(ලේසර්) Laser Headlights

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    How does Laser (ලේසර්) Headlights work?

    පහුගිය දශක 2 තුල මෝටර් රථ තාක්ෂණය ඉතා දියුණුවට පත් වෙන අතරම ඊට සමගාමීව රථවාහන වල අලෝක කරණයත් ක්‍රමක්‍රමයෙන් දියුණු උනා. මෝටර් රථයේ ඉතිහාසය ලිපියෙ ඔබට මතක ඇති මුල් යුගයේ රථවාහන වල ලාම්පු තිබුන නැති නිසා සමහර රට වල මාර්ගයේ ගමන් කරන පදිකයන් විසින් රතු කොඩියක් ගෙනයාම සහ නලාවක් හැඬවීම නීතියක් වී තිබුනා. පසුගිය යුගයේ හැලජන් (Halogen), සෙනොන් (Xenon), එල්.ඊ.ඩී (LED) ලෙස දියුණු වූ රථවාහන ප්‍රධාන ලාම්පු මේ වන විට ලේසර් (Leser) තාක්ෂණය යොදා ගැනීමට සමත්ව තිබෙනවා. මේ හැම ක්‍රමයකම වැදගත්ම දේ වුනේ කලින් තාක්ෂණයට වඩා අඩු විද්‍යුත් ශක්තියක් යොදවා පෙරට වඩා වැඩි අලෝකයක් නිපදවීමයි.

    Laser-light-comparison.jpg


    Audi සහBMW යන නිෂ්පාදකයන් ලේසර් තාක්ෂණය ගැන ඉදිරියෙන්ම සිටි අතර මෙම තාක්ෂණය පලමු වරට වාණිජ මට්ටමින් ඉදිරි පත් කලේ BMW ආයතනයයි ඒ අපි මින් පෙර කතා කල BMW i8 රථය වෙලඳ පොලට නිකුත් කිරීමත් සමගයි. මෙම ලේසර් ආලෝකය දැනට ජනප්‍රිය LED ප්‍රධාන ලාම්පු වලට 30% ක වැඩි තීව්‍රතාවයකින් යුක්තයි. තවද දැනට භාවිතා වෙන headlight එකකට වඩා 10 ගුණයක් මෙය ප්‍රමාණයෙන් කුඩා වෙනවා

    i8-3-300x169.jpg


    ලේසර් ආලෝකය සෘජුවම භාවිතා කිරීමක් මෙහිදී සිදු නොකරන අතර සිදුවන්නෙ ලේසර් ආලෝක කදම්බ 3ක් එකතු කර එය පොස්පරස් යන මූල ද්‍රව්‍ය හා ගැටීමට සැලැස්වීමයි. මෙහිදී පොස්පරස් හා ගැටීම නිසා ලේසර් කදම්බය ඇසට පෙනෙන ඉතා දීප්තිමත් සුදු ආලෝකය බවට පත් වීම සිදුවේ. මෙලෙස නිපදවෙන ආලෝකය පරාවර්ථකයක් (reflector) මගින් ඉදිරියට යාම සිදු කරනවා. මීට අමතරව BMW i8 රථයේ අති Camera-aided digital high beam assistant පද්ධතිය අනුව ඉදිරියෙන් වාහනයක් එන විට ලේසර් ආලෝකය ස්වයංක්‍රීයව අඩුවෙන අතරම හදිසි අනතුරකදී මෙය ක්‍රියා විරහිත වීමත් සිදු වෙනවා.

    2015-bmw-i8-laser-headlights-300x160.jpg


    කවදාවත් අපේ කට්ටිය ඉස්සරහින් එන කෙනාට light dim කරන අය නෙමේ නෙ :P:P:P

    autoguide
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කවදාවත් අපේ කට්ටිය ඉස්සරහින් එන කෙනාට light dim කරන අය නෙමේ නෙ...
     

    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    දැනට භාවිතා වෙන headlight එකකට වඩා 10 ගුණයක් මෙය ප්‍රමාණයෙන් කුඩා වෙනවා

    mekanam patta..
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    කවදාවත් අපේ කට්ටිය ඉස්සරහින් එන කෙනාට light dim කරන අය නෙමේ නෙ