ලොවම මවිත කරමින් Windows 10 නිකුත් වෙයි !
Microsoft සමාගම විසින් අද දිනයේ සැන් ෆ්රැන්සිස්කෝ හීදී විශේෂ හමුවක් සංවිධානය කර තිබුනා. එය සංවිධානය කර තිබුනේ නවතම වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමටයි. නමුත් බොහෝ දෙනා විශ්මයට පත්කරමින් මයික්‍රොෙසාෆ්ට් විසින් අද දින හඳුන්වා දුන්නේ Windows 9 මෙහෙයුම් පද්ධතිය නොවෙයි. ඒ වෙනුවට Windows 10 මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමටයි මයික්‍රොෙසාෆ්ට් කටයුතු කලේ. කෙසේ වෙතත් මේ නව මෙහෙයුම් පද්ධතිය තවමත් Preview අවස්ථාවේ පමණයි පවතින්නේ. ඒ නිසා මෙහි බොහෝ අඩුපාඩු ඇති අතර ඔබේ දිනපතා භාවිතකරන පරිගණකයටනම් මෙය කිසිසේත්ම තවමත් සූදානම් නැහැ.
මේ නව මෙහෙයුම් පද්ධතිය පිළිබඳව අදහස් දක්වමින් මෙහෙයුම් පද්ධති ප්‍රධානී Terry Myerson පවසා සිටියේ ලොව පුරා බිලියන 1.5කට අධික පිරිසක් දැනට Windows මෙහෙයුම් පද්ධතිය භාවිත කරන බවයි. ඒ වගේම මෙය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ විශේෂ සංධිස්ථානයක් බැවින් Windows 9 වෙනුවට Windows 10 ලෙස මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙන බවයි.
එළඹෙන වසරේ මුල් භාගයේදී වෙළඳපලට නිකුත් කිරීමට නියමිත මේ නව මෙහෙයුම් පද්ධතියේ Tech Preview එක ඔබට download කරගැනීමට අවස්ථාවද හෙට දිනයේ සිට සැපයීමට නියමිතයි. ඒ නිසා ඔබ යම් හෙයකින් Windows 10 ලබාගැනීමට කැමැත්තෙනි සිටිනවා නම් පහත යොමුව ඔස්සේ ඔබට නිකුත් කල විගසම ලබාගත හැක.
source:http://techguru.lk/