.... ලොකේ අමුතු පුවත් ....

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    වසර 58 ට පසු බිල්පතක් ගෙවලා


    28quglt.jpg


    සිය වාහනය ගාල් කර තැබීම සඳහා නිකුත්කරන ලද බිල්පතක ගාස්තුව වසර 58 ට පසු ගෙවන ලද අමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් නගරයේ වෙසෙන පුද්ගලයෙකු පිළිබඳව අපූරු පුවතක් වාර්තා වේ. සිය හෘද සාක්ෂියට එකඟවීම සඳහා අමෙරිකානු ඩොලර් 01 වටිනාකමකින් යුත් මෙම බිල්පත ගෙවාදැමීමට තමන් තීරණය කළ බවත්, එය තමන් වෙත පවතින ණයක් බවත් මෙම පුද්ගලයා සඳහන් කර තිබේ. එක්රැස්කර තබන ලස සිහිවටන කිහිපයක් අතර තිබී අදාළ බිල්පත හමුවීමෙන් පසුව Dale Crawford නැමති මෙම පුද්ගලයා නගර බලධාරීන් වෙත ලිපියක් යවමින් ඒ බව දැනුම් දී තිබේ. ඔහු වෙත එම බිල්පත නිකුත්කර ඇත්තේ 1953 පෙබරවාරි මස 03 වන දිනය. හූස්ටන් නගරයේ නගරාධිපති විසින් අදාළ බිල්පතෙහි ගාස්තුව පෞද්ගලිකවම බාරගෙන ඇති අතර අනෙකුත් නගර වැසියන්ට ආදර්ශයක් ලබාදීම පිළිබඳව ස්තූතිය පළ කර ඇති බව ද වාර්තා වේ.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    වසර 25 ක් කුසෙහි පෑනක් සමග ජීවත් වූ කාන්තාවක්


    b51f6p.jpg


    වසර 25 ක් පුරා බ්රි තාන්යව ජාතික කාන්තාවකගේ උදරය තුළ තිබූ පෑනක් ශල්යි කර්මයක් මගින් ඉවත්කිරීමෙන් පසුව ද ක්රිුයාකාරී තත්ත්වයෙන් පැවතීම පිළිබඳ පුවතක් විදෙස් මාධ්යි වාර්තා කරයි. 76 හැවිරිදි මෙම කාන්තාවට මතුවූ රෝගී තත්ත්වයක් පිළිබඳව වෛද්යය ප්ර්තිකාර ගැනීම සඳහා යොමුවීමෙන් පසුව ඇයගේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් සිදුකිරීමට වෛද්යපවරුන් නියම කර තිබේ. එම ස්කෑන් පරීක්ෂ‍ණයේ දී ඇයගේ උදරය තුළ තිබූ කිසියම් දික් රේඛාවක් වැනි යමක් පිළිබඳව අනාවරණය වි ඇත. මීට වසර 25 ට පමණ පෙර තමන්ට හදිසි තත්ත්වයක් මත පෑනක් ගිලුණු බව මෙම කාන්තාව එහිදී වෛද්යඇවරුන් වෙත දැනුම් දී තිබේ. එම පෑන ශල්යතකර්මයක් මගින් ඉවත්කිරීමෙන් පසුව එහි භාවිතයට ගත හැකි තීන්ත අන්තර්ගතව තිබී ඇති අතර ලේඛනය සඳහා භාවිත කළ හැකිව පැවතීම ද පුදුමය දනවන කරුණක් වී ඇත.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නත්තල් සීයලාගේ තරගයක්


    9069hu.jpg


    පසුගිය දිනෙක උතුරු එංගලන්තයේ ලිවර්පූල් නගරයේ අපූරු තරගයක් පැවැත්විණි. නත්තල් මාසය උදාවීමත් සමග වාර්ෂිකව පැවැත්වෙන Santa Claus Santa Dash marathon ලෙස නම් කර ඇති මෙය මැරතන් ධාවන තරගයකි. මෙවර තරගය කි.මී 5දුරකින් යුක්ත වූ අතර මෙම තරගය වැඩිම තරගකරුවන් පිරිසක් සහභාගී වු මැරතන් තරගයක් ලෙස වාර්තා පොතට එක්වෙයි.මෙම මැරතන් තරගයෙන් රැස් වන මුදල් සියල්ලම පුණ්ය කටයුතු වෙනුවෙන් යොදවන බවද සදහන්ය.