ලොව කුඩාම කැබිනට් මණ්ඩලය !

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ලොව කුඩාම කැබිනට් මණ්ඩලය !




    අපේ රටේ ඇමති මණ්ඩල ගැන කලක පටන්ම ඇත්තේ වැඩි ප්‍රසාදයක් නොවේ. ඇමති තනතුරු දරන්නන් තම පුද්ගලික වාසි සඳහා කටයුතු කරන බවත් දූෂණ වංචා කරන බවටත් චෝදනා එල්ලවේ.

    අනිත් ප්‍රශ්නය නම් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනධිපතිවරයාට ඕනෑතරම් ප්‍රමාණයක් ඇමති මණ්ඩලයට පත් කරගැනීමේ හැකියාව තිබීමය. ඒ නිසා පසුගිය ආණ්ඩු ගණනාවකම මෙගා කැබිනෙට්ටු දක්නට ලැබිණි.

    ඒ කාරනා කෙසේ වෙතත් ලෝකයේ අඩුම සාමාජිකයින් සංඛ්‍යාවක් සිටිනා කැබිනට් මණ්ඩලයට හිමිකම් කියන රට බවට මේ වනවිට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවය.

    ජනාධිපතිවරයා, අගමැතිවරයා හැරුණු කොට අපේ රටේ කැබිනට් මණ්ඩලයේ දැනට විෂයයන් භාරදී ඇත්තේ ඇමතිවරුන් තිදෙනෙකුට පමණි. ඒ මංගල සමරවීර, විජේදාස රාජපක්ෂ සහ ඩී.එම් ස්වාමිනාදන් යන ඇමතිවරුන්ටය.

    ඔවුන් තිදෙනාට ලබා දී ඇති විෂය පථයන්ට අමතරව ඇති අනෙකුත් සියළු විෂයයන් දැනට පැවරී ඇත්තේ ජනාධිපතිවරයා වෙතටය.

    ඒ අනුව ගත්කල මේ වනවිට අපේ රටේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන්නේ සාමාජිකයින් පස් දෙනෙකු පමණය. එය ලොව කුඩාම කැබිනට් මණ්ඩලය වනු නිසැකය.

    (නෙත් එෆ් එම්)
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    කවද්ද බන් අනිත් එවුන් ටික දිව්රුම් දෙන්නේ
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ශ්‍රී ලංකාව කියන්නේ ගිනස් වාර්තා තියපු රටක්. හරිය...:):)
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මචන් දැන් මොකෝ කියන්නේ ?..:lol::lol::lol: තවත් කොටසක් පෝලිමේ ඉන්නේ .තව සතියකින් උන් දිවුරුම් දෙන්නේ .එතකොට ?:lol::lol:

    කඩේ අරින්නත් ඉස්සෙල්ල කඩේ ගියාම ඕක තමයි වෙන්නේ :lol::lol: