සමාජය #ලොක්ඩවුන් වී ජීවිතය ඕපන් වී ඇත.
*************************
තුන්වේලටම ගෙදර උයන්නේය.
ඒත් පාන්දර ඇහැරීගෙන නොනටන්නේය.
කඩෙන් කෑම වානාය.
පිටි කෑම අවමය. එයත් ගෙදර හදාගෙනය.
සෙට් වීම් මිසිංය.
සිගරට් නොබී ටොයිල්ට් ගිය උන්ට හොදට බඩ යන්නේය.
කුඩු සික් කාරයෝ අගේට ඉන්නේය.
පොඩ් එවුන් ඔහේ නිදහසේය.
කාටුන් බලන්නේය.
ටියුෂන් නැවතිලාය.
අම්මලා බනින්නේ නැතිය.
ඕප දූප #ලොක්ඩවුන් ය.
මල් ගස් ටික අත ගෑවෙන්නේය.
ඉඩ ඇති තැනක කෑම පැලයක් හිටවන්නේය.
පරණ අල්මාරි අස් කරන්නේය.
පිළිකන්න සුද්ද කරන්නේය.
වළං මැස්ස හදන්නේය.
වාහනයට නිදහස් ය.
පැය විසි හතරම ගෙදරය.
වැඩිපුර නාන්නේය.
බල්ලාද නාවන්නේය.
නොදැක ඉන්න බැහැ කිව් හොර ගෑනු මිනිස්සු මීක් සද්දයක් නැතිය.
ඩයි එක ඉවර වී ගෙදර එකාගේ එකීගේ සුදු කෙස පේන්නේය.
අතේ සතේ නැතිය.
එහෙත් ජීවත් වුනොත් ඇති යැයි දැනෙන්නේය.
ණය ගත්තා කියා අමතකය.
දුන්න එවුන්ද නිහඩය.
වාරිකේට රිමයින්ඩර් නැතිය.
වෙලාවට කන්නේය.
වෙලාවට නිදන්නේය.
ඇහැරිලා ටිකක් පෙරලි පෙරලී ඉන්නේය.
ප්ලේන්ටියක්ද ගහන්නේය.
පත්තර වල ඕප දූප නැතිය.
ටීවී එකේ දේශපාලුවන්ගේ මගුල් විවාද නැතිය.
පාර්ලිමේන්තුවේ කෝලං නැතිය.
නිදි මරං ඒවා බලන්න බැරිය.
ගෙවල් ගානේ සම්මාදමේ එන උං නැතිය.
දෙන්නද සතයක් නැතිය.
බයිසිකල් රේස් නැතිය.
අවුරුදු කුමාරි මිසිංය.
කෑම ජීවිතය නොවන බව දැන කන්නේය.
මස් මාලු අවමය.
දෙවේලක් කෑවත් ගෙදර උන් ඔක්කොම එකට කන්නේය.
මරණය සිහි කරන්නේය.
මොකට දිව්වාද කියා හිතෙන්නේය.
රාජකාරී ඇමතුම් අවමය.
හෙට දවසේ අවිනිශ්චිතතාවය ගැන වෙනදාට වඩා හිතෙන්නේය.
සියලු සත්වයෝ නිදුක් වේවා යැයි සැබවින්ම සිතෙන්නේය.

පතන්නේය.
පරිසරයට නිවාඩුවක් ලැබිලාය.
මිනිසාව ගෙවල් තුල හිර කර පරිසරය සැනසුම් සුසුම් හෙලන්නේය.
සමාජය #ලොක්ඩවුන් වී ජිවිතය විවරව තිබේ.
දිනෙක මේ ලොක් එක අරිනු ඇත.
ජීවත් වුන දවස් කීපය අමතක කර දමන්න හැකි වේවිද ඔබටත් මටත්?


එන්න අපි ජීවත් වෙමු. 







උපුටාගැනිමකි
*************************
උපුටාගැනිමකි