ලොක්කන්ට ලොකු හැදී අපිට දන්කුඩ අයවැය 2016 robin hoood ayawaya

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලොක්කන්ට ලොකු හැදී අපිට දන්කුඩ අයවැය 2016 robin hoood ayawaya

    1.:lol: අයවැයේ කම්කරු විරෝධී ස්වභාවය වසං කරමින් මහජනතාව නොමඟ යැවීමට කරුනානායක උත්සාහ කලේය. කලින් ආන්ඩුව පනවා තිබුනු විශේෂ පාරිභෝගික බද්ද පහත හෙලීය. අල, ලොකු ලූනු, ලදරු කිරිපිටි, හාල්මැස්සන්, පරිප්පු, කඩල, ටින් මාලු, භූමිතෙල් හා ගෑස් මිල අඩකරනු ලැබින.

    ආන්ඩුව “ජනතාවාදී අයවැයක්” ඉදිරිපත්කොට ඇති බවක් කියා පෑම පිනිස මාධ්‍ය වහාම මෙම සොච්චම් සහන ටික ඩැහැ ගත්තේය. අයවැය යෝජනා පිලිබඳ කුමන හෝ විමසුමක් මඟින් මෙම ප්‍රකාශයන්ගේ අභූත ස්වභාවය එලිදරව් කෙරේ​


    2.:lol: කරුනානායක සිය අයවැය කථාව පටන්ගත්තේ, පොදු පිරිවැය කපාහැරීමේ අවශ්‍යතාවය අවධාරනය කරමිනි. “අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වල අනවශ්‍ය වියදම් කපා හැර වියදම් විවේචනාත්මකව අගැයීමට හා විමසීමට කාලය එලඹ ඇති” බව ඔහු පැවසීය.
    “සැබවින්ම ආධාර අවශ්‍ය කෙරෙන අයට” සීමා විය යුතු බව කියා සිටිමින් ඔහු, රටේ පවතින ඉතා සීමිත ශුභ සාධන වැඩසටහන් පවා කපා හැරීමේ එල්ලය ගෙනහැර දැක්වීය. “සමාජ ආරක්ෂන වැඩසටහනට සැබවින්ම ඇතුලත් විය යුත්තේ” කවුරුන් දැයි තීරනය කිරීම සඳහා ආන්ඩුව, ග්‍රාම නිලධාරීන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපෘතියක් ඇති කිරීමට සැලසුම් කෙරේ


    3. :no:වර්තමානයේ දෙන පොහොර සහනාධාරය, ඉඩම් හෙක්ටෙයාර් 1ට රුපියල් 25000ක ස්ථාවර ගෙවීමක් මඟින් විස්ථාපනය කෙරෙනු ඇත. වෙලඳපොලේ පොහොර මිල ඉක්මනින්ම ඉහල නැඟීමට පටන්ගත් කල අලුත් ක්‍රමය තමන්ගේ ගැටලු තවත් උග්‍ර කරනු ඇති බවට ගොවීන් දැනටමත් බිය පලකර ඇත.


    4. :lol:ලබන වසරේ සිට රජයේ සේවයට අලුතෙන් බඳවා ගන්නා අයට විශ්‍රාම වැටුප් ගෙවීම අත්හිටුවීමට ආන්ඩුව යෝජනා කරයි. ඒ වෙනුවට ඔවුන්ට විශ්‍රාම දායක ක්‍රමයකට ගෙවීමට සිදුවනු ඇත. “2005-14 කාලයේ විශ්‍රාම වැටුප් බිල සියයට 170න් ඉහල නැඟී ඇත, එය අඛන්ඬව ඉහල යාම පාලනය කරන සුදුසු ක්‍රම යෙදිය යුතු” බව පවසමින් කරුනානායක යොජනාව යුක්තිසහගත කිරීමට වෑයම් කලේය. එය දැරිය නොහැකි බව කියා සිටිමින් ජාමූඅ, ආන්ඩුවේ විශ්‍රාම වැටුප් අරමුදල කපාහල යුතු බව කාලයක් තිස්සේම කියා ඇත.

    5. :no:ලොකු ව්‍යාපාරිකයන්ගෙන් හා ධනවතුන්ගෙන් අයකරන සෘජු බදු කපාහරින අතර අයවැය මඟින් තවදුරටත්, ආන්ඩුවේ බදු ආදායමින් සියයට 80ට වග කියන වක්‍ර බදු ඉහල නංවනු ඇත. දැනටමත් පිම්මේ ඉහල යන මිල ගනන් හමුවේ දෙකොන ගැටගසා ගැනීමේ අරගලයක යෙදී සිටින සමාජයේ දුප්පත්ම කොටස් මතට විවිධ මට්ටම් වලින් මෙම වක්‍ර බදු බර පැටවෙනු ඇත


    6. :no:මත්පැන් හා දුම්කොල සඳහා සියයට 25ක අමතර බද්දක් පැනවේ. සේවාවන් සඳහා වැට් බද්ද සියයට 11 සිට 12.5 දක්වා වැඩි කෙරේ. එය විශේෂයෙන්ම ජලය හා විදුලි ගාස්තු වැඩිවීම කෙරෙහි බලපානු ඇත. සියලු ආනයනයන්ට, නිෂ්පාදිතයන්ට හා තොග හා සිල්ලර වෙලඳාම ද ඇතුලු සේවාවන්ට නියම කෙරෙන ජාතිය ගොඩනැඟීමේ බද්ද සියයට 2 සිට 4 දක්වා දෙගුනයකින් ඉහල යයි. වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බද්ද නිසා සියලු ආනයනයන්ගේ මිල සියයට5 සිට 7.5 දක්වා වැඩිවනු ඇත


    7.:no: බාල්දුවීමට හා අරමුදල් හිඟයකට මුහුන දීමට තුඩුදෙනු ඇති, රාජ්‍ය විශ්වවිද්‍යාල සමඟ පෞද්ගලික විශ්විද්‍යාල තරඟයට පිවිසෙන්නේය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට එරෙහිව සිසු විරෝධතා මොට්ට කිරීමේ අරමුනෙන් කරුනානයක පැවසුවේ, “වෛද්‍ය විද්‍යාව හැර, (අනෙකුත් අංශවල) පෞද්ගලික විශ්වවිද්‍යාල වලට කටයුතු කිරීමට හා විෂය මාලා හඳුන්වා දීමට අපගේ ආන්ඩුව ඉඩ සලසනු ඇත.”

    8. :no:ව්‍යාපාරික හා පෞද්ගලික ආදායම් බදු අනුපාතය, සියයට 15 හා 30ක පරාසයන්ට ගෙන එමින් “සරල” කර ඇත. කලින් තිබූ සියයට 28ක පොදු බදු අනුපාතිකය පහත හෙලමින්, සූදු, මත්පැන්, දුම්කොල, බැංකු, මූල්‍ය සේවා හා වෙලඳාම හැර අනෙක් සියලු ව්‍යාපාරික අංශවල බද්ද සියයට 15ට ගෙනැවිත් ඇත. සඳුදා පැවති පශ්චාත් අයවැය සංසදයකදී කරුනානායක කයිවාරු ගැසුවේ, ශ්‍රී ලංකාවට දැන් ලෝකයේ හොඳම ආදායම් බදු අනුපාතිකය ලැබී තිබෙන බවටය.

    9. :no:විදේශිකයන්ට ඉඩම් මිලට ගැනීමට පැවති සීමා හා විදේශිකයන්ගෙන් ඉඩම් බද්දට ගැනීමේදී අයකල බද්ද ආන්ඩුව විසින් ඉවත්කර තිබේ. විදේශිකයින්ට හිමි ප්‍රතිලාභ ආදායම් බද්දෙන් නිදහස් කර ඇති අතර විදේශ ආයෝජන සඳහා ඕනෑම බැංකු ගිනුමක් පවත්වාගෙන යාමට ඉඩ සලසා තිබේ. සුඛෝපභෝගී මන්ඳිර ද වාහන ද අර්ධ සුඛෝපභෝගී මෝටර් රථ හා ව්‍යාපාරික සුපිරි ලාභ මත බදු ඇතුලු ධනපතියන්ගෙන් අයකරන බදු, මුදල් ඇමති විසින් අහෝසි කරනු ලැබින.

    10. :no:සියල්ලටත් වඩා අයවැය යොමුකර ඇත්තේ, ජාමූඅ ඉල්ලීම පරිදි අයවැය හිඟය, දැනට පවතින දදේනි සියයට 6.8 සිට 2020 වන විට සියයට 3.5 දක්වා අඩුකිරීම වෙතය. ගෙවුම් ශේෂ අර්බුදය මඟහරවා ගැනීම පිනිස ඩොලර් බිලියන 4ක ජාමූඅ නයක් ගැනීමට ආන්ඩුව මංමුලා සහගත උත්සාහයක් දරමින් සිටියි. කරුනානායක සඳහන් කරන පරිදි අපනයන, වසර 2000දී පැවති දදේනි සියයට 33 සිට 2014 වන විට සියයට 14 දක්වා ගිලා බැස ඇත.
    බෝනස් :lol::lol:

    11.:lol: අයවැය විසර්ජන පනත පලමුවන වර කියවීමේදී ඇඟවුම් කල ආකාරයට ආන්ඩුව, රුපියල් බිලියන 306ක වාර්තාගත මුදලක් ආරක්ෂක හමුදාවන්ට හා පොලිසියට වෙන්කර ඇත. අයවැය කථාවේදී මුදල් ඇමති පැවසුවේ, පොලිස් ස්ථාන සංඛ්‍යාව 428 සිට 600 දක්වා වැඩිකරන බවටය. එය වනාහි, නොවැලැක්විය හැකි පරිදි තම අයවැය කෙරෙහි පල වන විරෝධය මැඩීම පිනිස ආන්ඩුව, පොලිසිය සූදානම් කරන බවට පල වන නොවරදින ඇඟවුමකි.

    http://www.wsws.org/sinhala/2015/2015dec/slbg-03d.html
     
    Last edited: