ලොකුගේ කෙල්ලට බය වෙලා
සේවක විරෝධය හා අකමැත්ත මත
කිසිදු පනතක් සම්මත කරන්නේ නෑ
- කම්කරු ඇමැති
සිසිල් ඩැනීසියස් - කටාන විශේෂ
සේවක සේවිකාවන්ගේ විරෝධය හා අකමැත්ත මත කිසිදු පනතක් ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකරන බැව් කම්කරු ඇමැති ගාමිණී ලොකුගේ මහතා පැවසීය. ඉකුත් 28 දා සෙනසුරාදා කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපීය ශ්‍රවණාගාරයේ පැවැති රැස්‌වීමකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. පුද්ගලික අංශයේ සේවක සේවිකාවන් සඳහා හඳුන්වා දීමට යෝජිත විශ්‍රාම වැටුප් කෙටුම්පත පිළිබඳ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලා හිමියන් සේවක සේවිකාවන් සේවක සභා නියෝජිතයන් හා වෘත්තීය සමිති නායකයන් දැනුවත් කිරීම සඳහා මෙම රැස්‌වීම පැවැත්විණි.
ඉකුත්දා මීගමුව - කොළඹ ප්‍රධාන බස් මාර්ගයේ කටුනායක 18 කණුව ප්‍රදේශයේ පැවැති උද්ඝෝෂණ ව්‍යාපාරයෙන් අනතුරුව ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත මෙම
රැස්‌වීම කැඳවා තිබුණේ ගම්පහ දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය විසිනි. මෙම රැස්‌වීමට 500 කට ආසන්න පිරිසක් පැමිණ සිටියහ.
කම්කරු ඇමැතිවරයා යෝජිත පනත් කෙටුම්පත පිළිබඳ දැනුවත් කිරීම ආරම්භ කිරීමත් සමග සේවක විරෝධතා මතුවන්නට විය. විරෝධතා මධ්‍යයේ ඇමැතිවරයා කරුණු දැක්‌වූ අතර සේවක අදහස් උදහස් දැක්‌වීමේදී ඉතා උද්වේගකර හා උණුසුම් තත්ත්වයක් ඇතිවිය. යෝජිත පනත පිළිබඳ සේවක සේවිකාවන් කල්වේලා ඇතිව දැනුවත් නොකිරීම, කඩිමුඩියේ පනත ගෙන ඒම, සේවක සේවිකාවන්ගේ, කර්මාන්ත හිමියන්ගේ හා වෘත්තීය සමිති නියෝජිතයන්ගේ අදහස් ලබා නොගැනීම, රජයේ පාර්ශ්වයෙන් පරස්‌පර අදහස් පළවීම ආදී ප්‍රශ්න ගණනාවක් මෙහිදී මතුවිය.
මසක් ඇතුළත පනතට අදාළ සංශෝධන ඉදිරිපත් කර ඒ පිළිබඳව සේව්‍ය සේවක දෙපාර්ශ්වයම දැනුවත් කරන බවට ඇමැතිවරයා දුන් පොරොන්දුවෙන් අනතුරුව රැස්‌වීම අවසන් විය. රැස්‌වීමෙන් පසු රජයේ මැති ඇමැතිවරු යෝජිත පනතට අදාළ පත්‍රිකා ද බෙදා දුන්හ.
ලසන්ත අලගියවන්න, සරත් කුමාර ගුණරත්න, ප්‍රසන්න රණතුංග, නිමල් ලාන්සා, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ලලිත් වනිගරත්න, ආනන්ද හරිස්‌චන්ද්‍ර, චන්ද්‍රිකා සකලසූරිය යන පාර්ලිමේන්තු හා පළාත් සභා මැති ඇමැතිවරුද මහින්ද මඩිහේවා මහතාද මෙම රැස්‌වීමට පැමිණ සිටියහ.