ලෝකයේ සුප්‍රකටම කෞතුකාගාර

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home

    ලූවර් කෞතුකාගාරය

    01-48.jpg


    ලෝකයේ ඇති ජනප්‍රියම සහ සම්භාවනීයම කෞතුකාගාරය විදිහට අවිවාදයෙන්ම පිළිගැනෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවර පිහිටා ඇති ලූවර් කෞතුකාගාරයයි. එම කෞතුකාගාරය නැරඹීමට යන කෙනෙක්ට මධ්‍යතන යුගයේ පටන් මෑත කාලය දක්වාම යුරෝපයේ විශිෂ්ට කලා කෘති වල එකතුවක් නරඹන්නට පුළුවන්. මීට අමතරව ලොව පුරා පැරණි ශිෂ්ටාචාරවල කෞතුක වස්තූන් වලිනුත් ලූවර් පොහොසත්. ආරම්භයේදී රාජ මාළිගයක් වුණු ලූවර් මාළිගය ප්‍රංශ විප්ලවයෙන් පසුව කෞතුකාගාරයක් බවට පරිවර්තනය වුණා. සුප්‍රකට වීනස් ප්‍රතිමාව සහ මොනාලිසා චිත්‍රය මේ කෞතුකාගාරයේ ඇති වැඩිම ආකර්ෂණයක් ලබාගන්නා කලා නිර්මාණයක් යුග්මයක්.



    නිව්යෝර්ක්හි මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය

    02-47.jpg


    මෙම කෞතුකාගාරය සැළකෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය තුළ පිහිටා ඇති විශාලතම කලා කෞතුකාගාරය ලෙසයි. මෙහි ප්‍රදර්ශනය වන ඇතැම් කලා නිර්මාණ අවුරුදු පන්දහසක් දක්වා ඉතිහාසයකට උරුමකම් කියනවා. 1870 දී ආරම්භ වුණු මෙම කෞතුකාගාරය විවිධ ක්‍රමෝපායන් අනුගමනය කරමින් තමන් සතු නිර්මාණ ප්‍රමාණය වැඩි කර ගත්තා. ඒ නිසා පුරාණ ඊජිප්තු කලා නිර්මාණ එකතුව සහ යුරෝපීය චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර එකතුව ඉහළ මට්ටමක පවතිනවා.



    බ්‍රිතාන්‍ය කෞතුකාගාරය

    03-47.jpg


    මේ කෞතුකාගාරය පිළිබඳව මීට පෙර ලිපියකිනුත් අපි කතා කළ බව ඔබට මතක ඇති. 1753 වර්ෂයේ දී මෙහි ඉදිකිරීම් ආරම්භ වන අතර එය නිම වූයේ 1759දීයි. ලොව ඉදිවූ ප්‍රථම ස්වභාවික කෞතුකාගාරය ලෙස සැළකෙන මෙම කෞතුකාගාරය සඳහා කලා නිර්මාණ අත්පත් කරගත් ආකාරය පිළිබඳව අදටත් විවිධ වාද විවාද පවතිනවා. කෙසේ නමුත් ඇතැම් පාර්ශ්ව නම් පවසන්නේ ඇතැම්විට මානව වර්ගයාට අහිමිවන්නට තිබූ කලා නිර්මාණ රැක ගැනීමට කටයුතු කිරීම පිළිබඳව බ්‍රිතාන්‍යයට ස්තූතිවන්ත විය යුතු බවයි.



    උෆිසි කලාගාරය

    04-47.jpg


    ඉතාලියේ පිහිටා ඇති මෙම මහා කලාගාරය ඉදිවීමට 1560 සිට 1580 දක්වා වසර විස්සක් පමණ ගතවූ බව කියවෙනවා. මධ්‍යතන යුගයේ සහ පුනර්ජීවන යුගයේ විවිධ කලාකරුවන් අතින් නිර්මාණය වුණු කලා කෘති රැසක් මෙම කලාගාරය තුළ කලා රසිකයන්ට දැකබලා ගැනීමට අවස්ථාව ලැබෙනවා. එසේම ඉතාලියේ සුප්‍රකට රදළ පවුලක් වූ මෙඩිසි පවුලේ කලාකෘති එකතුවෙන් බොහොමයක් මෙම කලාගාරයේ අයිතියට නතුව තිබෙනවා.



    හර්මිටේජ් කෞතුකාගාරය

    05-47.jpg


    ලෝකයේ විශාලත්වයෙන් දෙවැනි තැන හිමිකර ගන්නා කලා කෞතුකාගාරය වන හර්මිටේජ් කලා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා මූලිකත්වය ගෙන තිබෙන්නේ මහා කැතරින් අධිරාජිනියයි. ආරම්භයේ දී පෞද්ගලික කෞතුකාගාරයක් ලෙස පැවතුණු මෙය රුසියානු රාජවංශයේ ඇද වැටීමෙන් පසුව මහජන කෞතුකාගාරයක් බවට පත්වුණා. අද වන විට මිලියන තුනකට අධික කලා කෘති රැසකට සෙවණ දෙන මෙම කෞතුකාගාරය එරට ඓතිහාසික ගොඩනැගිලි හයක් පුරා විහිදී යන අතිදැවැන්ත සංකීර්ණයක් බවට පත්ව තිබෙනවා.



    06-45.jpg


    ස්මිත්සෝනියන් ආයතනය සැළකෙන්නේ ලෝකයේ ඇති අති දැවැන්තම පරිපූර්ණ කෞතුකාගාරය ලෙසයි. ඇතැම් වාර්තා වලට අනුව වසර කීපයක් කෞතුකාගාරයේ ගතකරමින් වුවත් ඔබට නැරඹීමට හැකි වන්නේ එහි ඇති කලා එකතුවෙන් සීයට 10ක පමණ ප්‍රමාණයක් පමණයි. මෙම ආයතනයට අධ්‍යාපනික සහ පර්යේෂණ අංශයක්, විවිධ කෞතුකාගාර 19ක් සහ ජාතික සත්වෝද්‍යානයක් ඇතුළත්වනවා.මෙම කෞතුකාගාරයේ ආරම්භය පිළිබඳව රසවත් කතාවක් පවතිනවා. ඒ පිළිබඳව අපි ඉදිරි ලිපියකින් ඔබට තොරතුරු ලබාදීමට බලාපොරොත්තු වෙනවා.



    වතිකානු කෞතුකාගාරය

    07-45.jpg


    ලෝකයේ ඇති කුඩාම රාජ්‍යය වන වතිකනයට යන සංචාරයක් එහි ඇති සුවිශේෂී කෞතුකාගාරය නැරඹීමට යෑමෙන් තොරව සම්පූර්ණ වන්නේ නැහැ. සියවස් ගණනාවක් පුරා ශුද්ධෝත්තම පියතුමන්ලා සහ කතෝලික පල්ලිය විසින් එක්රැස් කළ කලා නිර්මාණ සහ කෞතුක වස්තු ගණනාවක් නැරඹීමට ඔබට එහිදී පුළුවන්.
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,813
    769
    113
    හොඳ ලිපියක්. බොහොම ස්තූතියි. හැබයි ගොඩක් වෙලාවට ඔය කෞතුකාගාර වල තියන දේවල් වෙන රටවල් වලින් හොරකම් කරපු දේවල් තමයි