ලොවටම_හතරයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,997
    113
    151123064233_white_rhinoceros_624x351_ap.jpg

    මිහි මත ඉතිරි වී සිටි අවසන් 'උතුරු දිග සුදු රයිනෝසිරයන්' සිව් දෙනා අතුරින් එක් ගැහැණු රයිනෝසිරයකු එක්සත් ජනපදයේ දී මිය ගොස් තිබේ.මිය යන විට හතළිස් එක් වියේ පසු වුනු 'නෝලා' නමැති මෙම සුදු රයිනෝසරයා දිවි ගෙවූයේ එක්සත් ජනපදයේ සැන් දියාගෝ (San Diego) සත්වෝද්‍යානයේ යි.එහි එන සංචාරකයන්ගේ ඉහළ ආකර්ෂණයක් දිනා ගැනීමට ‘නෝලා’ සමත් වුවාය.

    වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටින 'උතුරු දිග සුදු රයිනෝසිරයන්' අයත් වන්නේ සුදු රයිනෝසර කුලයේ උප විශේෂයකටයි.‘නෝලා’ ගේ වියෝවෙන් පසු ලෝකයට ඉතිරි වී සිටින 'උතුරු දිග සුදු රයිනෝසිරයන්' තිදෙනා දිවි ගෙවන්නේ කෙන්යාවේ පිහිටි අභය භූමියක යි.උතුරු දිග සුදු රයිනෝසිර උප විශේෂය මිහි මතින් තුරන් වීම වළකා ගැනීම සඳහා පිළියම් යෙදීම දැනටමත් ප්‍රමාද බවයි එම අභයභූමියේ ප්‍රධාන පරිපාලක රිචර්ඩ් වයින් කියා සිටියේ.


    151123163111_white_rhino_512x288_bbc_nocredit.jpg



    BBC​