JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser .
.... ලොකේ අමුතු පුවත් ....
අඩි 20, 000 ක් ඉහළ අහසේදී කෝපි කෝප්පයක්
වායු බැලූනයක නැගී අඩි 20, 000 ක්(කිලෝ මීටර් 6 .3) පමණ ඉහළට අහසට ගමන් කර එහිදී කෝපි කෝප්පයක් සෑදීමෙන් අපූරු ලෝක වාර්තාවක් පිහිටුවීමට ලිතුවේනියානුවන් පිරිසක් සමත්ව තිබේ. ඉතාමත් ඉහළ අහසට ගමන් කිරීමට මෙම පිරිස ආරක්ෂක ඇඳුම් පැළඳුම් මෙන්ම ඔක්සිජන් ආවරණ ද භාවිත කර ඇත. එම ඉහළ අහසේ සෙල්සියස් අංශක -20 ක් පමණ වූ උෂ්ණත්වයකදී උණුසුම් කෝපි කෝප්පයක් සකස්කිරීම සඳහා මෙම කණ්ඩායම විශේෂ උපකරණ භාවිත කර ඇති බව ද සඳහන්ය. පෘථිවියේදී මෙන්ම එම කෝපි රසවත් බවින් යුක්ත වූ බව ද ඔවුන් සඳහන් කර තිබේ.
දුර්ලභ කකුළු වර්ගයක් වසර 99 ට පසු හමුවෙයි
ඉතාමත් දුර්ලභ විශේෂයකට අයත් ක්ෂුද්‍රරූපී කකුළු විශේෂයක් වසර 99 ට පසු නැවත හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. මෙම කකුළු විශේෂය අවසන්වරට හමුවී ඇත්තේ 1912 වසරේදීය. එංගලන්තයේ නිව්ක්වේ නගරයේ ධීවරයෙකු විසින් ධීවර කටයුතුවල යෙදී සිටියදී මෙම කකුළුවා ඔහුගේ දැලට හසුව ඇති අතර ඔහු විසින් මෙම කකුළුවා දේශීය මින් මැදුරක් වෙත බාර දී තිබේ. මෙම කකුළු විශේෂය ඉතාමත් දුර්ලභ බව සමුද්‍ර ජීවි විශේෂඥයින් විසින් අනාවරණය කරගෙන ඇත.
මාර සිද්දි තමා තියෙන්නේ
ස්පාඤ්ඤයේ මහා තක්කාලි ගැටුම
ලොව දැවැන්තම ආහාර සටන ලෙස සැලකෙන La Tomatina මහා තක්කාලි ගැටුම නිසා ස්පාඤ්ඤයේ බුනොල් නගරය තක්කාලි යුෂවලින් රත් පැහැ ගැන්වී ඇති බව වාර්තා වේ. සෑම වසරකම 40, 000 ක පමණ පිරිසක් La Tomatina උත්සවය වෙනුවෙන් මෙම කුඩා නගරයට රැස්වන බව සඳහන්ය. එහිදී තක්කාලි ටොන් 120 ක් පමණ මෙම උත්සවය සඳහා රැගෙන එන අතර සහභාගිවන්නන් විසින් එම තක්කාලිවලින් එකිනෙකා වෙත පහරදෙමින් විනෝදයක් ලබයි.
iPad සමග බඩු ගෙනයන ට්‍රොලියක්
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේ කෙන්සිංටන් ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් විසින් එම වෙළඳසැලෙන් භාණ්ඩ මිලදීගන්නා පාරිභෝගිකයින් වෙත නවතම සේවාවක් හඳුන්වා දී තිබේ. මිලදීගන්නා භාණ්ඩ තබාගැනීම සඳහා පාරිභෝගිකයින් විසින් රැගෙන යන ට්‍රොලි උපකරණවල iPadසවිකර තිබීම මෙම සේවාව වේ. මෙම අධි තාක්ෂණික ට්‍රොලි උපකරණය රැගෙන යන පාරිභෝගිකයින්ට භාණ්ඩ තෝරාගන්නා අතරම ඊට සම්බන්ධ කරන ලද iPad ය මගින් සජීවීව ක්‍රීඩා තරග හෝ ප්රවෘත්ති නැරඹීමේ අවස්ථාව ලැබේ. මෙම ට්‍රොලිය තුළ සූර්ය ශක්තියෙන් ක්‍රියාත්මක වන charger උපකරණයක් ද ඇතුළත්ය.
ස්කෑන් කළ හැකි මවුසයක්
LG සමාගම අපූර්වතම ආකාරයේ නිපැයුමක් නිපදවීමට සමත්ව තිබේ. LG’s new LSM-100 ලෙස නම් කර ඇති සාමාන්‍ය පරිගණකයක භාවිත වන මවුසයකි. එහෙත් මෙම මවුසයේ ස්කෑනරයක් අන්තර්ගත වීම විශේෂත්වය වේ.
සාමාන්‍ය ප්‍රමාණයේ ලේසර් මවුසයක් වන මෙය ස්කෑන් කිරීමට අවශ්‍ය මතුපිට මත ස්පර්ශ කරගෙන යාම මඟින් එහි දත්ත පරිගණකය වෙත යැවිය හැක. PNG, JPEG, TIFF, BMP, PDF, XLS මෙන්ම DOC යන ආකාරවලින්ද මෙම උපකරණය මඟින් ලිපි ස්කෑන් කිරීමට හැකියාව පවතින අතර A3 ප්‍රමාණයේ වපසරියක් දක්වා එකවර ස්කෑන් කළ හැකි වීම ද විශේෂත්වයකි.
Man arrested for allegedly biting python — twice
Snake expected to recover after emergency surgery, losing ribs, getting stitched up
Officers were called to Del Paso Heights around 6:30 p.m. Thursday after a passer-by reported that a man was lying on the ground and might have been assaulted, according to Sgt. Andrew Pettit. When they arrived, they found David Senk, 54, still lying there — but police say he wasn't the one who was assaulted.
Another man approached officers and accused Senk of taking two bites out of his pet python , Pettit said.
The man, who was an acquaintance of Senk, told police that the suspect asked to hold the pet, then began biting , the Sacramento Bee reported.
Senk was arrested on suspicion of unlawfully maiming or mutilating a reptile and booked on $10,000 bail.
කැමරා හා පන්දම් එළියෙන් නිමවුණු ඩයිනෝසරයින්
කැමරාවක් සහ විදුලි පන්දමක් පමණක් භාවිත කරමින් හිස් අවකාශයේ විස්මය දනවන ඩයිනෝසරයින්ගේ රූ රැගත් දර්ශන පෙළක් නිර්මාණය කිරීමට කලාකරුවෙක්ම මෙන්ම ඡායාරූප ශිල්පියෙකු වන ඩැරන් පියර්සන් සමත්ව තිබේ. light graffiti නම් ක්‍රමවේදය භාවිත කරමින් ඔහු මෙම අපූරු නිර්මාණය ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.
දිගු කන් එක්ක බල්ලෙක් වාර්තා පොතට
කළු සහ දුඹුරු පැහැ සිරුරක් හිමි "හාබර්" නම් සුනඛයා ලොව දිගම කන් හිමි සුනඛයා ලෙස ගිනස් වාර්තා පොතට එක්වීමට අවස්ථාව උදාකරගෙන තිබේ. 8 හැවිරිදි වියෙහි පසුවන හාබර්ට ඉතා අසාමාන්‍ය දිගකින් යුත් කන් දෙකක් හිමිව පවතින අතර වම් කන සෙන්ටිමීටර් 31 .1 ක දිගකින් ද, දකුණු කන සෙන්ටිමීටර් 34 .3 ක දිගකින්ද යුක්තය. හාබර් දිවයන විට මෙම දිගු කන් නිසා මහත් කරදරයට පත්වන බව හාබර්ගේ හිමිකරු වන ජෙනිෆර් සඳහන් කර තිබේ.
මහා වතුර බැලුන් ගැටුමක්
වතුර පුරවන ලද බැලුන් 175,141න් සන්නද්ධ වූ පුද්ගලයින් 8,957 දෙනෙකු ලොව දැවැන්තම වතුර බැලුන් සටන පවත්වමින් ලෝක වාර්තාවක් තැබීමට සමත්ව තිබේ. කෙන්ටකි විශ්ව විද්‍යාලයේදී පවත්වන ලද මෙම ගැටුම ක්‍රිස්තියානි ශිෂ්‍ය මිත්‍රත්ව සංසදය මගින් සංවිධානය කර ඇත. මෙම අපූරු අවස්ථාව සඳහා සහභාගිවූවන් මිනිත්තු 07 ක් තුළ වතුර පුරවන ලද සියලුම බැලූන් එකිනෙකා වෙත දමා ගැසීමට සමත්ව තිබීම ද විශේෂත්වයකි. ඒ අනුව මිනිත්තුවක් තුළ මෙම පිරිස බැලුන් 25,020 ක ප්‍රමාණයක් හෝ තත්ත්පරයක් තුළ බැලුන් 417 ක ප්‍රමාණයක් එකිනෙකා වෙත දමා ගසා ඇති බව සඳහන්ය.
මහා වතුර බැලුන් ගැටුමක්
වතුර පුරවන ලද බැලුන් 175,141න් සන්නද්ධ වූ පුද්ගලයින් 8,957 දෙනෙකු ලොව දැවැන්තම වතුර බැලුන් සටන පවත්වමින් ලෝක වාර්තාවක් තැබීමට සමත්ව තිබේ. කෙන්ටකි විශ්ව විද්‍යාලයේදී පවත්වන ලද මෙම ගැටුම ක්‍රිස්තියානි ශිෂ්‍ය මිත්‍රත්ව සංසදය මගින් සංවිධානය කර ඇත. මෙම අපූරු අවස්ථාව සඳහා සහභාගිවූවන් මිනිත්තු 07 ක් තුළ වතුර පුරවන ලද සියලුම බැලූන් එකිනෙකා වෙත දමා ගැසීමට සමත්ව තිබීම ද විශේෂත්වයකි. ඒ අනුව මිනිත්තුවක් තුළ මෙම පිරිස බැලුන් 25,020 ක ප්‍රමාණයක් හෝ තත්ත්පරයක් තුළ බැලුන් 417 ක ප්‍රමාණයක් එකිනෙකා වෙත දමා ගසා ඇති බව සඳහන්ය.
ලණු මතින් පැන බලු රෑනක් වාර්තා පොතට යයි
බල්ලන් 13 දෙනෙකු එක්ව තබන ලද අපූරු ලෝක වාර්තාවක පිළිබඳව මෙම පුවත වාර්තා වේ. ඒ එකම ලණුවක් මතින් වැඩිම බල්ලන් ප්‍රමාණයක් පැනීම ලෙස තබන ලද ගිනස් ලෝක වාර්තාවකි. මිනිසුන් පිරිසක් ලණු මතින් පනිමින් විනෝදවෙමින් සිටි අවස්ථාවක එම ස්ථානයට පැමිණි කුඩා බලු පැටවකු ද එම ලණුව මතින් පැනීමට උත්සාහ දැරීමේ සිදුවීමක් නිසා මෙම වාර්තාව පිළිබඳ අදහස නැගුණු බව, මෙම බල්ලන් 13 දෙනා හසුරවමින් වාර්තාව තැබීමට කටයුතු කළ ජපාන ජාතික උචිඩා ගෙනොව්ෂා සඳහන් කර තිබේ. මෙම වාර්තාව පිහිටුවීමට පෙර මෙම සියලුම බල්ලන්ට අදාළ කාර්යය සඳහා පූර්ණ පුහුණුව ලබා දී ඇති බව ද සඳහන්ය. 2012 වසරේ ගිනස් වාර්තා අතරට මෙම නව වාර්තාව එක්කිරීමට නියමිතව ඇත.
ලොව මිටිම කාන්තාව ලෙස නව ලෝක වාර්තාවක්
ඉල්ලිනොයිස් හි වෙසෙන 22 හැවිරිදි බ්‍රිජට් ජෝර්ඩන් ලොව දැනට ජීවත්ව සිටින උසින් අඩුම කාන්තාව ලෙස නව ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීමට සමත්ව තිබේ. ඇයගේ උස සෙන්ටිමීටර් 69 ක්(අඩි 2 අඟල් 3) පමණි. එමෙන්ම සෙන්ටිමීටර් 98 ක්(අඩි 3 අඟල් 2) උස ඇයගේ බාල සොහොයුරා සමග එක්ව ලොව දැනට වෙසෙන උසින් අඩුම සහෝදරයින් ලෙස තවත් වාර්තාවක් පිහිටුවීමට සමත්වීම ද විශේෂත්වයකි. 20 හැවිරිදි බ්‍රිජට්ගේ සොහොයුරා නමින් බ්‍රැඩ් ජෝර්ඩන්ය. Majewski osteodysplastic primordial dwarfism type II නම් රෝගී තත්ත්වය මොවුන්ගේ වැඩීම බාලවීමට හේතුව වී ඇති බව ද සඳහන්ය.
සැබෑ කාරය මෙන් සත් ගුණයක් මිලැති සෙල්ලම් කාරයක්
මිලෙන් අධික සුපිරි මෝටර් රථයක් වන Lamborghini Aventador LP 700-4 වර්ගයේ මෝටර් රථයක අනුරුවක් හඳුන්වා දී තිබේ. නමුත් මෙහි විශේෂත්වය වන්නේ එහි වටිනාකම සැබෑ මෝටර් රථයේ වටිනාකම මෙන් 7 ගුණයකටත් වඩා ඉහළ අගයක් ගැනීමය. කැරට් 24 රත්රන්, ප්ලැටිනම් හා දියමන්ති යොදාගනිමින් මෙම මෝටර් රථ අනුරුව නිපදවා ඇත. එළඹෙන දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත වෙන්දේසියකදී අලෙවි කිරීමට නියමිත මෙම මෝටර් රථ අනුරුවේ ආරම්භක වෙන්දේසි මුදල ඇමරිකානු ඩොලර් මිලියන 4.65 කි. සැබෑ මොටර් රථයේ ප්‍රමාණය මෙන් 8 ගුණයක් කුඩා මෙම අනුරුවේ බඳ කොටස රත්රන් කෙඳි මිශ්‍රිත කාබන් තන්තු වලින් නිපදවා ඇත.
ලොව කුඩාම කැමරාව වෙළඳපොළට එයි
ඇඟිලි තුඩ මත තැබිය හැකි තරම් ක්ෂුද්‍ර පරිමාණයකින් යුත් ලොව කුඩාම ඩිජිටල් කැමරාව වෙළඳපොළට පැමිණ තිබේ. පූර්ණ ක්‍රියාකාරිත්වයකින් යුත් මෙම කැමරාව මගින් මෙගාපික්සල් 2 ක ප්‍රමාණයේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගත හැකිය. අඟලක පමණ විශාලත්වයෙන් යුත් මෙම කැමරාවේ ස්කන්ධය අවුන්සයක් පමණක් වන අතර එහි වටිනාකම පවුම් 65 කි. ස්වයංක්‍රීයව නාභිගතවන මෙම කැමරාවේ ආරෝපණය කරන ලද බැටරිය මිනිත්තු 30 ක කාලයක් ක්‍රියාකාරී මට්ටමේ පවතී. එමෙන්ම මෙම කැමරාවෙහි 2 GB ක ධාරිතාවයකින් යුත් ක්ෂුද්‍ර ප්‍රමාණයේ SD කාඩ්පතෙහි ඡායාරූප හා වීඩියෝ දර්ශන ගබඩා කර තබාගත හැකිය.
බියර් බෝතල් උඩින් තනි රෝදේ සයිකලයෙන් ගොස් වාර්තාවක
පෙළට තබන ලද බියර් බෝතල් උඩින් තනි රෝදයේ සයිකලයක් පැදීමෙන් වාර්තාවක් පිහිටුවීමට ජර්මන් පා පැදිකරුවකු සමත්ව තිබේ. තනි රෝදයේ සයිකල් පැදීමට මහත් ලැදිකමක් දක්වන ලුට්ස් එච්හෝල්ස් බියර් බෝතල් උඩින් මීටර් 7 .99 ක දුරක් පැදීමෙන් ඔහු විසින්ම තබන ලද වාර්තාව බිඳදමා ඇත්තේ බියර් බෝතල් උඩින් මීටර් 8 .93 ක දුරක් තනි රෝදයේ සයිකලය පැදීමෙනි. ලුට්ස්ගේ මෙම වාර්තාව පිහිටුවීම සඳහා පානය කර හිස් කරන ලද බියර් බෝතල් මීටර් 10 ක් දුරට පෙළට තබා ඇති අතර ඔහු ඒ හරහා මීටර් 8 .93 ක දුරක් සයිකලය ධාවනය කරවීමට සමත්ව ඇත.
විවාහ ප්‍රතිඥාව 100 වතාවක් දුන් යුවලක්
සාමාන්‍යයෙන් යුග දිවියට ඇතුළුවන ඕනෑම යුවලක් විවාහ චාරිත්රවලදී එක් වතාවක් විවාහ ප්‍රතිඥාව ලබාදිය යුතුය. නමුත් සිය විවාහ ජීවිතය තුළ එම ප්‍රතිඥාව 100 වතාවක් ලබාදුන් විවාහක යුවලක් පිළිබඳව මෙම පුවත වාර්තා වේ. අමෙරිකා එක්සත් ජනපදයේ ටෙනසී ප්‍රාන්තයේ විවාහක යුවලක්, එකම යුවලක් විසින් "වැඩිම වාර ගණනක් විවාහ ප්‍රතිඥාව අලුත් කළ යුවල" ලෙස ගිනස් වාර්තා පොතට එක්වීමට සමත්ව ඇත. 1982 වසරේදී යුග දිවියට ඇතුළු වූ මෙම පළමුවරට එම වසරේදී විවාහ ප්‍රතිඥාව ලබා දී තිබේ. එතැන් සිට අවස්ථාවන් 99 කදී මෙම යුවල සිය විවාහ ප්‍රතිඥාව අලුත් කර ඇති අතර එහිදී විවිධ ස්ථානවලදී එම සැමරුම් උත්සව පවත්වා ඇත.
දුර පැනීමේ ශූරයා කාර් 3 ක් පසුකරයි
එංගලන්තයේ දුර පැනීමේ ශූරයා වන ජේ. ජේ. ජෙගේඩේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ඔහු සිදුකරන සාමාන්‍ය පුහුණුවීම් කටයුතුවලදී පෙළට නවතා තබන ලද මිනි මෝටර් රථ 03 ක් හරහා පැනීමට සමත්ව තිබේ. 2012 වසරේදී ලන්ඩනයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මෙවැනි දුරක් පැනීමෙන් දස්කම් දැක්වීමට ජෙගේඩේ සූදානමින් සිටියි. ජාත්‍යන්තර දුර පැනීමේ තරග සඳහා අනුගමනය කළ යුතු තරග කොන්දේසීවලට අනුගතව මේ අනුව මෙම දක්ෂ මලල ක්‍රීඩකයාට මීටර් 7 ක හෝ 8 ක දුරක් පැනීමේ හැකියාව පවතින බව වාර්තා වේ.