ලෙනොවෝ_සමාගම_මෝටරෝලා_මිලදී_ගනී

kudalla

Member
Oct 31, 2006
810
23
0
ලෙනොවෝ_සමාගම_මෝටරෝලා_මිලදී_ගනී

පරිඝනක නිෂ්පාදනයේ දැවැන්තයකු වන චීන ලෙනෝවෝ සමාගම විසින් මෝටරෝලා මොබිලිටි සමාගම මිලදී ගෙන ඇතැයි වාර්තා වේ.

ඒ සඳහා ලෙනොවෝ විසින් මෝටරෝලාහි හිමිකරුවන්වූ ගූගල් සමාගමට ඩොලර් බිලියන 2.9ක් ගෙවා ඇති අතර ඒ සමග ලෙනෝවෝ විශාලතම ස්මාට්ෆෝන් නිෂ්පාදකයින් අතරින් 3වන තැන දක්වා ඉහළ නැග තිබේ.

මෙතෙක් කල් ලෝකයේ තෙවන විශාලතම ස්මාට්ෆෝන් නිෂ්පාදකයාවූ චීන ෂියා ඕමි හෙවත් මි සමාගම සිව්වන ස්ථානයට පත්ව ඇත.

ලෙනෝවෝ ප‍්‍රධාන විධායක නිලධාරී යෑන් යුආන්ක්වින් පවසා ඇත්තේ තෙවන ස්ථානයට ශක්තිමත් තරගකරුවකු පත්වීම මගින් වෙළඳපොළට තේරීම, තරගය හා නව්‍යකරණය හිමිවනු ඇති බවයි.

මෝටරෝලා මිලදී ගැනීම ලෝකයේ අංක 1 පරිඝනක නිෂ්පාදකයා වූ ලෙනෝවෝ සමාගම ස්මාට්ෆෝන් හා වයර් රහිත උපකරණ නිෂ්පාදනයේ ඉහළට ගෙන ඒම සඳහා දියත් කර ඇති වැඩපිළිවෙළේ අංගයක් බව විචාරක අදහසයි.

මෙම ගණුදෙනුව මගින් චීන සමාගම ගෝලීය තරගකරුවකු බවට පත්වන බවත් පරිණත වෙළඳපොළවල් කරා ළගාවීමට කෙටි මාර්ගයක් හිමිවන බවත් යුආන්ක්වින් පවසා තිබේ.

මොටරෝලා මොබිලිටි සමාගමේ සභාපතිවරයාවූ රික් ඔස්ටරෝට සිය ධුරයේ දිගටම ක‍්‍රියාත්මක වීමට හැකිවනු ඇති අතර එහි පරිපාලනය සහ 3500ක සේවක මණ්ඩලය ලෙනෝවෝ සමූහයට හිමිවනු ඇත.

එම සමාගම චිකාගෝ නුවර සිය මූලස්ථානය බවට පත්කරගනු ඇතැයිද පැවසේ.

Source : lankacnews
 
Last edited: