ලොකු උදවුවක් ඕන වෙලා තියනවා
මම කෙටියෙන් කියන්නම් වෙලා තියන දේ.
මමයි මගේ කෙල්ලයි යාලු වුනේ මිට අවුරුදු 3කට විතර කලින්. අපි යාලු වුනේ ෆේස්බුක් එකෙන් අදුරගෙන. ඒ වෙනකොට එයා වෙන රටක හිටියේ ඉගන ගන්න ගිහින්. ඒ සම්පුර්ණ කාලෙටම අපි දැකල කතා කරලා නෑ. අපි අතරේ කිසිම ප්‍රශ්නයක් තිබුනෙත් නෑ.
එත් මිට අවුරුද්දකට විතර කලින් එයා ලංකාවට ආවා. ඊට පස්සේ තමයි අපි ඇත්තටම හම්බ වෙලා කතා කරන්න පටන් ගත්තේ. ටික දවසක් යනකොට තමයි තේරුනේ ඔන්ලයින් හිටියට වඩා ඇත්තට සැහෙන්න වෙනස් කියල.හැමදාම රණ්ඩු ඉවරයක් නෑ. තරහ වෙලා නොහිටපු දවසක් නැති තරම්. කොටින්ම කිවුවොත් අපි ගැලපෙන්නේ නැ. ප්‍රශ්නේ තියෙන්නේ අපි ගැලපෙන්නේ නෑ කියන එක එයා පිළිගන්නෙත් නෑ. ඒකටත් රණ්ඩු.
මම හොදටම දන්නවා මෙහෙම ප්‍රශ්න තියාගෙන බැන්දොත් අපි දෙන්නම හැමදාම රණ්ඩු වේවි ඉදි කියල. ඒ නිසා මට ඕනේ මෙ සම්බන්ධය නවත්වන්න,
මම කියන කිසිදෙයක් පිලි නොගත්තට එයයි එයාගේ ගෙදර අයයි ජ්‍යෝතිෂ්‍ය පිලිගන්නවා. ඉතින් මට ඕනේ මගේ කේන්දරය එයාගේ කේන්දරයට කොහොමවත් ගැලපෙන්නේ නැති විදිහට හදාගෙන එයාලට බලන්න දෙන්න. කේන්දර ගැලපෙන්නේ නැති නිසා අපිට හොද විදිහට මෙක නවත්තගන්න පුළුවන් දෙන්නගෙම හොදට. ඉතින් ඒ සම්බන්දව මට කෙනෙක් උදවු කරන්න හරි උදවු කරන්න පුලුඉවන් කෙනෙක් සම්බන්ධ කරලා දෙන්න පුළුවන් නම් පින් සිද්ධ වෙනවා.

උබේ වයස හා කෙල්ලගේ වයස කියද?