.... ලොකේ අමුතු පුවත් ....

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මාර්ග තදබදය පාලනයට අභිරූපණ ශිල්පීන්


    855516746mim.jpg


    නගරබද මාර්ග තදබදය පාලනය කිරීම සඳහා අභිරූපණ ශිල්පීන් යොදාගැනීමට වෙනිසියුලාවේ අගනුවර වන කැරකස් නුවර ප්‍රධානීන් තීරණය කර තිබේ. මාර්ග තදබදය පාලනය කිරීම සඳහා ඔවුන් අභිරූපණ ශිල්පීන් 120 දෙනෙකු සේවය සඳහා බඳවාගෙන ඇති බව ද වාර්තා වේ. බොහෝ රියදුරන් මාර්ග නීති සම්බන්ධව ඉතා සුළු අවධානයක් පමණක් යොදන බවත් එය වැළැක්වීම සඳහා මෙවැනි පියවරක් අනුගමනය කිරීමට තීරණය කළ බවත් අදාළ බලධාරීන් සඳහන් කර තිබේ. මෙම අභිරූපණ ශිල්පීන් විසින් නිහඬව ඔවුන්ගේ අතැඟිලි සහ මුහුණේ ඉරියව් භාවිත කරමින් රියදුරන් වෙත අවශ්‍ය දැනුම්දීම් සිදුකරන බව සඳහන්ය. සම්ප්‍රදායික රථවාහන පොලිස් නිලධාරීන්ට වඩා මෙම ශිල්පීන් වෙත රියදුරන් යහපත් ප්‍රතිචාර දක්වනු ඇති බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කොමඩු ගෙඩියක ප්‍රමාණයේ අලිගැට පේර


    1100514416avacado.jpg


    සාමාන්‍ය ප්‍රමාණයේ අලිගැට පේර ගෙඩියක් මෙන් දස ගුණයකට වැඩි විශාලත්වයකින් යුත් දැවැන්ත අලිගැටපේර වර්ගයක් බ්‍රිතාන්‍යයේ වෙළඳපොළ වෙත පැමිණ තිබේ. මෙම එක් අලිගැට පේර ගෙඩියක සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 1 .5 ක් පමණ වේ. එමෙන්ම එම එක් ගෙඩියක් සඳහා මිල පවුම් 4 .99 ක මිලක් නියම කර ඇති බව ද සඳහන්ය.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    වයස අවුරුදු 11 ක දරුවෙකුගෙන් ලෝක වාර්තාවක්


    1247852439india.jpg


    රෝද සවිකරන ලද පාවහන් පැළඳ එක පෙළට නවතා තබන ලද මෝටර් රථ 20 ක් යටින් ගමන්කිරීමෙන් නව ගිනස් ලෝක වාර්තාවක් ඉන්දීය ජාතික දරුවකු සමත්ව තිබේ. 11 හැවිරිදි රෝහන් අජිත් කොකනේ නම් දරුවා විසින් මෙම වාර්තාව පිහිටුවා ඇති බව සඳහන්ය. නවතා තබන ලද එක් එක් මෝටර් රථය අතර සෙන්ටිමීටර් 35 ක පරතරයක් තබා ඇති අතර ඔහු ගමන් කළ මුළු දුර අඩි 126 අඟල් 11 කි. මෝටර් රථ යටින් ඔහු ගමන්කරන අතරතුර තත්ත්පර 30 ක කාලයක් පමණක් සුළු විවේකයක් සඳහා මඳකට ගමන නවතා ඇත. මීට පෙර මේ යටතේ තබා තිබූ වාර්තාවට අනුව එම වාර්තාව තබන ලද පුද්ගලයා ගමන්කර තිබුණේ අඩි 26 ක දුරක් පමණි.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කෑමට ගත හැකි තජ් මහලක්



    1069690519tajmahal.jpg



    ආහාරයට ගත හැකි ලොව විශාලතම තජ් මහලෙහි ආකෘතියක් නිර්මාණය කරමින් ලෝක වාර්තාවක් නිර්මාණය කිරීමට ආහාර නිර්මාණකරුවකු සමත්ව තිබේ. ව්‍යාංජන රසකාරක, බත්, පපඩම් සහ බොම්බේ අර්තාපල් ආදිය යොදාගනිමින් අඩි 3 Xඅඩි 10 Xඅඩි 5 ක විශාලත්වයකින් යුත් මෙම ආකෘතිය නිර්මාණය සඳහා දින 05 ට වැඩි කාලයක් ගතව තිබේ. තජ් මහල් ආකෘතියේ ගෝලාකාර කොත සම්පූර්ණයෙන්ම නිර්මාණය කර ඇත්තේ චපාති නම් ආහාර යොදාගනිමිනි. අමෙරිකාවේ ආහාර ජාලයක නව ආහාර වර්ගයක් හඳුන්වාදීමේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් මෙම අපූරු තජ් මහල නිර්මාණය කර තිබේ. තජ් මහල පිහිටි උද්‍යානයේ කොටසක් සඳහා පපඩම් ද, ගස් සඳහා කොළ මිරිස් ද, යොදාගෙන ඇති අතර උද්‍යානයේ වෙනත් සැරසිලි වෙනුවෙන් අඹ චට්නි ද යොදාගෙන ඇත.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    රැවුලයි කොණ්ඩෙයි දෙකම බේරගන්න


    819552916hat.jpg


    ශීත කාලයේදී අධික ශිතලෙන් ආරක්ෂා විය හැකි අපූරු හිස්වැස්මක් කැනේඩියානු නිර්මාණකරුවන් පිරිසක් විසින් හඳුන්වා දී තිබේ. විශේෂත්වය වන්නේ සම්පූර්ණයෙන්ම හිස ආවරණය වන සුවපහසු හිස්වැස්මක් මෙන්ම දෙකොපුල් සහ නිකට ආවරණය වන රැවුලක ආකාරයේ ආවරණයක් ද සහිත වීමය. මෙම අපූරු හිස්වැස්ම සඳහා අන්තර්ජාලය ඔස්සේ ඉහළ ඉල්ලුමක් පවතින බව ද එහි නිර්මාණකරුවන් පවසයි. මෙම රැවුල් ආවරණය මුහුණට කිසිදු අපහසුවක් ගෙනනොදෙන බවත්, එය පළඳින්නා හොඳින් ශීතලෙන් ආරක්ෂා කිරීමට සමත් බවත් ඔවුන් පෙන්වා දී ඇත.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ලොව විශාලතම විකටයින්ගේ එකතුව


    962370136ezmd81z9.jpg


    61 හැවිරිදි වියෙහි පසුවන ජර්මන් ජාතික කාන්තාවක ලෝකයේ විශාලතම කවටයින්ගේ එකතුවට හිමිකම් කියන්නිය ලෙස ගිනස් ලෝක වාර්තා පොතට එක්වීමට සුදුස්සෙකු බවට හඳුනාගෙන තිබේ. මෙම කාන්තාව වසර 15 ට වැඩි කාලයක සිට මෙසේ කවටයින්ගේ ආකෘති එක්රැස්කරන අතර ඇය සතුව මේ වනවිට එකිනෙකට වෙනස් කවට ආකෘති 2053 ක් වන බව ද වාර්තා වේ. මෙම කවටයින්ගේ එකතුව වෙනුවෙන් ඇය ජර්මනියේ එසෙන්හි පිහිටි සිය නිවසෙහි කෞතුකාගාරයක් ද නිර්මාණය කර ඇති බව සඳහන්ය. මෙම කවටයින් සිය ජීවිතයේ පරිණාමය නිරූපණය කරන බව මෙම විශ්‍රාමික සිවිල් සේවිකාව ප්‍රකාශ කර තිබේ.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    iPad සමග බඩු ගෙනයන ට්‍රොලියක්


    772748257trolly.jpg


    බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේ කෙන්සිංටන් ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් විසින් එම වෙළඳසැලෙන් භාණ්ඩ මිලදීගන්නා පාරිභෝගිකයින් වෙත නවතම සේවාවක් හඳුන්වා දී තිබේ. මිලදීගන්නා භාණ්ඩ තබාගැනීම සඳහා පාරිභෝගිකයින් විසින් රැගෙන යන ට්‍රොලි උපකරණවල iPadසවිකර තිබීම මෙම සේවාව වේ. මෙම අධි තාක්ෂණික ට්‍රොලි උපකරණය රැගෙන යන පාරිභෝගිකයින්ට භාණ්ඩ තෝරාගන්නා අතරම ඊට සම්බන්ධ කරන ලද iPad ය මගින් සජීවීව ක්‍රීඩා තරග හෝ ප්‍රවෘත්ති නැරඹීමේ අවස්ථාව ලැබේ. මෙම ට්‍රොලිය තුළ සූර්ය ශක්තියෙන් ක්‍රියාත්මක වන charger උපකරණයක් ද ඇතුළත්ය.
    මේ ටික නම් ලගදිම ලංකාවේ එවුන්ගේ ගෙවල්වල තියෙයි....:lol::lol::lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    වෙරළේ රූ රටා ඇඳ ජය ලබයි


    1-20.jpg


    ලෝක වෙරළ කලා ශූරතා තරගාවලිය වෙනුවෙන් පසුගිය දිනවල ජර්සි හි බොහෝ වෙරළවල් විවිධ කලා නිර්මාණ බවට පත්වෙමින් පැවති බව විදෙස් මාධ්යස වාර්තා පවසයි. මෙම තරගාවලිය වෙනුවෙන් විවිධ කලා ශිල්පීන් වෙරළ මත දැවැන්ත කලා නිර්මාණ බිහිකරන අතර ප්රංවශ ජාතික කලාකරුවකු වන ප්රංවශ ජාතික සෑම් ඩවුගඩොස් විසින් රේඛා සහ වෘත්ත ඇසුරින් වෙරළ මත ඔහු නිර්මාණය කළ කලා නිර්මාණය වෙනුවෙන් අදාළ ශූරතාව දිනාගැනීමට සමත්ව තිබේ. කෙසේවෙතත් දිගු වේලාවක් මෙම කලා නිර්මාණය රසවිඳීමට සංචාරකයින්ට අවස්ථාවක් ලැබී නොමැති අතර රළ පෙළ නිසා ඉක්මනින්ම එම චිත්රවය මැකී ගොස් ඇති බව ද වාර්තා වේ.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පියාඹන ආසනයක්


    185872053flight.jpg


    පෞද්ගලික ගුවන්යානයක් ලෙස භාවිත කළ හැකි අපූරු පියාසර කරන ආසනයක් නිර්මාණය කිරීමට ජර්මානු ජාතික ඉංජිනේරුවන් පිරිසක් සමත්ව තිබේ. e-volo නම් ආයතනය යටතේ නිර්මාණය කරන ලද අවර පෙති 16 ක් මගින් ක්රිරයාත්මක වන මෙම උපකරණය "නම්යතශීලී, සිරස් අතට ආරම්භ වන, මිනිසුන් රැගෙන යා හැකි ප්රනවාහන උපකරණයක්" ලෙස හඳුන්වා දී ඇත. 2011 ඔක්තොම්බර් මාසය අවසන් වනවිට මෙම උපකරණය නිර්මාණය හා ඊට අදාළ පර්යේෂණ කටයුතු ද අවසන් කර ඇති බව සඳහන්ය. නිරිතදිග ජර්මනියේ ගුවන්පථයක ප්රේථමවරට අත්හදාබලන ලද මෙම උපකරණය මිනිත්තු 01 තත්ත්පර 30 ක කාලයක් සම්පූර්ණ කර තිබේ.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඩොලර් මිලියනයක් වටිනා ලොව විශාලතම රන් කාසිය


    1147133089coin.jpg


    ඕස්ට්රේිලියාවේ පර්ත් නුවර ලෝහ කර්මාන්ත ශාලාවක් මගින් සෙන්ටිමීටර් 80 ක පරිධියකින් හා සෙන්ටිමීටර් 12 ක ගැඹුරකින් යුත් ලොව විශාලතම රන් කාසිය නිපදවා තිබේ. 02 වන එළිසබෙත් මහ රැජිණගේ රුව එක් පසෙකත් කැන්ගරුවෙකුගේ රුව අනෙක් පසත් අන්තර්ගත මෙම දැවැන්ත කාසියේ ස්කන්ධය ටොන් එකකි. මෙම කාසියේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියනයක්(පවුම් 650, 000) වන බවට ගණන් බලා ඇති අතර මෙම කාසිය නිර්මාණය කිරීම සඳහා පවුම් මිලියන 35 ක පමණ රන් වැය වී තිබේ.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බල්ලන්ට බීර


    2132729606beer.jpg


    සුනඛයින් සඳහාම විශේෂයෙන් සැකසුණු බීර වර්ගයක් නිෂ්පාදනය කිරීමට බීර නිෂ්පාදන සමාගමක් කටයුතු කර තිබේ. Bowser Beer නම් මෙම බීර වර්ගය පානය කිරීමෙන් සුනඛයින් මත්නොවන අතර එය සුනඛ ආහාර ජීර්ණ පද්ධතිය සමග ක්‍රියාත්මක වන අයුරින් නිෂ්පාදනය කර ඇත. මෙම බීර වර්ගයෙහි අන්තර්ගත විටමින් සුනඛයින්ගේ ලෝම වැස්මෙහි දීප්තිය වර්ධනය කිරීමට හේතුවන බව සඳහන්ය. එමෙන්ම සුනඛයින් සඳහා අහිතකර වන බීර මල් වෙනුවට මෙම බීර වට්ටෝරුව සඳහා කුකුල් මස් සහ ගව මස් උපයෝගී කරගෙන තිබේ. එමෙන්ම ගවමස් සූපයක රසයෙන් යුත් මෙම බීර වර්ගය සඳහා සුනඛයින් මහත් ප්‍රියතාවයක් දක්වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි




     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    වෙනස්තාලේ ඡායාරූප ප්‍රදර්ශනයක්


    691431637photo.jpg


    පැය 24 ක කාලයක් තුළ Flickr වෙබ් අඩවියට ඇතුළු කරන ලද ඡායාරූපවල පිටපත් යොදාගනිමින් එරික් කෙසල්ස් නම් කලාකරුවා විසින් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් හි ඡායාරූප ප්‍රදර්ශනයක් පවත්වා තිබේ. ඒ අනුව මෙම ප්‍රදර්ශනය සඳහා ඡායාරූප පිටපත් මිලියනයකට වැඩි ප්‍රමාණයක් යොදාගෙන ඇති බව සඳහන්ය. සමාජයීය ජාල සහ ඡායාරූප හුවමාරු කරගත හැකි වෙබ් අඩවි හරහා අධික ප්‍රමාණයකින් යුත් ඡායාරූප ප්‍රමාණයක් එළිදැක්වීමට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රදර්ශනය සංවිධානය කළ බව එරික් කෙසල්ස් සඳහන් කර තිබේ.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නත්තලට රත්තරන් කේජු


    1102098100cheese.jpg


    නත්තල් සමය වෙනුවෙන් ඉතා අනර්ඝ කේජු වර්ගයක් නිපදවීමට චීස් නිෂ්පාදකයින් පිරිසක් සමත්ව තිබේ. ස්ටිල්ටන් නමින් හැඳින්වෙන කේජු වර්ගයට රන් මිශ්‍ර කර නිෂ්පාදනය කර ඇති මෙම කේජු වර්ගය Clawson Stilton Gold ලෙස නම්කර තිබේ. මෙම අපූරු කේජු වර්ගයෙන් ග්‍රෑම් 100 ක ස්කන්ධයෙන් යුත් කේජු පෙත්තක් පවුම් 60 .87 ක මිලකට ද, කේජු කිලෝවක් පවුම් 608 ක මිලකට ද වටිනාකම තීරණය කර තිබේ. එම වටිනාකම ස්ටිල්ටන් වර්ගයේ කේජුවල සාමාන්‍ය මිල මෙන් 67 ගුණයක් වන බව ද සඳහන්ය. මේ දක්වා බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කරන ලද මිල අධිකම කේජු වර්ගය ලෙස මෙම කේජු වර්ගය වාර්තා පොතට එක්වීම ද විශේෂත්වයකි.
     
    • Like
    Reactions: MSaman

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    වීදි අතර සිතුවම් වූ ලොව දැවැන්තම ත්‍රිමාණ චිත්‍රය


    16881277263d.jpg


    ලන්ඩනයේ කනේරි වෝෆ් හි වීදි අතර අපූරු ත්‍රිමාණ සිතුවමක් නිර්මාණය කරමින් ලොව දැවැන්තම ත්‍රිමාණ සිතුවම ලෙස නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට ලන්ඩන් කලාකරුවකු සමත්ව තිබේ. Reebok සමාගමේ ඉල්ලීමකට අනුව කලාකරු ජෝ හිල් විසින් වර්ගමීටර් 1160.45 ක විශාලත්වයකින් යුත් දියඇල්ලකින් සහ කඳු ප්‍රපාත පෙන්නුම් කරන මෙම අපූරු ත්‍රිමාණ සිතුවම නිර්මාණය කර ඇත. "ලන්ඩනයේ කලාකරුවකු ලෙස නගරයේ හදවත මධ්‍යයේ මෙවැනි කලා නිර්මාණයක් සිදුකිරීමට ලැබීම සැබැවින්ම විශේෂයි. එමෙන්ම ත්‍රිමාණ නිර්මාණ පළමුවෙන්ම ආරම්භ වූ බ්‍රිතාන්‍යය වෙත මෙවැනි වාර්තාවක් හිමිකරදීමට ලැබීමත් සතුටක්" සිය නිර්මාණය පිළිබඳව අදහස් දක්වමින් ජෝ හිල් ප්‍රකාශ කර තිබේ.