ලොවටම දැනුම දෙන විකිපීඩියාව නවතීද?

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ලොවටම දැනුම දෙන විකිපීඩියාව නවතීද?


    wikepeedia.jpg

    ලෝකයටම දැනුම සපයන ලෝක ප්‍රකට වෙබ් අඩවිය යන "විකිපීඩියාව" නැවතීමේ තර්ජනයක්‌ මේ දිනවල හටගෙන තිබෙනවා.

    විකිපීඩියාවේ සම අයිතිකරු වන ජිමී වේල්ස්‌ කියන්නේ වෙබ් අඩවි සම්බන්ධයෙන් වන අලුත් නීතියක්‌ සම්මත කිරීමට ඇමරිකාව කටයුතු කරගෙන යැම මෙයට හේතු වන බවයි. මේ නව නීතිය මගින් බාහිර පුද්ගලයන් වෙබ් අඩවිවලට ඇතුළු වී ඒවාට විවිධ තොරතුරු අන්තර්ගත කිරීම වැළැක්‌විය හැකිය. තවත් හොඳින් කියනවා නම් මේ නීතිය එන්නේ "වෙබ් හැකර්ලා" මර්දනය කරන්නයි. එහෙත් විකිපිඩියා විශ්වකෝෂයට සම්බන්ධවන අයට පුළුවන් යම් යම් විෂයයක්‌ ගැන තමා දන්නා දේ ඒ වෙබ් අඩවියට ඇතුළු කිරිමට. මෙයත් එක්‌ ආකාරයක "හැක්‌ කිරීමක්‌". එය යහපත් "හැක්‌ කිරීමක්‌" ලෙස හඳුන්වන්නට පුළුවන්. ඇමරිකාව පැනවීමට යන නව නීතියට අනුව විකිපීඩියා වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට හෙවත් එයට අලුතින් දත්ත ඇතුළත් කිරීම තහනම් වනවා. මෙයට විරෝධය පළ කිරීම සඳහා කල් ඇතිවම විකිපිඩියා වෙබ් අඩවිය නවත්වා දැමීමට ජිමි වේල්ස්‌ තීරණය කර තිබෙනවා.

    විකිපීඩියාව නැවතුනොත් එය විශාල අර්බුදයක්‌. සාමාන්‍යයෙන් වර්තමානයේ වෙබ් අඩවි පිරික්‌සන අයගෙන් 99% ක්‌ ම දැනුම ලබා ගන්නේ විකිපීඩියාව වෙත ගිහින්.

    එහෙත් ඇමරිකන් ආණ්‌ඩුව කියන්නේ විකිපීඩියාවට වුණත් වැරදි තොරතුරු ඇතුළත් කිරීමට දැනට හැකියාව ඇති බවයි.

    විකිපීඩියාව භාෂා බොහෝ ගණනකින් ප්‍රකාශයට පත් වනවා. එය සිංහල භාෂාවෙනුත් ප්‍රකාශයට පත්ව තිබෙනවා. ඉතාලි රජය ගෙනෙන්ට සූදානම් වූ පෙර සඳහන් ආකාරයේ නීතියක්‌ නිසා ඉතාලි විකිපීඩියාව නැවැත්වීමට විකිපීඩියා ප්‍රජාව හෙවත් එය කරන පිරිස තිරණකළා. එවිට ඉතාලි පාර්ලිමේන්තුව එම නීතිය ක්‍රියාත්මක වීම වහාම නතර කළා.


    source Divaina.lk
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,504
    113
    යකෝ විකිපීඩියා නවත්තල කොහොමද??? :angry: ඕනම දෙයක් ගැන හරියට ඉන්ෆොමේෂන් එකක් ගන්න තියෙන්නෙ ඕක විතරයි :angry:
    නිව්ස් එක දුන්නට තෑන්ක්ස් :)
     
    Last edited: