.... ලොකේ අමුතු පුවත් ....

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගිනස් ලෝක වාර්තා දින සැමරුමට අපූරු තරගයක්


    2008666145race.jpg


    2011 ගිනස් ලෝක වාර්තා දිනය වෙනුවෙන් ලන්ඩන් නගරයේ අපූරු රථ ධාවන තරගයක් සංවිධානය කරමින් තවත් නවතම ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ. ගිනස් ලෝක වාර්තා පිහිටුවන ලද ලොව වේගවත්ම වැසිකිලිය(වේගය පැයට සැතපුම් 42.25), ලොව වේගවත්ම ජංගම ස්කූටරය(වේගය පැයට සැතපුම් 71.59) සහ ලොව කුඩාම මෝටර් රථය(වේගය පැයට සැතපුම් 30) යන වාහන සමග එම වාහනවල හිමිකරුවන් මෙම ධාවන තරගයට එක්වී එකිනෙකට එරෙහිව ධාවනයේ බව සඳහන්ය. මෙම අපූරු තරගයේ ජයග්‍රහණය ලොව වේගවත්ම ජංගම ස්කූටරයට හිමිව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
     
    • Like
    Reactions: emil and Thuzanga

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියමයි මචෝ.. වැඩේට ගොඩක්ම මහන්සි වෙලා වගේ..දිගටම කරගෙන යමු.
    11.gif
    ජය..!
    You must spread some Reputation around before giving it to Pink panther again.:(
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    2081017078tomato.jpg

    මුන්ට නම් තක්කාලි යහමින් තියෙනවා වගේ ලංකාවේ නම් තක්කාලි දැන් ගිනි ගනන්. නාන්න තියා කන්නවත් නෑ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    patta bro 8+++


    patta machan..
    thawa damu :D

    ++++

    නියමයි මචෝ.. වැඩේට ගොඩක්ම මහන්සි වෙලා වගේ..දිගටම කරගෙන යමු.
    11.gif
    ජය..!
    You must spread some Reputation around before giving it to Pink panther again.:(

    ගොඩාක් ස්තූතියි යාලුවනේ..
    e8oa.jpeg


     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අයර්ලන්තයේ උරුමය වෙනුවෙන් ලෝක වාර්තාවක්


    1195863467ireland.jpg


    අයර්ලන්තයේ ප්‍රධාන සංකේතයක් ලෙස සැලකෙන leprechaun වරුන් මෙන් (අයර්ලන්ත ජනප්‍රවාදයේ එන දේවතාවෙකි) සැරසුණු අයර්ලන්ත ජාතිකයින් 262 දෙනෙකු ඩුබ්ලින් නගරයේ කැනල් රංග ශාලාවට රැස්ව නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ. leprechaun වරුන් මෙන් සැරසුණු වැඩිම ජන එකතුව ලෙස අමෙරිකාව විසින් තබන ලද ලෝක වාර්තාව බිඳදමමින් සිය රටේ උරුමය අනුව එම වාර්තාව අයර්ලන්තයට ලබාගැනීම මෙම පිරිසගේ අරමුණ වී ඇති බව සඳහන්ය.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සෙල්ලම් කාර්වලින් අපූරු සිතුවමක්


    99341996art.jpg


    සෙල්ලම් කාර් යොදාගනිමින් අපූරු සිතුවම් නිර්මාණය කිරීමත් සමග 28 හැවිරිදි ලැන් කුක් නැමති බ්‍රිතාන්‍ය ජාතික කලාකරුවෙකු Pic-cars-so යන අන්වර්ථ නාමය ලැබී තිබේ. වර්ණ ගන්වන ලද සෙල්ලම් කාර් සිතුවම නිර්මාණය කරන කැන්වසය පුරා ධාවනය කරවමින්, අවශ්‍ය වර්ණ කැන්වසය මත විසිරුවා, මෝටර් රථවල සිතුවම් නිර්මාණය කිරීම මොහු සතු දක්ෂතාවයයි. චිත්‍ර හා මෝටර් රථ ධාවන ක්‍රීඩාව වෙත තමන් තුළ වන ඇල්ම පිළිබිඹු කිරීම සඳහා තමන්ට අවශ්‍යව තිබූ බව ප්‍රසංග කලා උපාධිධාරියෙකු ද වන කුක් ප්‍රකාශ කර තිබේ. නත්තල් ත්‍යාගයක් ලෙස දුරස්ථ පාලකයක් මගින් ක්‍රියාත්මක වන මෝටර් රථයක් තමන් වෙත ලැබීමත් සමග මෙම අපූරු අදහස තම සිතට නැගුණු බව ද ඔහු සඳහන් කර ඇත. ඉදිරිපත් වන ඉල්ලීම් මත ‍කුක් විසින් මේ වනවිට නරඹන්නන් ඉදිරියේ වසරකට සිතුවම් 75 ත් 100 ත් අතර ප්‍රමාණයක් නිර්මාණය කරන බව ද වාර්තා වේ.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බිල්පතක් වගේ පත්තරයක්


    1405337892paper.jpg


    ඉතාමත් කුඩා පරිමාණයකින් යුතුව පුවත්පත් මුද්‍රණය කිරීම සඳහා ලන්ඩනයේ සැලසුම් ශිල්පීන් පිරිසක් විසින් ක්ෂුද්‍ර ප්‍රමාණයේ මුද්‍රණ යන්ත්‍රයක් නිපදවා තිබේ. මෙම කුඩා මුද්‍රණ යන්ත්‍රයෙන් වෙළඳසැලකින් ඔබ වෙත නිකුත්කරන බිල්පත් හෝ කිසියම් අවස්ථාවක ඔබ වෙත ලැබෙන කුවිතාන්සියක ප්‍රමාණයෙන් යුතුව පුවත්පත් මුද්‍රණය කළ හැකි අතර පිටු වෙන්කිරීමකින් තොරව රෝලක ආකාරයෙන් පුවත්පත ලබාදීම ද විශේෂත්වයකි. මෙම මුද්‍රණ යන්ත්‍රය අන්තර්ජාලය සමග සම්බන්ධ කිරීමෙන් අනතුරුව ඔබට අවශ්‍ය පුවත්පතක අන්තර්ගතය ක්ෂ්‍රද්‍ර ප්‍රමාණයේ පුවත්පතක් ලෙස ලබාදෙයි.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නගර මැද තවත් නගරයක්


    31902600city1.jpg


    මාර්ගය හා ගුවන් තොටුපළ ආකෘතිය පිළිබඳව මෙම පුවත වාර්තා වේ. Miniatur Wunderland ලෙස නම් කර ඇති ජර්මනියේ Hamburg හි පිහිටි මෙම ආකෘතිය සංවර්ධිත නගරයක පිහිටි සියලුම අංගයන්ගෙන් සමන්විත වීම විශේසත්වයකි. කලබලකාරී නගරයක පැය 24 පුරා සිදුවන සාමාන්‍ය සිදුවීම් සියල්ල මෙම විශ්මලන්තයෙන් නිරූපණය කරයි. දවස පුරා ගමනාගමනයේ යෙදෙන දහස් සංඛ්‍යාත දුම්රිය, ගුවන් යානා, මෝටර් රථ සහ නෞකා මෙම විශ්මලන්තයට අයත් ප්‍රධාන අංග අතර වේ.

    මෙම විශ්මලන්තයේ නිමකර ඇති දුම්රිය මාර්ගය සැතපුම් 7 ක දුරකින් යුක්ත වන අතර එම මාර්ගය වර්ග අඩි 16, 000 පුරා විහිදෙයි. විශ්මලන්තය පුරා 200, 000 පමණ මිනිස් ආකෘති ඇති අතර, එය මෝටර් රථ 4000, ගොඩනැගිලි 800 කින් ද යුක්ත වේ. අමෙරිකාවේ එකිනෙකට වෙනස් වූ භූගෝලීය ලක්ෂණ 6 ක් මෙම විශ්මලන්තයෙන් පෙන්නුම් කරයි. මෙම විශ්මලන්තය සම්පූර්ණයෙන්ම නිමකිරීම සඳහා පැය 500, 000 ගතව තිබේ. එමෙන්ම සම්පූර්ණ ඉදිරිකිරීම් සඳහා යුරෝ මිලියන 3 .5 ක මුදලක් වැයව ඇත.