ලොවටම රස බැලිය හැකි අපූරු දෘඪාංගයක් තැනූ Š
ලොවටම රස බැලිය හැකි අපූරු දෘඪාංගයක් තැනූ ශ්‍රී ලාංකීය තරුණයා
අන්තර්ජාලයේ ඔබ දකින ආහාර වල රසයන් එවලේම ඔබගේ දිව වෙත දැනවීමේ සමත් උපාංගයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලාංකික මෘදුකාංග ඉංජිනේරුවෙකු වන නිමේෂ රණසිංහ ප්‍රමුඛ සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සමත්ව ඇත.මෙම උපාංගය නිර්මාණය කිරීමට මූලිකත්වය ගෙන ඇති නිමේෂ රණසිංහ මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ (ගෞරව) උපාධිධාරියෙකි.
අප ආහාර ගැනීමේදී ආහාර ඛේටයේ දියවේ. මෙම දියවීමේදී ආහාර වලට රසයන් ගෙන දෙන රසායනිකද ඛේටයට එක්වේ. අපට රසය දැනෙන්නේ මෙම ඛේටයේ දියවූ රසායනිකයන් හමුවේ දිවෙහි ඇති රසාංකුර නම් රස හදුනාගැනීමේ සමත් සංවේදකයන් උත්තේජනය වීම නිසාය. තිත්ත,ලූණු,ඇඹුල්,පැණි ලෙස ප්‍රධාන රසයන් 4 ක් හදුනාගැනීමේ සමත් රසාංකුර වර්ග 4 ක් මිනිස් දිවෙහි පිහිටා ඇත.
ආචාර්ය නිමේශ රණසිංහ ඇතුලූ ඔහුගේ පර්යේෂකයන් පිරිස කර ඇත්තේ මෙම රසාංකුරයන් කෘතිමව උත්තේජනය කිරීමේ සමත් උපාංගයක් නිර්මාණය කිරීමයි.මෙහිදී ආහාර ගැනීමකින් තොරවම රස දැනගැනීමේ හැකියාව භාවිතා කරන්නාට ලැබේ.
ආචාර්ය නිමේෂ රණසිංහ පවසන ආකාරයට ආහාරයක රස දැනගැනීමට මෙම උපාංගය දිවේ තුඩින් මදක් ස්පර්ෂ කිරීම පමණක් සෑහේ.
මෙහි ක්‍රියාකාරීත්වය ගැනද පැහැදිලි කරන ඔහු අර්ධ සන්නායක වලින් නිර්මිත මෙම උපාංගයේ සිදුවන සියුම් උෂ්ණත්ව වෙනස් වීම් හා විද්‍යුත් ධාරාවන්ගේ වෙනස් වීම් මෙසේ දිවෙහි රස සංවේදකයන් උත්තේජනය කරන බව කියයි.මෙම උෂ්ණත්ව වෙනස් වීම් හා විද්‍යුත් ධාරාවන්ගේ වෙනස් වීම් පාලනය කරනු ලබන්නේ පරිගණක වැඩසටහනකිනි.එම වැඩසටහනද ආචාර්ය නිමේෂ රණසිංහ ප්‍රමුඛ පර්යේෂක පිරිසගේ නිර්මාණයකි.
රස දැනවීමට අමතරව ආහාරයක් පිළිඹද සැළකීමේදී සුවදද වැදගත් වන හෙයින් රසත් සුවදදත් දැනවීමේ සමත් උපාංගයක් නිර්මාණය කිරීමටත් සැළසුම් කර ඇතැයි ඔහු කියයි.
උපාංගයේ භාවිතයන් ගැනත් සදහනක් කරන ඔහු දියවැඩියාව ඇති රෝගීන්ට පෙර රස විදි සීනි සහිත ආහාරයක රස විදගැනීමේ හැකියාව මෙයින් ලැඛෙනු ඇති බව පවසයි.තවද විකිරණ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ටද මෙම උපකරණයෙන් ඔවුනට තවදුරටත් සුදුසු නොවන එහෙත් ඔවුන් පෙර රසවිදි ආහාරයන්ගේ රසයවත් දැනගැනීමේ හැකියාව ලැඛෙනු ඇති බව කියයි.
like our facebook page : VIDESA
Visit us : VIDESA