ලේ දන්දෙමු..

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ඔබ දැනසිටියාද?

    • අවුරුද්දකට ශ්‍රී ලංකාවේ රුධිර පාරවිලයනයක් අවශ්‍ය පිරිස ලක්ෂ දෙකකට අධිකයි.
    • දිනකට රුධිරය ලීටර් දාහකට අධික ප්‍රමාණයක් රෝගීන්ට පාරවිලයනය කරනු ලැබේ.
    • සෑම තත්පර 30කටම වරක් ලංකාවේ කොහේ හෝ කෙනෙකුට රුධිර පාරවිලයනයක අවශ්‍යතාවක් ඇතිවේ.
    • ජනතාවගෙන් 30% පමණ කොටසක් ලේ දන්දීමට අවශ්‍ය අවම සුදුසුකම් ඇතත් වාරිශිකව ලේ දන් දෙන්නේ 2%කටත් වඩා අඩු කොටසකි.
    • රෝහලක ඇතුල්වන රෝගීන් හත් දෙනෙකුගෙන් එක් අයෙකුට ලේ දීමට අවශ්‍ය වනු ඇත.
    makelessnoise (Flikr)

    • ලේ පයින්ට් එකක් පාවිච්චියෙන් ජීවිත 3ක් දක්වා බේරා ගත හැක.
    • අවුරුදු 18ට වැඩි 60ට අඩු නිරෝගී වැඩිහිටියෙකුට, හිමෝග්ලොබින්(Haemoglobin) 12 g/dLකට වැඩි නම් සෑම මාස හතරකටම වරක් ලේ පයින්ට් එකක් දක්වා පරිත්‍යාග කල හැක.
      ප්‍රධාන රුධිර වර්ග/ගණ හතරකි. (A, B, AB, O) ඒවා තවදුරටත් positive හෝ negative ලෙස Rh සාධකය (Rh factor) අනූව බෙදේ.
    • රතු රුධිරාණු සඳහා AB යනු සර්වප්‍රතිග්‍රාහකයෙකි; O negative යනු සර්වදායකයෙකි.
    • පළමුව මෙසේ රුධිර වර්ග හතරක් ඇති බව හඳුනා ගන්නා ලද්දේ 1901දී වෛද්‍ය කාර්ල් ලෑන්ඩ්ස්ටයිනර් (Dr. Karl Landsteiner) විසිනි.
    • එක් රුධිර ඒකකයක් එහි සංඝඨක (රතු රුධිරාණු, පට්ටිකා, රුධිර ප්ලාස්මාව, රුධිර ක්‍රයෝප්‍රෙසිපිටේට්) අනූව බෙදා වෙන් කර පාවිච්චිකල හැක.
    • රතු රුධිරාණු ශරීර අවයව හා පටක වෙත ඔක්සිජන් ගෙන යයි. ඒවා රුධිර ස්ංසරණ පද්ධතිය තුල දින 120ක් පමණ ජීවත් වේ.
    • පට්ටිකා ලේ කැටි ගැසීමට උදව් කරයි.
    • රුධිර ප්ලාස්මාව යනු ජලය (90%), ප්‍රොටීන හා ළවණ අඩංගු ලා කහ පැහැති මිශ්‍රණයකි. එය මුලු රුධිර ප්‍රමාණයෙන් 55%ක කොටසකි.
    • නීරෝගී ඇට මිදුලු නොනවත්වා දිගටම රතු රුධිරාණු, ප්ලාස්මාව හා පට්ටිකා සාදයි.
    • සමහරක් සුදු රුධිරාණු වර්ග, රුධිර වාහිනියේ බිත්ති දිගේ ලිස්සා ගොස් බැක්ටීරියාවන් සොයා භක්ෂණය මගින් විනාශ කරයි.
    • ආසාධනයන්ට විරුද්ධව සටන් කිරීමේදී සුදු රුධිරාණු පෙරමුණ ගනී.
      මුදල් ලබා දීමේ පොරොන්දු මත දෙන ලේ කිසිවිටක පාරවිලයනය සඳහා බාරගනු නොලැබේ.
    montuno (Flickr)
    • දැන් අවශ්‍ය ලේ සංඝටකය පමණක් උකහා ගෙන අනික් ලේ නැවත දායකයා වෙතම ලැබෙන ඒපෙරසිස් (Apheresis) නම් වූ විශේෂිත ක්‍රමයක් ඇත.
    • දායක කරන ලද රතු රුධිරාණු සම්මත තත්ව යටතේ දින හතළිස් දෙකක් ගබඩා කොට තබා ගත හැක.
    • රුධිර පට්ටිකා දින පහක් පමණ සම්මත තත්ව යටතේ පවත්වා ගත හැක.
    • අධිශීත කල රුධිර ප්ලාස්මාව වසරක් පමණ පවත්වා ගත හැක.
      සාමාන්‍ය රුධිර පාරවිලයනයක (Blood Transfusion) ප්‍රමාණය පයින්ට් 2-3 අතර වේ.
    • පිළිකා සඳහා ප්‍රතිකාර ලබන ළමයින්, අඩු වයසින් උපන් ළමයින්, හදවත් සැත්කම් වලට ලක්වන ළමයින්ට රුධිරය මෙන්ම පට්ටිකාද ඒ ඒ අදාල රුධිර වර්ගයෙන් අවශ්‍ය වේ.
    • රක්ත හීනතාවයෙන් පෙළෙන රෝගීන්ට රුධිර සෛල ප්‍රමාණය වැඩි කිරීමට රුධිර පාරවිලයනය යොදා ගත හැක.
    • තැලසීමියාව නම් ප්‍රවේණික රෝගය ලංකාවේ පුද්ගලයින් 2000කට පමණ ඇති අතර ඔවුන්ට මාස්පතා රුධිර පාරවිලයනයන් අවශ්‍ය වේ.
    • ලබා ගත් රුධිරය රෝගියෙකුට ලබාදීමට පෙර පරීක්ෂණ ගණනාවක් මගින් එම රුධිරය හානිකර නැති බව තහවුරු කරනු ලැබේ.
    • ලේ දන් දී නැති අයගෙන් 17% පවසන්නේ ඒ ගැන කිසිවිටකත් නොසිතූ බවත්, නොදැන සිටි බවත් ය. 15% ලේ දන් දීමට තමාට විවේකයක් නැති බව පවසයි.
    • ලේ දන් දෙන අය ඊට පෙළබීමට ප්‍රධානතම හේතුව ලෙස දක්වන්නේ, අනුන්ට උදව් කිරීමට ඇති කැමැත්තයි.
    • ලේ බැංකු බොහෝ විට O හා B ලේ වර්ග වල හිඟතාවයෙන් පෙළෙයි.
    • දුර්ලභම ලේ වර්ගය වන්නේ රෝගියෙකුට අව්ශ්‍ය විට බැංකුවේ නැති ලේ වර්ගයයි.
    • මිනිස් රුධිරය සඳහා වෙනත් කිසිදු ආදේශකයක් නොමැත.
    • ලේ දන් දෙන සෑම කෙනෙක්ම අවම වශයෙන් අවුරුද්දකට වාර තුනක් ලේ ලබා දුනහොත් බැංකුවල ලේ හිඟයන් දුර්ලභ සිද්ධි බවට පත් වනු නොඅනුමානයි. (දැනට සාමන්‍යය වාර දෙකයී
    • ලාංකීයයන් තවත් සියයට එකකින් ලේ දන් දෙන ප්‍රමාණය වැඩි කලොත්, ලේ හිඟයන් අතීත බියකරු සිහිනයන් පමණක් වනු ඇත.
      වයස අවුරුදු 18 සිට වයස 60 වනතෙක් සෑම මාස හතරකටම වරක් ලේ දන් දුන්නොත් ඔබ ජීවිත කාලයේදී ගැලුම් 15.75 ලේ පරිත්‍යාග කොට තිබේ.
    Charles Haymond (Wikimedia)
    • රුධිර පරිත්‍යාග ක්‍රියාවලිය සැකෙවින්,
      අතීත වෛද්‍ය තොරතුරු විමර්ෂණය
      කෙටි සිරුර පරීක්ෂාව
      රුධිර දායාදය
      විවේකය හා සුලු ආහාරයක් ගැනීම.
    • ලේ දායක කිරීමට පමණක් ගත වන්නේ විනාඩි 15කටත් අඩු වේලාවකි. ඔබ පැමිණි වේලාවේ සිට ලේ දී පිට වනතුරු පැයක් පමණ ගත වේ.
    • ලේ පරිත්‍යාගයකින් පසුව පිටවූ දියර පැය කීපයක් ඇතුලත රුධිර සංසරණ පද්ධතියට එකතු වේ. රතු රුධිරාණු සති හතරක් ඇතුලත පෙර මට්ටමට පැමිණේ. පරිත්‍යාගයේදී වැය වූ යකඩ නැවත අවශෝෂණයට සති අටක් පමණ ගතවේ.
    • ලේ පරිත්‍යාගයෙන් ඒඩ්ස් හෝ වෙනත් බෝවන රෝග වැළඳීමේ කිසිදු හැකියාවක් නැත.
    • මිනිසෙකුගේ සිරුර තුල සාමාන්‍ය්යෙන් ලේ පයින්ට් 10 ක් පමණ ඇත.
    • සිරුරේ බරින් 7% පමණ ලේ නිසායි.
    • අලුත උපන් දරුවෙකුගේ සිරුර තුල ලේ කෝප්පයක් පමණ සුලු ප්‍රමාණයක් ඇත.
    • ලේ පරිත්‍යාගයෙන් ඔබේ ශරීර ශක්තියට හෝ ජවයට කිසිදු හානියක් නොවේ.
    • ලේ පරිත්‍යාග කිරීමේ කඳවුරක් සංවිධානයට ඕනෑම අයෙකුට හෝ සංවිධානයකට ඍජුවම ජාතික ලේ පාරවිලයන සේවය සමග ස්ම්බන්ධ විය හැක.
    • මෙසේ සමාගම්, පාසැල්, පල්ලි/පන්සල් මගින් සාර්ඨකව සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ කඳවුරු මගින් ජාතික ලේ අවශ්‍යතාවයෙන් අඩකටත් වඩා සපිරේ.
    • ලේ පරිත්‍යාග කරන්නවුන් එය ස්ව කැමැත්තෙන්ම කරනු ලබයි.
    • ඔබත් හැකිනම් ඔබේ ජීවිතයෙන් පැයක් ලේ දන්දීමට ලබා දී තවත් ජීවිත තුනක් බේරා ගන්න!


    ඔබට ලේ පරිත්‍යාග කිරීමට හැකි ක්‍රම -
    1) ලේ ලබා ගැනීමේ පහසුකම් ඇති ජාතික ලේ බැංකුවකට හෝ ඒවායේ ශාඛාවකට ගොස් පරිත්‍යාග කිරීමෙන්
    2) වසර පුරා රට පුරා සංවිධානය කරන ලේ දන් දීමේ කඳවුරු වලට සහභාගී වීමෙන්
    3) Dialog දුරකථනයක් ඇත්නම් Blood සටහන් කොට 7777ට කෙටි පණිවිඩයක් (SMS) යැවීමෙන්

    උපුටාගැනීම අන්තර්ජාලයෙන්
     
    Last edited:

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මන් දෙනෝ ! දැනට 4 පාරයි ! අපේ පංසලේ හැම අවුරුද්දෙම දෙනවා..!
    මචංලා කණක් විද්දොත්, ටැටූ එකක් ගැහුවොත් බෑරුව යයිද
    :confused:
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මන් දෙනෝ ! දැනට 4 පාරයි ! අපේ පංසලේ හැම අවුරුද්දෙම දෙනවා..!
    මචංලා කණක් විද්දොත්, ටැටූ එකක් ගැහුවොත් බෑරුව යයිද
    :confused:

    මාත් තුන් වෙනි පාරට මේ සෙනසුරාද දෙනවා..බැරුව ඇති මචං..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    මන් දෙනෝ ! දැනට 4 පාරයි ! අපේ පංසලේ හැම අවුරුද්දෙම දෙනවා..!
    මචංලා කණක් විද්දොත්, ටැටූ එකක් ගැහුවොත් බෑරුව යයිද
    :confused:

    කණ විදින එක නම් අවුලක් නැති වෙයි මොකද ඔය කෙල්ලෝ දෙන්නේ, ටැටූ නම් බැරි වෙයි නේ :baffled::sorry:

    ub5AegE.jpg

     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එළ බං..

    මං නම් දීලම නෑ.. :no:
    කොහොමත් මගේ ඇඟේ හැටි දැක්කාම මගෙන් ගැනීම කෙසේ වෙතත් මට ලේ ටිකක් දෙයි;)
     

    blue_in_rio

    Well-known member
  • ඇත්තටම ලේ දන් දෙන එක නම් ලොකුම පිනක් මචන්.කරුමෙට අපිට හරිහමන් ඇඟක් නෑනේ.අපි ලේ දන් දුන්නොත්, අපිව ගොඩ ගන්න, එතන් ඉන්න උන් හතර පස් දෙනෙකුට, අපිට ලේ දෙන්න වෙයි. :baffled::baffled:

    බම්ප් කරන්න මචන්
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    එළ බං..

    මං නම් දීලම නෑ.. :no:
    කොහොමත් මගේ ඇඟේ හැටි දැක්කාම මගෙන් ගැනීම කෙසේ වෙතත් මට ලේ ටිකක් දෙයි;)

    බර හරිනම් අවුලක් නැහැ බං..

    දෙවරක් දී අැත.
    නැවත දෙන්නෙමි.

    දැනට 9 වතාවයි . . . .

    Blood group එක මොකද්ද?
    මගේ O+...
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    mamath 5 wathawak dila thiyanawa
    Blood group ??

    ඇත්තටම ලේ දන් දෙන එක නම් ලොකුම පිනක් මචන්.කරුමෙට අපිට හරිහමන් ඇඟක් නෑනේ.අපි ලේ දන් දුන්නොත්, අපිව ගොඩ ගන්න, එතන් ඉන්න උන් හතර පස් දෙනෙකුට, අපිට ලේ දෙන්න වෙයි. :baffled::baffled:

    බම්ප් කරන්න මචන්

    බර හරි නම් අවුලක් නැහැ බං..මගේ යාළුවා ගොඅද්ක් හීනියි..ඌත් මාත් එක්කම දෙපාරක් දුන්න