ලොවම හෙල්ලුම් කෑ දිනයක්
·
1996 ජූලි 19 හරියටම අදට වසර 21 කට පෙර
https://www.facebook.com/sampathathukoralaofficialpage/videos/1453155598075247/
මුලු ශ්‍රී ලංකාව පමනක් නොව ලොවම හෙල්ලුම් කෑ දිනයක් විය.ලෝක යුධ ඉතිහාසයේ සේනාංකයක් එකම තැන ඝාතනය වූ ශ්‍රී ලංකා යුධ ඉතිහාසයට කළු පැල්ලමක් එක් කල මුලතිව් කොටි ප්‍රහාරය හමුවේ එවක 25 වැනි බලසේනාව ලෙස පැවැති මුලතිව් හමුදා කඳවුරු සංකීර්ණය දින 05 කදී පමණ මුළුමනින්ම කොටි ග්‍රහණයට පත්විය.
25 වැනි බලසේනා මූලස්‌ථානයත් ඒ යටතේ පැවැති 06 වැනි විජයබාහු පාබල සහ 09 වැනි සිංහ රෙජිමේන්තුව වලට අයත් කඳවුරු සියල්ල ආක්‍රමණය කළ කොටි ත්‍රස්‌තවාදීහු හමුදා නිලධාරීන් සහ සෙබළුන් 1500 ක් පමණ ඝාතනය කළහ. ගොඩබිම් ප්‍රවේශ මාර්ග නැති හුදකලා කඳවුරක් ලෙස පැවැති මුලතිව් කඳවුර කොටි ආක්‍රමණයෙන් බේරාගැනීම සඳහා ගොඩබිමින්, මුහුදින්, ගුවනින් කිසිදු ආධාරක සේනාවකට යැමට නොහැකිවිය.
මළසිරුරු 800 ක් පමණ හමුදාව වෙත රතුකුරුස සංවිධානය ඔස්‌සේ භාරදීමට එකඟතාවය පළකළද එවක පැවැති චන්ද්‍රිකා රජය මළසිරුරු භාරගැනීම ප්‍රතික්‍ෂේප කරන ලදී. එම නිසා ප්‍රභාකරන්ගෙන් දිවි බේරාගෙන පැමිණි තිදෙනා සහ වවුනියාවේදී භාර ගත් මළසිරුරු 60 ක පමණ සෙබළුන් හැර සෙසු සියල්ලෝම අතුරුදන් වූවන් ලෙස සලකන ලදී. ලුතිනන් කර්නල් ලාෆිර් එකල අප කියවීමට ඉතා ආශා කල ආරක්ශක විශේශාංග ලේඛක ප්‍රවීන මාධ්‍ය වේදී Sirimevan Kasturiarachchi මහතාගේ සොහොයුරු මේජර් ජානක සූරියාරච්චි වැනි විරුවන් අප මාතෘ භූමියෙන් එදින සමුගත්තේය.
මෙය ජාතියේ මලගමක් වූ දිනයක් විය.එවකට කුඩා දරුවන් වූ අපටද මෙය දැනුනේ අපේ පවුලේ වැඩිමහල්ම පිරිමි දරුවන් දෙදනාම එනම් මගේ ඟාති සහෝදරවරු දෙදෙනෙක්ම ඒ වනවිට ක්‍රියාන්විත ප්‍රදේශවල සේවය කිරීම හේතුවෙනි... අපගේ වැඩිහිටියන් ජීවත් වූයේ මැරි මැරි ඉපදෙමිනි.ඒ දිනවල පැවති පුවත් වාරනය නිසාම නිසි පරිදි පුවත් දැනගැනීමට මුලාශ්‍ර නොතිබුනත් මුලතිව් යුධ කදවුර බිද වැටුනු පුවත කියවූ අපට සිතුනේ කිසි දිනෙක ප්‍රභාකරන් යුද්ධයක් මගින් ජයග්‍රහනය කල නොහැකි බවටත් මුලතිව් වැනි පෙදසකට අපට ජීවිතයට යා නොහැකි බවත් ය.
පසුගිය යුද සමයේ සිදූ වූ කිසි දෙයක් අපට මතක නැතිවී ගොසින් ය.මේ රටේ ත්‍රිවිධ හමුදාව අතින් සිදුවු සංග්‍රාමික මෙහෙවර පිළිබඳව මේ රට දන්නේ නැත.රට නිදහස් නිවහල් දේශයක් කරා ගෙනගිය මහින්ද රාජපක්ශ ඇතුලු නායකයින්ට පර සුද්දන් කලු සුද්දන් සමග එක්වී කරන චෝදනා මිනිස්සුන්ට වැඩක් නොමැත. මේ රටේ මිනිසුන් හිරි වැටී ඇති තරම කිවහොත් ඒවායෙන් ඔවුන්ට වැඩක් ද නැති ගාණය. මේ ගැන පුවතක් දුටුවද එය එතැනින් අමතක කර සැහැල්ලු වී, හෙට වැඩට යැමට බඩු ලැහැස්‌ති කර ගන්නා නිහීන ජාතියක් බවට අපි පත්ව සිටිමු. ජාතියට රටට හෙටක් නැති වුවාට අපට කම් නැත. හෙට වැඩට යන්නට තිබුණහම අපට ඇතිය.
සම්පත් අතුකෝරල