ලොවම_රැවටු_පසුතල_නිර්මාණ_(Photos)

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ලොවම_රැවටු_පසුතල_නිර්මාණ_(Photos)

    චිත්‍රපට හා රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනයේ දී පසුතල නිර්මාණයට හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයකි. ටයිටැනික් නැවට සිදුවූ විනාශය පාදක කැර ගනිමින් නිපදවන ලද ටයිටැනික් චිත්‍රපටයේ නැව ගිලෙන දර්ශන සහිත සියළු පසුතල නිර්මාණය කරන ලද්දේ පිහිනුම් තටාකයකය. විශේෂයෙන්ම විද්‍යා ප්‍රබන්ධ පාධක කැර ගනිමින් නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා ද එවැනි පසුතල නිර්මාණය කරයි. ඇතැම් පිරිස් කියා සිටින්නේ ඇමෙරිකාව හඳට මිනිසකු ගොඩබැස්සවූ බව පවසමින් එවැනි කෘථිම පසුතලයක රූගත කරන ලද දර්ශන ලෝකයට පෙන්වූ බවයි. මිනිසාට ළඟා වීමට අපහසු ස්ථාන සහ ස්වභාවිකව ලබාගත නොහැකි දර්හන මෙලෙස කෘථිම පසුතල නිර්මාණය කරගනිමින් පටිගත කරනු ලැබේ. එවැනි පසුතල නිර්මාණය කිරීමේ විශේෂඥ පසුතල නිර්මාණ ශිල්පීන් සිනමා ක්ෂේත්‍රයටත් රූපවාහිනී ක්ෂේත්‍රයටත් ඉටුකරන්නේ අනූපමේය මෙහෙවරකි.


    1.දූපතක දර්ශනයක් නිර්මාණය කරන ආකාරය

    01.jpg


    එම පසුතලය නිර්මාණය අවසන් වූ පසු දක්නට ලැබෙන්නේ මේ ආකාරයෙනි.

    02.jpg


    2. චිත්‍රපටයකට රාත්‍රී අකුණු සහිත පරිසරයක් නිර්මාණය කරන ආකාරය

    04.jpg


    එම පසුතලය නිර්මාණය කළ විට දක්නට ලැබෙන්නේ මේ ආකාරයෙනි.

    05.jpg


    3. යුද්ධයක් පවතින අවස්ථාවක් සඳහා තැනිතලා පරිසරයක් නිර්මාණය කරන ආකාරය

    06.jpg



    නිර්මාණය කළ තැනිතලාව


    07.jpg


    5. ජලාශයක් සහ කඳු සහිත පරිසරයක් නිර්මාණය කරන ආකාරය


    105.jpg


    මේ පසුතලය රූගත කරන විට පෙනෙන්නේ මෙවැනි දර්ශනයකි.

    1110.jpg


    6 විචිත්‍ර වර්ණ වලින් මේ සකසා ඇත්තේ මුහුදු පත්ලේ තිබෙන කොරල් පරයකි.


    08.jpg




    දර්ශන තලය සකසා කැමරාවට නැගූ විට පෙනෙන්නේ මේ ආකාරයෙනි


    09.jpg


    7. ජලාශ්‍රිත පරිසරයක් නිර්මාණය කරන ආකාරය

    123.jpg


    එම පසුතලය සිනමාවට නැගූ විට පෙනෙන ආකාරය

    133.jpg


    8. අහසේ දක්නට ලැබෙන අවුරෝරා එළි කෘතිමව නිපදවීමට පසුතල නිර්මාණකරුවකු උත්සාහ ගන්නා ආකාරයයි මේ

    142.jpg


    එම පසුතලය දක්නට ලැබෙන්නේ මේ ආකාරයෙනි.

    152.jpg


    9. ඇමෙරිකාව හඳට ගියායැයි යන පුවත මුසාවක් බව බොහෝ දෙනකු කියති. විද්‍යා ප්‍රබන්ධ කතාවක් සඳහා හඳේ පෘෂ්ඨය නිර්මාණය කරන්නේ මේ ආකාරයෙනි.

    161.jpg


    මේ ආකාරයෙන් පසුතලය සැකසූ විට දිස්වන අයුරු

    171.jpg



    10. වනාන්තරයක් සහිත පරිසරයක් ගොඩනගන අයුරු


    182.jpg


    පසුතලය රූගත කළ විට පෙනෙන ආකාරය

    191.jpg


    11. චිත්‍රපට සඳහා ගිනිකඳු පිපිරෙන දර්ශන ලබාගැනීම අපහසු කාර්යයකි. මේ එවැනි දර්ශනයක් සඳහා පසුතලය සකසන ආකාරයයි

    201.jpg


    ගිනි කඳු පිපිරවීම රූගත කළ විට පෙනෙන්නේ මේ අයුරිනි.

    211.jpg



    12. අයිස් සහිත පරිසරයක් නිර්මාණය කරන ආකාරය


    231.jpg


    සෑදූ පසුතලය පෙනෙන්නේ මේ ආකාරයෙනි.

    241.jpg


    13. දිය ඇල්ලක් සහිත පරිසරයක් මේසයක් මත නිර්මාණය කරන ආකාරය

    251.jpg


    මේ දර්ශනය කෘථිම පරිසරයක් යැයි කිසිවෙකුටත් විශ්වාස කළ නොහැකි දෙයකි.

    261.jpg


    14. ටොනෝඩෝවක් සහිත අයහපත් කාලගුණික තත්ත්වයක් පටිගත කිරීමට අවශ්‍ය පසුතලය නිර්මාණය කරන ආකාරය

    27.jpg



    රූගත කළ මේ දර්ශනයේ දී ටොනෝඩෝව කෘථිමව සාදන ලද පසුතලයක් යැයි කිසිවෙකුට සිතිය නොහැක.

    28.jpg

    :):)වැදගත් උනා නම් සලකලා අනිත් අයට බලන්න bump එකකුත් දාගෙනම යන්න


    ලෝක ප්‍රසිද්ධ තැන්වල අප්‍රසිද්ධ දර්ශන (Photo) http://www.elakiri.com/forum/showthread.php?t=1615682
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    pissu hadenawa :D



    Patta mchan.thnx

    Tx 4 sharing Rep+


    හොඳ ළමයා;16674797 said:
    ammatasiri mama adai danne mewa aththa ewa nemei kiyala :D

    pattaine ban

    pissu hedena patta oi


    thnx all
    :):):):)