ලොක්ඩවුන්

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    සමාජය #ලොක්ඩවුන් වී ජීවිතය ඕපන් වී ඇත.
    *************************
    🚫 තුන්වේලටම ගෙදර උයන්නේය.
    🚫 ඒත් පාන්දර ඇහැරීගෙන නොනටන්නේය.
    🚫කඩෙන් කෑම වානාය.
    🚫 පිටි කෑම අවමය. එයත් ගෙදර හදාගෙනය.
    🚫 සෙට් වීම් මිසිංය.
    🚫 සිගරට් නොබී ටොයිල්ට් ගිය උන්ට හොදට බඩ යන්නේය.
    🚫 කුඩු සික් කාරයෝ අගේට ඉන්නේය.
    ♥️ පොඩ් එවුන් ඔහේ නිදහසේය.
    ♥️ කාටුන් බලන්නේය.
    ♥️ ටියුෂන් නැවතිලාය.
    ♥️ අම්මලා බනින්නේ නැතිය.
    ♥️ ඕප දූප #ලොක්ඩවුන්‍ ය.
    🐍 මල් ගස් ටික අත ගෑවෙන්නේය.
    🐍 ඉඩ ඇති තැනක කෑම පැලයක් හිටවන්නේය.
    🐍 පරණ අල්මාරි අස් කරන්නේය.
    🐍 පිළිකන්න සුද්ද කරන්නේය.
    🐍 වළං මැස්ස හදන්නේය.
    🙏 වාහනයට නිදහස්‍ ය.
    🙏 පැය විසි හතරම ගෙදරය.
    🙏 වැඩිපුර නාන්නේය.
    🙏 බල්ලාද නාවන්නේය.
    😜 නොදැක ඉන්න බැහැ කිව් හොර ගෑනු මිනිස්සු මීක් සද්දයක් නැතිය.
    😜 ඩයි එක ඉවර වී ගෙදර එකාගේ එකීගේ සුදු කෙස පේන්නේය.
    😜 අතේ සතේ නැතිය.
    😜 එහෙත් ජීවත් වුනොත් ඇති යැයි දැනෙන්නේය.
    😜 ණය ගත්තා කියා අමතකය.
    😜දුන්න එවුන්ද නිහඩය.
    😜වාරිකේට රිමයින්ඩර් නැතිය.
    ♥️ වෙලාවට කන්නේය.
    ♥️වෙලාවට නිදන්නේය.
    ♥️ඇහැරිලා ටිකක් පෙරලි පෙරලී ඉන්නේය.
    ♥️ප්ලේන්ටියක්ද ගහන්නේය.
    😂 පත්තර වල ඕප දූප නැතිය.
    😂 ටීවී එකේ දේශපාලුවන්ගේ මගුල් විවාද නැතිය.
    😂 පාර්ලිමේන්තුවේ කෝලං නැතිය.
    😂 නිදි මරං ඒවා බලන්න බැරිය.
    😥 ගෙවල් ගානේ සම්මාදමේ එන උං නැතිය.
    😥 දෙන්නද සතයක් නැතිය.
    😥 බයිසිකල් රේස් නැතිය.
    😥 අවුරුදු කුමාරි මිසිංය.
    ♥️ කෑම ජීවිතය නොවන බව දැන කන්නේය.
    ♥️ මස් මාලු අවමය.
    ♥️ දෙවේලක් කෑවත් ගෙදර උන් ඔක්කොම එකට කන්නේය.
    ♥️ මරණය සිහි කරන්නේය.
    ♥️ මොකට දිව්වාද කියා හිතෙන්නේය.
    🙏 රාජකාරී ඇමතුම් අවමය.
    🙏 හෙට දවසේ අවිනිශ්චිතතාවය ගැන වෙනදාට වඩා හිතෙන්නේය.
    🙏 සියලු සත්වයෝ නිදුක් වේවා යැයි සැබවින්ම සිතෙන්නේය.
    🙏🙏 පතන්නේය.
    ♥️ පරිසරයට නිවාඩුවක් ලැබිලාය.
    ♥️ මිනිසාව ගෙවල් තුල හිර කර පරිසරය සැනසුම් සුසුම් හෙලන්නේය.
    ♥️ සමාජය #ලොක්ඩවුන් වී ජිවිතය විවරව තිබේ.
    ♥️ දිනෙක මේ ලොක් එක අරිනු ඇත.
    ♥️ ජීවත් වුන දවස් කීපය අමතක කර දමන්න හැකි වේවිද ඔබටත් මටත්?
    ♥️♥️♥️ එන්න අපි ජීවත් වෙමු. ♥️♥️♥️
    🙏🙏🙏 🙏🙏🙏
    උපුටාගැනිමකි❤️