ලේසර් අවි.....

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඇමරිකාව ලේසර් අවි භාවිතය අරඹයි.. පර්සියානු බොක්කේ ස්ථානගත කෙරේ..

    ponce_laws.jpg




    ඇමරිකාව ලේසර් අවි භාවිතය අරඹයි.. පර්සියානු බොක්කේ ස්ථානගත කෙරේ..
    ඇමරිකාව විසින් පර්යේෂණ තත්වයේ පවතින ලේසර් අවියක් භාවිතා කිරීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

    මෙම ලේසර් අවි පද්ධතිය පර්සියානු බොක්ක ප‍්‍රදේශයේ රඳවා ඇති යූ.එස්.එස් පොන්ස් නෞකාව තුළ ස්ථාපිත කර ඇති බව පෙන්ටගනයේ නාවික පර්යේෂණ කාර්යාලය විසින් නිවේදනය කර තිබේ.

    මෙම අවිය අධි වේගී බෝට්ටුවක්, මිනිසුන් රහිත ඩ්‍රෝන යානයක් වැනි ඉලක්ක සඳහා අත්හදා බලා ඇති බවද පැවසේ.

    ලේසර් අවියෙන් පහරදී කුඩා ස්කෑන් ඊගල් ඩ්‍රෝන යානයක් අකර්මණ්‍ය කිරීම, රොකට් අවියක් පුපුරුවා හරින සහ අධිවේගී බෝට්ටුවක එන්ජිම පුළුස්සා දමන වීඩියෝවක් පෙන්ටනය විසින් ප‍්‍රසිද්ධියට පත්කර ඇත.

    නෞකාව මුහුණදෙන උපද්‍රවයකදී පර්යේෂණාත්මක අවිය භාවිතා කිරීම සඳහා පෙන්ටගනයේ පූර්ණ අනුමැතිය පොන්ස් නෞකාවේ නායකත්වයට ලබාදී ඇතැයිද වාර්තා වේ.

    එය ඩ්‍රෝන යානා, සෙමෙන් ගමන් කරන හෙලිකොප්ටර සහ අධිවේගී පෙට‍්‍රල් බෝට්ටු මැඩපැවැත්වීමට භාවිතා කරනු ඇති බවත් මිනිසුන් ඉලක්ක නොකරනු ඇති බවත් නාවික පර්යේෂණ කාර්යාලයේ රියර් අද්මිරාල් මැතිව් ක්ලන්ඩර් පවසා තිබේ.

    ජිනීවා සම්මුතීන් මත ලේසර් අවිය මිනිසුන් ඉලක්ක කර භාවිතා නොකිරීමට තීරණය කළ බව ඔහු සඳහන් කර ඇත.

    පොන්ස් නෞකාව මත මෙය වසරක කාලයක් පුරා සක‍්‍රිය කර තැබෙනු ඇති අතර වෙනත් නෞකාවන් තුළ එය සවි කිරීමට ඇති ඉඩකඩ පිළිබඳවද අවධානය යොමුවනු ඇතැයි පැවසේ.


    December 13, 2014 at 12:28 pm | lanka C news
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,193
    113
    Gotland
    ලේසර් පොන්ස්

    අමරිකන් සොන්නලු මේකේ තේරුම දන්නේ නැතුව ඇති