ලේසර් වලින් කාලගුණය පාලනය කරන්න යයි.
එන මාසයේදී, ලෝකය පුරා ඉන්න කාලගුණය පිළිබද විශේෂඥයෝ ලෝක කාලගුණ සංවිධාන ගොඩනැගිල්ලට එක් රැස් වෙන්නට නියමිතයි. මොකටද, ලේසර් කිරණ වලින් වායූගෝලයේ වෙනස් කම් ඇති කරලා, කාළගුණ තමන්ට ඕනෑ ආකාරයට හසුරැවා ගැනීමේ තාක්ෂණය ගැන සාකච්ඡා කරන්න.
ඔවුන් පර්යේෂණාගාර ඇතුලේ පමණක් මෙතෙක් කළ පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියනවා, ලේසර් කිරණ මගින් අයිස් හදන්නත්, ජලය වාශ්ප කර වළාකුළු නිර්මාණය කරන්නත් පුළුවන් බව. දැන් ඔවුන් හදන්නේ, පළමුවන වාරයට, සැබෑ ලෝකයේදී මේ පර්යේෂණය කරන්නයි. කෙටි ලේසර් තරංග ස්පන්ධයන් අහසට විදීමෙනුයි ඔවුන් මෙය කරන්න යන්නේ. ඒ වගේම මෙම ලේසර් ස්පන්ධනයන්ගෙන් විදුලි කෙටීම් ජනනය කරලා, ඒවා වායුගෝලය තුළින් ගමන් කරවන්නත් පුළුවන් බව ඔවුන් තහවුරැ කරගෙන තිබෙනවා. අවශ්‍ය වෙලාවලදී වැසි වස්සන්නත්, අනවශ්‍ය වෙලාවලදී වැසි වලක්වන්නත්, වැහි කුණාටු වලදී විදුලි කෙටීම් විදුලි බලාගාර සහ ගුවන් තොටුපලවල් වැනි ස්ථාන වලින් මගහරවා යවන්නටත් මෙම තාක්ෂණයෙන් පුළුවන් බව වාර්ථා වෙනවා.
ඒත් ප්‍රශ්ණය තමා, මෙවැනි තාක්ෂණයක් ආණ්ඩු අතට ගියොත් ඔවුන් එයින් අනවශ්‍ය ප්‍රයෝජන ගනීද කියන එක.