ලොකයේ බුදු කෙනෙක් පහල වීම දුර්ලබයි

gghoul

Active member
  • Sep 30, 2023
    118
    49
    28
    ධර්මය බහුල කොට දැන සිටියත්, අනුන්ට කියා දුන්නත් තමා පිළිපදින්නේ නැත්නම් ඔහු ගොපල්ලෙක් වගේ කෙනෙක්....

    බුදුරජාණන් වහන්සේ වැඩ විසූ කාලයෙහි සැවැත් නුවර විසූ ජනගහණය කෝටි හතකට වඩා වැඩි බවයි සඳහන් වෙන්නේ. ඒ අතරින් කෝටි පහක්ම තෙරුවන් සරණ ගිය අයයි. ඒ අතර කොතරම් විශාල පිරිසක් නියත මිථ්‍යාදෘෂ්ටියෙන් අතමිදී ඒකාන්තයෙන්ම නිරයට වැටෙන්න තිබූ ගමන වළක්වා ගන්න ඇත්ද? කොපමණ පිරිසක් පවින් වැළකී පින් දහම් කරගන්න ඇත්ද ? කෙතරම් පිරිසක් දුගතියෙන් සදහටම අත මිදි සුගතිය උරුම කරගන්න ඇත්ද? කොතරම් පිරිසක් අගාරික දිවියෙන් සමු ගෙන අනගාරික මගට පිවිස සසර බැමි සිඳලන්න ඇත්ද?

    බුදු බණක් අහල ඵලයක් නොලැබූ කෙනෙක් සිටියා නම් ඒ කුසල මූලයත් සිඳගත් අවාසනාවන්තයෙක්ම පමණයි. දිනපතාම දහම් අසන්න අවශ්‍යතාවය තිබු ඕනෑම කෙනෙකුට ඒ සඳහා භාග්‍ය ලැබුණා. හේතුව බුදුරජාණන් වහන්සේ යනු මෙරමා වෙනුවෙන්ම සැකසුණු දිනචරියාවක් ඇති උතුමෙකු වීම ඒ වගේම ධර්මාවබෝධය ලැබු භික්ෂු භික්ෂුණී පිරිස දිනෙන් දින ඉහළ යාම .

    දවසක් යහළුවන් දෙදෙනෙක් එක සමීපයේම වාඩි වෙලා ධර්ම දේශනාවක් සවන් දෙමින් හිටිය. ඒ දෙදෙනා යහළුවන් වුනත් එක් අයෙක් තරුණයි. අනිත් කෙනා මැදිවියට පත් වු කෙනෙක්, ධර්ම දේශනාව අවසන් වෙන කොට දෙදෙනාගේම සිත බොහෝ වෙනස් වී තිබුණා. ගෘහස්ථ බැඳීම් වලින් නිදහස්ව පැවිදි බව ලැබීමට ආසාව ඇති වී තිබුණ. ප්‍රමාද නොවීම ඒ සඳහා පසුබිම සකසා ගත්ත.

    මේ දෙදෙනාම වසර පහක පමණ කාලයක් එකම තැනක ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා සෙවනෙහි මහණ දම් පුරමින් ධර්මය හදාරන්න පටන් ගත්ත. ඒ කාලෙ ධර්මය හැදැරූ ක්‍රමය උගත්කම පිණිස පමණක් නොවෙයි. අවබෝධය පිණිසමයි. “සුතා” කියන්නෙ හොඳින් ඇසීම, ඒක පළවෙනි පියවර, ධතා කියන්නෙ “ධාරණය කර ගැනීමට. ඒ දෙවැනි පියවර, තුන්වෙනි පියවර ‘වච සහ පරිචිතා’ ඒ කියන්නෙ අසා මතක තබාගත් ධර්මය වචනයෙන් පුරුදු කිරීම ‘මනසානුපෙක්ඛිතා’ කියන්නේ හතර වෙනි පියවර ඒ කියන්නෙ ඒ දහම අර්ථ සහිතව නැවත නැවත මෙනෙහි කිරිම, එවිට අවබෝධය ඇති වන නිසා දෘෂ්ඨිය පිරිසුදු වෙනවා. දිට්ඨියා සුප්පටිවිද්ධා කීවේ එකට. ඒ තමයි පස්වන පියවර .

    මේ ස්වාමින් වහන්සේලා දෙනමක් වසර පහක් පමණ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා සෙවනෙහි මේ විදියට ධර්මය හැදෑරුව. ඒත් දෙදෙනා අතරින් වැඩිහිටි වියට පත් වී මහණ වුන කෙනාට මතක හිටිය ප්‍රමාණය අඩුයි. ඒත් මහණ දම්පිරීමේ හා භාවනා කිරීමේ ලොකු උනන්දුවක් තිබුණ. දවසක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ බුදු සිරිපා වන්දනා කරල මෙහෙම ඇහුව.

    “ස්වාමීනි, මේ සසුනේ ධූර කීයක් තිබෙනවද?

    ”ග්‍රන්ථ ධුරය හා විදර්ශනා ධුරය වශයෙන් ධූර දෙකක් තියෙනව“ බුදුරජාණන් වහන්සේ උත්තර දුන්න. උන්වහන්සේලා අතරින් තරුණ ස්වාමීන් වහන්සේ ග්‍රන්ථ ධූරය රකිමින් තෙවලා දහම හොඳින් හදාරන්න පටන් ගත්තත් වැඩිහිටි ස්වාමින් වහන්සේ කල්පනා කළේ වැඩිහිටියෙක්ව මහණ වනු මට තෙවලා දහම හදාරමින් ගෙවන්න තරම් කාලයක් ඉතිරි වී නැහැ. ඒ නිසා මම බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ලබා ගෙන වන ගත වී බවුන් වඩා හැකි ඉක්මණීන් කෙලෙස් මලින් මිදෙන්න ඕන’ කියල . ඒ අනුව සුදුසු උතුමන්ගෙන් කමටහන් ලබා ගෙන ගැලපෙන තැනක් සොයාගෙන ගිහිල්ල උන්වහන්සේ භාවනා කරන්න පටන් ගත්තා. උත්සාහය ඉතාම සාර්ථක වුනා. සූත්‍ර ධර්ම කටපාඩම් නොහිටියත් භාවනාවෙන් එකඟ වන සිත ප්‍රඥාවෙන් වැඩෙන්න පටන් ගත්ත. නොබෝ දිනකින්ම සියලු කෙලෙස් නිසා නිවන් සාක්ෂාත් කර ගන්න උන්වහන්සේට භාග්‍යය ලැබුණා.

    ඒත් තරුණ ස්වාමීන් වහන්සේ සුතා. ධතා ,වචසා , පරිචිතා කියන පියවර තුනට ඉතාම දක්ෂයි. ඒ නිසා දක්ෂ ධර්ම කථිකයන් වහන්සේ කෙනෙක් බවට පත් වුනා. ප්‍රසිද්ධියත් වැඩි වුනා. ධර්මය ඉගෙන ගන්න ආසාව තියෙන අය ගොඩක් උන්වහන්සේ ළඟට ඇවිත් ධර්මය ඉගෙන ගන්න පෙළඹුණා. හැබැයි ඒ අයට කියා දෙන ධර්මය නුවණින් විමසා බැලීමේ හැකියාව අඩු නිසා තමා තුළ ඍජු දෘෂ්ටියක් ඇති වුනේ නැහැ. භාවනා මගක් නොදත් නිසා භාවනාවෙන් නැති කළ යුතු කෙලෙස් ප්‍රහීණ කරන්නත් බැරි වුනා. පිරිස් බලයයි ප්‍රසිද්ධියයි. දෙස උන්වහන්සේගේ උඩඟු සිත් ඇති කළේ ඒ නිසයි. ධර්ම කථික ස්වාමින් වහන්සේගෙන් ධර්මය උගත් අය පවා රහත් බවට පත් වී සිටි වැඩිමහල් ස්වාමින් වහන්සේ ළඟට ගියේ භාවනාව පුරුදු වෙන්න. ඒ පිරිස එක්ක කතා කරද්දි තමන් වහන්සේ සමග එකට පැවිදි වුන අනෙක් ස්වාමින් වහන්සේගේ දක්ෂතාව ගැන ඉහලින් අගය කරමින් කතා කළා. ඒත් ධර්ම කථික හිමියන් ළඟ ඒ අනතිමානී ගුණය තිබුණේ නැහැ. කොටින්ම වැඩිහිටි ස්වාමින් වහන්සේ ගැන කිසිම කෙනෙක් ප්‍රශංසා මුඛයෙන් කතා කරනව අහන්නවත් කැමැති නැහැ.

    දවසක් ඒ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බැහැ දැකල වැඳ පුදාගන්න.

    දෙව්රම් විහාරයට ගියා. උන්වහන්සේ සමඟ කතා කරල පහන් සිතින් තම පැවිදි සහෝදරය වන ධර්ම කථික ස්වාමින් වහන්සේ දැකීමේ අදහසින් ඒ කුටියටත් වැඩම කළා. ඒ වෙලාවේත් ධර්ම කථික හිමියන් හිටියෙ තවත් පිරිසකට ධර්මය කියා දෙමින්. ඒ අනුගාමික පිරිස ධර්මය ඉගෙන ගනිමින් ඉන්න අතරෙම රහතන් වහන්සේගේ පැමිණීම ගැන ඉතාම සතුටට පත් වුනා. කාගෙත් අවධානය උන්වහන්සේ දෙසටයි යොමු වුනේ. ඇත්තටම ඒකට හේතුවකුත් තිබුණා. හේතුව තමයි පිරිසුදු සිත. ඒ නිසාම මුහුණත් ප්‍රසන්නයි. කතාවත් සෞම්‍යයි.

    තරුණ ධර්ම කථික හිමියන්ට ඒකට ටිකක් තරහ ආව. වැඩිහිටි ස්වාමින් වහන්සේගේ රහත්භාවය පිළිබඳ නොදත් ඔහු කල්පනා කළේ. තෙවලා දහමෙන් ප්‍රශ්න අහල පිරිස ඉදිරියේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ අපහසුවට පත් කරන්න.

    ඒත් බුදුරජාණන් වහන්සේ ඒ බව දැනගත්ත. වහාම ඒ කුටියට වැඩම කළා. තරුණ භික්ෂුව ප්‍රධාන ශ්‍රාවක පිරිස ඉදිරියේ වැඩසිටිය උන්වහන්සේ ධර්ම කථික ස්වාමින් වහන්සේගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසුව. ඒ සියල්ල අධ්‍යාත්මික ඵල ලබාගත් උතුමන්ට පමණක් පිළිතුරු දීමට හැකියාව ඇති ප්‍රශ්න, පළවෙනි ප්‍රශ්නය ප්‍රථම ධ්‍යානය ගැන. දෙවැන්න රූපාරූපසාමප්ති ගැන. තෙවැන්න සෝවාන් මාර්ගය ගැන. එතැන් සිට පිළිවෙලින් සෙසු මාර්ග හා ඵල ගැනත් ප්‍රශ්න කළා.

    ධර්ම කථික හිමියන් නිරුත්තරයි. ඒ හැම ප්‍රශ්නයටම පිළිතුරු දෙන්නෙ වැඩිහිටි ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ සිව් වරක් සාධුකාර දෙමින් ඒ අවබෝධාත්මක පිළිතුර අනුමත කළා. ඒ හඬ ඇසු දෙවියන් බඹුන් පවා සාදු නාද දුන්න. ධර්ම කථික හිමියන්ගෙන් ධර්මය ඉගෙන ගැනීමට පැමිණී ශ්‍රාවක පිරිසක් සාදුකාර දුන්න.

    ඒත් ධර්ම විනය දෙක ගැන මනා අවබෝධයක් ඇති ධර්ම කථිකයන් ගැන කිසිදු ප්‍රශංසාවක් නොමැතිව බහුල ලෙස ධර්ම විනය හැදෑරීමක් නැති නූගත් මගට භික්ෂුවගේ පිළිතුරු වලට සාදු කාර දීම පිළිබඳ නොසතුටු වු අයත් එතැන හිටිය. ඒ අය ටිකක් නොසතුටෙන් තමයි කතා කළේ. ඒ කතාව ඇහුණ බුදු රජාණන් වහන්සේ ධර්ම කථික භික්ෂුව දෙස බැලුව. ඒ වෙලාවෙ ඒ භික්ෂුව සිටියෙ බිමට බර වූ නෙත් ඇතිවයි.

    බුදුරජාණන් වහන්සේ ලස්සන වගේම අර්ථවත් උපදේශයක් ඇතුළත් වන ආකාරයට ඒ පිරිසට ධර්මය ගාථාවකින් දේශනා කළා.

    මහණෙනි, ධර්මය බහුල කොට දැන සිටියත්, මෙරමාට කියා දුන්නත් තමා පිළිපදින්නේ නැත්නම් ඔහු ගොපල්ලෙක් වගේ කෙනෙක් මොකද ? උදේට බාරගන්න හරක් ටිකට දවස පුරාම කවල පොවල හවසට අයිතිකරුට භාර දෙන ගොපල්ල මෙහෙවර කුලිය විතරක් අරගෙන හිස් වූ සිත් ඇතිව ගෙදර යනව.

    ධර්ම විනය බහුල කොට හැදැරුවෙ නැතත් තරමක් හෝ තමා නිවැරදිව දන්නා දහමට අනුව පිළිපදින්නේ නම් ඔහු ගවයන්ගේ අයිතිකාරයා වගෙයි. මොකද ? සියලු පස් ගෝ රසයම අයිති වෙන්නෙ ඔහුටයි.

    මේ වැඩිහිටි පින්වත් භික්ෂුව ගව හිමියෙක් වගෙයි. ධර්ම කථික තරුණ භික්ෂුව ගොපල්ලෙක් වගෙයි.

    දේශනාව අවසන් වෙන කොට බොහෝ පිරිසක් ධර්මාබබෝධය ලැබුව, සියල්ලන්ටම ලොකු සතුටක් ඇති වුනා.

    තෙරුවන් සරණයි!

    පූජ්‍යපාද මොරවක සෝරත හිමි

    @asliyanage me sadu kiyana widihata uba gopallek neda?
     
    • Love
    Reactions: Candid-B

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    1)ධර්මය පිලිපදිනව කියන්නෙ මොකක්ද?
    2) මම දර්මය පිලිපදින්නේ නෑහ කියලන්න උම්බ දන්නවද මම මොනද කරන්නෙ
    3), මම මොනද කරන්නෙ නෑත්තෙ කියල?

    අනන්තයි, එ කියන්නේ ගනන් කරන්න බෑරි තරම් ප්‍රමානයක් පහල වෙල තියෙනවා. ඉදිරියේත් එ වගෙම අනන්ත අප්‍රමානයක් පහල වෙනවා. එත් බුදු කෙනෙක් පහල වෙන්නෙ අ කාලාතුරකින්
    දැනට බුදුවරු කීදෙනෙක් පහල වෙලා තියනවද ??

    මම දාන, සීල භාවන උපරිමයෙන් කරන්වා, එක තමයි දර්මය පිලිපදිනව කියනෙන.
    නිකන්ම දනෙ දෙනෙන නෑහ, තෙරුවන් කෙරෙහි ස්‍රද්දවේන්, කර්මය කර්ම පල විස්වාසයෙන්, තුන් සිත පහඩවගෙන මගෙම ඈතින් මම විසින්ම හදපු දෙවල් තමයි මම දන් දෙන්නේ, මම සිල් රෑකගෙන තමයි දන් දෙන්නේ. සිල්වත් අයට තමයි දන් දෙන්නේ.
    එ දානයන්ගේ ආනසන්න්ස මහත් පලයි. මම දන් දීල නිකන් ඉන්නේ නෑහ, මගේ තෑයාගී ගුනය ගෑන මෙනෙහි කරනව , එක සමදී භවනාවක්
    දාන කියල කෑම විතරක්ම නෙමෙ, මම දස දාන වස්තුවම දන් දීල තියෙනවා

    එ වගෙම මම විදරශන භවනවත් කරනව දන් දීල, දනයෙ ආනිසන්ස අනිත්ය වෙල යන අකාරය මෙනෙහි කරල, ඉතින් මම නිවනට අවශ්ය දෙවල් නිතරම කරන කෙනෙක්. එක ඔයට පෙන්නෙ නෑත් ඉවෙන්න පුලුවන්. ඔය ටිකයි කිව්වේ.

    දාන වර්ග තුනක් තියෙනවනෙ,
    1)අමිශ දාන,
    2) අභය දාන ,
    3) දර්ම දාන.
    මම මෙ elakiri එකෙ ධර්මය share කරල කරන්නී ධර්මය දානයක්.
    එක තමයි අනිසන්ස වඩිම දානය.

    මෙක තව දීර්ගග ලෙස කියන්න පුලුවන්, පිටු දහයක් විතර යවි ලියනන් ඔය @gghoul කියවන එකකුත් නෑහ.
    ------ Post added on Oct 1, 2023 at 2:08 AM

    මම දෑන් දෙද්දි මගෙ හිතෙ ඈති වෙන්නේ සොමනස්ස සහගත් ඥාන සම්ප්‍රයුක්ත්ත සිතිවිලි, එක ඔයට තෙරෙන එකක නෑහ මොකද ඔය අභිදර්මය දන්නේ නෑති නිස
    ------ Post added on Oct 1, 2023 at 2:11 AM
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    Previous Next

    14.5. චාගානුස්සති භාවනාව

    පරිත්‍යාගය දියුණු කරන්න…

    දැන් ඔබ ඉගෙන ගන්නේ චාගානුස්සති භාවනාවයි. බුදුරජාණන් වහන්ස්ගේ ශ‍්‍රාවකයෙක් බුද්ධානුස්සති භාවනාව ඉක්මවා ගිහින්, ධම්මානුස්සති, සංඝානුස්සති භාවනාවල යෙදෙනවා වගේම, තමන්ගේ සීලාදී ගුණධර්ම රකිනව වගේම, තමන්ගේ ජීවිතය තුළ දියුණු කරන්නට පුළුවන් දෙයක් තමයි පරිත්‍යාගය. මේ පරිත්‍යාගය දියුණු කරන්නට පුළුවන් ආකාරය තමයි චාගානුස්සතිය කියන්නේ.
    ලෝභකම කියන්නේ සිතට කිලූටක්. ලෝභකම මුල්කරගෙන, ලෝභ හැඟීම් මුල්කරගෙන, ලෝභ සිතුවිලි මුල්කරගෙන, කෙනෙක් වචනයෙන් පව් කරනවා. කයින් පව් කරනවා. සිතින් පව් කරනවා. පරිත්‍යාගය කියන්නේ කුසලයක්. පිනක්. පරිත්‍යාගය මුල් කරගෙන කෙනෙක් වචනයෙන් පව් කරන්නෙ නෑ. පරිත්‍යාගය මුල් කරගෙන කයින් පව් කරන්නෙ නෑ. පරිත්‍යාගය මුල් කරගෙන මනසින් පව් කරන්නෙ නෑ.

    මසුරුකම ජීවිතයට කිලුටක්…

    පරිත්‍යාග කරන්නට නම් තමන් මසුරු නැති කෙනෙක් වෙන්නට ඕනෙ. මසුරු නැතිකම කියන්නේ තමන්ගේ ජීවිතයට ලොකු සැනසිල්ලක්. ලොකු ලාභයක්. ලොකු යහපතක්. මසුරුකම කියල කියන්නේ තමන් සතු සම්පත් තවත් කෙනෙක් භුක්ති විඳිනවාට තියෙන අකමැත්ත. මෙන්න මේ මසුරුකම මුල්කරගෙන නපුරු ජීවිතයක්, නපුරු චරිතයක් නිර්මාණය වෙනවා. නමුත් පරිත්‍යාගය මුල් කරගෙන කවදාවත් දරුණු චරිතයක් නිර්මාණය වෙන්නෙ නෑ. පරිත්‍යාගය මුල් කරගෙන උදාර පිරිසක් බිහි වෙනවා.

    එදිනෙදා ජීවිතයට පරිත්‍යාගය …

    මේ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නෙ මසුරු මළ අත්හැරල, පරිත්‍යාගය පිණිස දෑත් සෝදාගෙන ඉන්න කෙනෙක් බවට පත්වෙන්න කියල. අන්න ඒ විදිහට ඕනෑම කෙනෙකුට යම් දෙයක් පරිත්‍යාග කරන්නට පුළුවන් නම්, ඔබ තුළ තියෙනව අඹ ගෙඩි දෙකක් ඒ අඹ ගෙඩි දෙකෙන් එකක් හොඳ අඹ ගෙඩියක් නම්, අනිත් එක තැලූණු අඹ ගෙඩියක් නම්, ඔබ තැලුණු අඹ ගෙඩිය අරගෙන අනිත් එක දානය පිණිස අනුන්ට පරිත්‍යාග කරනව නම්, ඔබ තුළ පරිත්‍යාගය දියුණු වෙච්ච කෙනෙක්.

    ඔබ ළඟට කවුරු හරි කෙනෙක් පැමිණුන වෙලාවක ඇඳුමක් ඉල්ලාගෙන, පාවිච්චි කරපු, ඉවත දාපු, කිලූටු ඇඳුමක් දෙන්න එපා. අලූත් ඇඳුමක් දෙන්න. සතුටු වෙන ඇඳුමක් දෙන්න. තවත් කෙනෙක් දැක බලා ප‍්‍රීතියට පත්වෙන ඇඳුමක් දෙන්න. අන්න එතනදි දියුණු වෙන්නෙ ඔබගේ පරිත්‍යාගයයි. හොඳම දේ, යහපත්ම දේ, රසවත්ම දේ දෙන කෙනා යහපත් දේම ලබනවා. මේ නිසා තවත් කෙනෙකුට උපකාරයක් කිරීමේදී තමන්ට එපා දෙයක් අනුන්ට දෙන්න එපා. තමන් කැමති දෙයක් අනුන්ට දෙන්න. ඒක තමයි පරිත්‍යාගය කියන්නෙ.

    පරිත්‍යාගය නිසා සිත සමාධිමත් වෙනවා…

    මේ පරිත්‍යාගමය ගුණය බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෝ බොහෝ දියුණු කරල තියෙනවා. ඒ නිසා යමක් පරිත්‍යාග කිරීමේදී පුද්ගලයන්ගේ තරාතිරම සොයන්නට යන්න එපා. යමක් පරිත්‍යාග කිරීමේදී පුද්ගලයන්ගේ බාහිර දුර්වලකම් සොයන්නට යන්න එපා. යමක් පරිත්‍යාග කිරීමේදී පිරිසිදු සිතින් පරිත්‍යාග කරන්න. එබඳු ආකාරයේ දෙයක් තමන්ගේ සන්තානයේ ගොඩනැගෙන කොට ඒ පරිත්‍යාගය මුල් කරගෙන තමන්ට සැහැල්ලූ සිතක් ලැබෙනවා. ඒ පරිත්‍යාග ගුණය සිහි කරන කොට තමන්ගේ සිතයි කයයි සැහැල්ලූ වෙනවා. සිතයි කයයි සැහැල්ලූ වෙන කොට ප‍්‍රීතියට පත්වෙනවා. ඒ ප‍්‍රීතිය නිසා සිත සමාධිමත් වෙනවා.

    මේ නිසා චාගානුස්සති භාවනාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයින් ඉතාමත්ම මැනවින් දියුණු කරපු භාවනාවක්. ඒ පරිත්‍යාගය ඇති වන්නා වූ චාගානුස්සති භාවනාව ඔබේ දෛනික ජීවිතයට පුරුදු කරගන්න. ලෝභ කෙනෙක් වීම ජීවිතයට නරකක්, නපුරක්, කිලූටක්, අවාසනාවක්. පරිත්‍යාගයක් සහිත කෙනෙක් වීම, යමක් දෙන්න පුළුවන් කෙනෙක් වීම, ජීවිතයට ලාබයක්. ජීවිතයට ආශිර්වාදයක්, ජීවිතයට සැනසිල්ලක්.

    ගුණධර්ම දියුණු කරන්න…

    මේ නිසා මේ අපේ මනුෂ්‍ය ජීවිතය මේ සුලූ කාලය තුළ දියුණු කරගැනීමේදී මේ කියන ගුණාත්මක චින්තනය තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගැනීමට මහන්සි ගත යුතුයි. ඒ නිසා ලෝබ නැති, කිලූටු නැති, ශාන්ත සිතක් ඔබට දියුණු කරගන්න පුළුවන් වෙනවා පරිත්‍යාගය දියුණු කිරීමෙන්. ඔබ තුළ යම් පරිත්‍යාග ගුණයක් දියුණු වෙනවාද, ඒ මොහොතේ පටන් ආධ්‍යාත්මිකව ගුණධර්ම දියුණු වෙනවා. ඒ බව ඔබ තුළින්ම දැකගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා ඒ උතුම් පරිත්‍යාගමය ගුණය දියුණු කරගෙන එය ධර්මාවබෝධය කරා යොමු කරගන්න.

    – චාගානුස්සති භාවනාව –

    මම අවබෝධයෙන් යුතුවම බුදුරජාණන් වහන්සේ සරණ ගියෙමි. උතුම් ශ‍්‍රී සද්ධර්මය සරණ ගියෙමි. ආර්ය මහා සංඝරත්නය සරණ ගියෙමි. අවබෝධයෙන් යුතුවම තෙරුවන් සරණ ගිය මා සංසාර දුකින් මිදීම පිණිසම අත්හැරීම (ත්‍යාගය) පුරුදු කරමි. මම දුක් මහන්සියෙන්, උත්සාහයෙන්, වීරියෙන්, ධාර්මිකව උපයාගත් ධනයෙන් සිල්වතුන්ට ගුණවතුන්ට නිතර දන් පැන් පුදමි.

    දුක් මහන්සියෙන් මා උපයා ගත් ධනය අන් අය ප‍්‍රයෝජනයට ගැනීම දැක සතුටු වීම ඉතා අපහසු දෙයකි. මම ඉතා සතුටින් මගේ ධනය වියදම් කර සිල්වත් ගුණවත් උතුමන්ට දන් පැන් පුදමි. ඒ දැක මම ඉතා සතුටට පත් වෙමි.

    සංසාර දුකින් මිදීමට වෙර දරනා සිල්වත් ගුණවත් උතුමෝ මගේ දන් පැන් වළඳා කාය ශක්තිය ඇති කරගෙන, චිත්ත ශක්තිය ඇති කරගෙන සුව සේ සිත දියුණු කරනු දැක මම සතුටු වෙමි.

    ඒ උතුමන් වහන්සේලා යම් තාක් දිනයක උතුම් මාර්ග-ඵලයන්ට පත්වේද ඒ පිණිස මමත් උපකාර කළ අයෙක් කියා සිතමින් මම සතුටු වෙමි.

    බුදුරජාණන් වහන්සේගේ උතුම් පින්කෙත වශයෙන් හඳුන්වා ඇති සිල්වත් ගුණවත් උතුමන්ට මම නිතර දන් පැන් පුදා පින් රැුස් කරමි. සතුටට පත් වෙමි.

    මම මසුරු මළ දුරුකොට දන් පැන් පූජා කරන කෙනෙක් වෙමි. තුන් සිත පහදවා ගෙන දන් පැන් පූජා කර මම සතුටක් ලබමි.
    මා සතු ඉතා වටිනා අගනාම දේ පූජා කර මම ඉතා සතුටට පත් වෙමි.

    මම නිතර දන් දීම පිණිසම සූදානම් වූ කෙනෙක් වෙමි. මම නිතර දන් පැන් පූජා කිරීමෙහි ඇලූන කෙනෙක් වශයෙන් කටයුතු කරමි.
    මම පිරිසිදුවට පිළිවෙලට සකස් කර දන් පැන් පූජා කරමින් සතුටු වෙමි.

    මම දන් පැන් ලබාගන්නා උතුමන්ට ගැලපෙන ආකාරයට හොඳින් විමසා බලා දන් පැන් පූජා කර සතුටු වෙමි.

    මම දන් පැන් පූජා කිරීමෙන් මෙලොව සැප සම්පත් බලාපොරොත්තු නො වෙමි. මම දන් පැන් පූජා කිරීමෙන් ශරීර වර්ණය ඇති කර ගැනීම බලාපොරොත්තු නොවෙමි. ආයුෂ වැඩිකර ගැනීමට බලාපොරොත්තු නොවෙමි. අන් අයගේ කීර්ති ප‍්‍රශංසා බලාපොරොත්තු නොවෙමි. මම දන් පැන් පූජා කිරීමෙන් සමාජයේ උසස් තනතුරු බලාපොරොත්තු නොවෙමි. පරලොව දිව්‍ය සම්පත් ද බලාපොරොත්තු නොවෙමි. මම චිත්තාලංකාරය පිණිසම දන් පැන් පූජා කරමි. මම සංසාර දුකින් නිදහස් වීම පිණිසම ප‍්‍රඥාව දියුණු කර ගැනීම පිණිස ම දන් පැන් පූජා කරමි.
    ඒ සතුට මාගේ ප‍්‍රමෝදය පිණිස හේතු වේ. ඒ ප‍්‍රමෝදය නිසා මගේ සිත කය සැහැල්ලු වේ. එය මට සමාධිය පිණිසත් උතුම් ඤාණ දර්ශනය පිණිසත් උපකාරී වේ.

    ආර්ය මාර්ගයේ පුරුදු පුහුණු වෙන කෙනා (සේඛ) අත්හැරීම බලයක් වශයෙන් දියුණු කළ යුතු බව මම දනිමි. මම ද සංසාර දුකින් නිදහස් වන උතුම් ආර්ය මාර්ගයේ පුරුදු පුහුණු වන කෙනෙකි. මම අත්හැරීම බලයක් වශයෙන් දියුණු කරමි. එය මට ආර්ය මාර්ගය දියුණු කර ගැනීම පිණිස ම උපකාර වේවා!

    මම රාග, ද්වේෂ, මෝහ යන කෙලෙස් අතහැරීම දියුණු කර ගනිමි. ත්‍යාගය නම් වූ සේඛ බලය දියුණු කොට අසේඛ නම් වූ උතුම් තත්වයට පත් වෙමි.

    එය මට සතුටකි. ඒ සතුට මාගේ ප‍්‍රමෝදය පිණිස හේතු වේ. ඒ ප‍්‍රමෝදය නිසා මගේ සිත කය සැහැල්ලූ වේ. එය මට සමාධිය පිණිසත් උතුම් ඤාණ දර්ශනය පිණිසත් උපකාරී වේ.

    ආර්ය ශ‍්‍රාවකයාට ත්‍යාගය ධනයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. මම මේ පුරුදු පුහුණු කරන අත්හැරීම (ත්‍යාගය) මට ආර්ය ධනයකි. මම ආර්ය ධනයකට හිමිකම් කියන ආර්ය ශ‍්‍රාවකයෙකු බව සිතමින් සතුටු වෙමි.

    ආර්ය ධනයට හිමිකම් කියන කෙනා දිළින්දෙක් නො වන බව මම දනිමි. එබැවින් මා සතු කොපමණ ධනය හෝ වියදම් කර මම ත්‍යාගය පුරුදු පුහුණු කරමි. ඒ නිසා මම දිළින්දෙක් නොවෙමි. මම ආර්ය ධනයෙන් යුතු ආර්ය ශ‍්‍රාවකයෙක් වෙමි.

    මම ශ්‍රේෂ්ඨ ආර්ය භාවය වන උතුම් අරහත්වය දක්වාම ත්‍යාගය පුරුදු කරමි. මම ආර්ය ධනය දියුණු කරමි.

    එය මට සතුටකි. ඒ සතුට මාගේ ප‍්‍රමෝදය පිණිස හේතු වේ. ඒ ප‍්‍රමෝදය නිසා මගේ සිත කය සැහැල්ලු වේ. එය මට සමාධිය පිණිසත් උතුම් ඤාණ දර්ශනය පිණිසත් උපකාරී වේ.

    අත්හැරීම (ත්‍යාගය) සම්පත්තියක් වශයෙන් මම දනිමි. ත්‍යාග සම්පත්තිය මම නිරතුරුවම පුරුදු කරමි. ත්‍යාග සම්පත්තිය මාගේ ජීවිතයට රැකවරණය සලසා දෙයි. ත්‍යාග සම්පත්තිය ජීවිතයට ආරක්ෂාව ලබා දෙයි. ත්‍යාගය විපත්තියක් නොව සම්පත්තියක්ම ලෙස සලකා මම දියුණු කරමි.

    ආරක්ෂාව, රැුකවරණය ලබා දෙන ත්‍යාගය මට මහා සම්පත්තියකි. මම විවිධ අයුරින් අත්හැරීම දියුණු කර ත්‍යාග සම්පත්තිය දියුණු කරමි. මාගේ අත්හැරීම සම්පත්තියක් වශයෙන් සිහිකරන මා හට සතුටක් ඇති වේ.

    ඒ සතුට මාගේ ප‍්‍රමෝදය පිණිස හේතු වේ. ඒ ප‍්‍රමෝදය නිසා මගේ සිත කය සැහැල්ලු වේ. එය මට සමාධිය පිණිසත් උතුම් ඤාණ දර්ශනය පිණිසත් උපකාරී වේ.