැලපේ.


    එසේම විද්‍යාගාරවල සතුන් කල්තබාගන්නවා මෙන් Formaldehydesහෝවෙනත් රසායණික තුල බහා තැබීමටද නොහැක. එවිට සිරුරේ වර්ණයද වෙනස් වන අතර එය ලෙනින් වැනි යුග පුරුශයෙකු ටැංකියක් තුල පිහිනමින් සිටින්නාක්වැනි දෙයක්වීමද බොහෝදෙනා කම්පනයට ලක්කිරීමටවුවද හේතුවිය හැකිය.

    එසේම සතුන් කල් තබා ගන්නා තව ක්‍රමයක් වන පිරවුම් ක්‍රමයක් (අපේ මිය ගිය රාජා හස්තියා දැන් තබා සිටින සේ). එහිදී ඇත්තවශයෙන්ම සිරුරක් කල් තබාගන්නවා යන්නක් සිදුනොවන අතර සම ආරක්‍ෂාකිරීමක් වැන්නක් සිදුවන අතර එය ලොම් සහිත සතුන්ට වඩාත් සුදුසුවූවත් එය ලෙනින් වැන්නෙකුට කෙරෙන අගෞරවයක්ද විය හැක.



    Plasterization or Paraffin infusionයන ක්‍රම මෙම අවධියේ සොයා ගෙන නොතිබූ අතර එය සිදු කිරීමට සිරුර ‍හොද තත්වයක තිබිය යුතු බවද පවසයි. එහිදී සිරුරේ ඇති ජලය ඉවත්කොට ඒ වෙනුවට ප්ලාස්ටික් හෝ ඉටි ශරීරය තුලට යවන බව පැවසේ. මෙය ආර්ජෙන්ටිනාවේ ජනපති බිරිදක් වූ EvaPeronගේ සිරුර කල් තබා ගැනීමට භාවිතාකල බවටද මතයක් පවතී. ඒ පිළිබදව පසුව අපි කතා කරමු.




    ලෙනින්ගේ සිරුර වරකට කුඩා කණ්ඩායමකට විනාඩි පහක් පමණක් බැලීමේ අවස්තාව ලැබෙන බව පැවසෙන අතරම ඉතා දැඩි ආරක්‍ෂකරැකවල් සහ ඔවුන්ගේ විමසිලිමත්බව අමුත්තන්කෙරේ දක්වන බවද පවසයි. අන්තර්ජාලයේ තොරතුරු අනුව සතියේ සදුදා හා සිකුරාදා හැර අනෙක් දිනවල උදේ 10.00 සිට සවස 1.00 දක්වා ලෙනින්ගේ සිරුර බැලීමේ අවස්ථාව ලැබෙන බවත් ඒ සදහා මුදල් අයනොකරන බවද සදහන් කර ඇත.

    lenin-body-moscow_zpsre5wmvor.jpg


    කෙසේවෙතත් සෝවියට් යුගයේ අවසාන අවධියේ සහ සෝවියට් දේශය බිදවැටුන මුල් කාලයේ ලෙනින්ගේ දේහය මිහිදන් කරන බවට එරට පාලන අධිකාරිය ප්‍රකාශ කලද, එ‍රට බලයේ නොසිටියත් කොමියුනිස්ට් පාක්‍ෂිකයන්ගේ ප්‍රබලත්වය නිසා එයට නැගුන විරෝධය හේතුවෙන් එම ප්‍රයත්නය යට ගියේය. නමුත් ඒ වන තෙක් ලෙනින්ට දී තිබූ පැය 24 හමුදා උත්තමාචාරය නම් ඉවත් කල බව ඒ අවධියේ විදෙස් පුවත් වල දැක්වින. මෙම කරුනේ දේශපාලනික පසුබිම කෙසේ වෙතත් වර්තමානයේද රුසියාවේ සංචාරකයන් ඇද බැද තබා එක් ස්ථානයක් වන්නේ ලෙනින් සමාධියයි.




    ඉස්සුවෙ මෙතනින් http://sathsamudura.blogspot.com/
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    එල... වටිනා ලිපියක්... අද රේප් දෙන්න බැලු ..හෙට දෙන්නං ....​
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    hii හා බං..:):)

    ඔන්න දුන්න.... daily කෝට එක ඉවරයි කියල අවා උදේ ඉදං .....

    මේක් හදපු එකා මැතිනිගේ කාලේ එකෙක්ද කොහෙද.....:rolleyes::rolleyes:
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ඔන්න දුන්න.... daily කෝට එක ඉවරයි කියල අවා උදේ ඉදං .....

    මේක් හදපු එකා මැතිනිගේ කාලේ එකෙක්ද කොහෙද.....:rolleyes::rolleyes:

    උබව බෑන් කරයි.. hii hii
    එළ thanks මචං