ලොවටම පෙන්වූ අපේ යුධ ශක්තිය
කොස්ගම පිපිරීම නිසා අපේ ආණ්ඩුවට තිබෙන වෙඩි ශක්තිය දැකගෙන මුළු ලොවම විස්මයට පත් වුණ බවත් එය ආණ්ඩුවට ආඩම්බරයක් බවත් ඩිජිටල් ඇමති හරීන් ෆනෑන්ඩෝ මහතා පැවසුවේය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එසේ සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ හරීන් ෆනෑන්ඩෝ ඇමතිවරයා මෙසේද පැවසුවේය.
"කොස්ගම පිපිරීමෙන් පාඩුවක් වුණා තමයි. එනමුත් අපේ රටේ වෙඩි ශක්තිය අසල්වැසි රාජ්‍යයන් සියල්ලම දැකගත්තා. එසේම විදේශගත කොටි ත්‍රස්තවාදීන්ද නැවතත් අපේ රටට ඇවිත් ත්‍රස්ත ක්‍රියාකාරකම් වල යෙදීමට බිය වෙන ආකාරයක් ඇති වී තිබෙනවා. එජාප ආණ්ඩුවක් යටතේ යුද හමුදාවේ ආයුධ ශක්තිය දැකගැනීම නිසා ඒකාබද්ධ විපක්ෂය බිය වී මරුවිකල්ලෙන් කෑ ගහනවා."