ලොව කෲරතම බන්ධනාගාර
https://scontent-sin1-1.xx.fbcdn.ne...=4b513d847f0989c16ad3bbe743644aa7&oe=579809B6
ලොව කෲරතම බන්ධනාගාර
දඟගෙයි දඬුවම් විඳින්නට මිනිසකු කිසිදාක කැමැති වන්නේ නැත. ඒ වුණත් සමාජ සම්මත නීති රීතිවලට එරෙහිව කටයුතු කරන අයවලුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නෛතික රාමුවක් රටකට අවශ්‍ය ය. එහිදී බන්ධනාගරය අනිවාර්යය ආයතනයක් බවට පත්ව ඇත. ඒ වුණත් කනගාටුවට කාරණය, රැඳවියන්ට කෲර වධ හිංසා පමුණුවන බන්ධනාගාර ලෝකය පුරා බිහිවීම ය. රැඳවියන් අසීමිත වධ හිංසනයට ලක් කරන කෲරතම බන්ධනාගාර 10ක් ගැන තොරතුරු මතු දැක්වේ.
1.කරන්දිරු දණ්ඩනාගාරය (Carandiru Prison)
බ්‍රසීලයේ සාඕ පවුලෝහි ස්ථාපිත කරන්දිරු දණ්ඩනාගාරය ලොව අංක එකේ වධකාගාරය ලෙස සැලකේ. කරන්දිරු බන්ධනාගාරය විවෘත කෙරුණේ 1920 වසරේදී ය. එතැන් පටන් එහි රඳවනු ලැබූ වරදකරුවන් සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් අනුගමනය කළේ ඉතා අමානුෂික පිළිවෙතකි. මේ නිසා බොහෝ රැඳවියෝ බන්ධනාගාර ආරක්ෂකයන් අතින් විවිධ හිංසනයන්ට ලක්වුහ. ඒ හැරුණුවිට රැඳවියන් අතර පවා නොයෙක් ආකාරයේ ප්රචණ්ඩ ක්‍රියා සිදුවිණි. ඒවා නවත්වන්නට පාලන අධිකාරියට පුළුවන්කමක් තිබුණේ නැත. බන්ධනාගාරය තුළ ඇති පහසුකම් පවා රැඳවියන් නිරන්තරයෙන් හිංසනයට ලක්කරන සුළු ඒවා විය. මේ තත්ත්වය තුළ බන්ධනාගාර ගතව සිටි සෑම පුද්ගලයන් පස් දෙනකුගෙන් එක අයෙකුම එච්. අයි .වී. ආසාදිතයන් බව හෙළි විය. සිරකරුවන් එච් .අයි. වී. ආසාදිතයන් බවට පත් වීම කෙසේවත් වළක්වන්නට බැරිවිණ.
2012 වසරේ දෙසැම්බර් දෙවැනිදා මේ බන්ධනාගාරය කඩා බිඳ දමන ලදී. බන්ධනාගාරයට අයත් එක ගොඩනැඟිල්ලක් පමණක් ඉතිරි කරගන්නට බලධාරිහු උත්සුක වූහ. එය කෞතුකාගාරයක් සඳහා වෙනස් කෙරිණි.
2. ටඩ්මෝර් බන්ධනාගාරය (Tadmor Prison)
සිරියාවේ දමස්කස් අගනුවර සිට කිලෝමීටර 200ක් පමණ ඊශාන දෙසින් මේ බන්ධනාගාරය පිහිටා ඇත. රැඳවියන්ගේ මානව අයිති උල්ලංඝනය කර, රැඳවියන්ට වධ හිංසා පැමිණවීම සහ වරදක් කළේ යැයි කියා සැක කෙරෙන රැඳවියන් හිටි අඩියේම ඝාතනය කිරීම වැනි අපරාධ එතුළ නිරන්තරෙයෙන්ම සිදුවේ. 1980 ජුනි 27වැනිදා එවකට සිරියා ජනාධිපතිවරයා වශයෙන් සිටි හෆෙස් අල් අසාද්ට සිරගෙය තුළදී ප්‍රහාරයක් එල්ල විණි. ජනාධිපතිවරයා ඝාතනයට ලක්වීම අනූනවයෙන් වැළකිණ. සිද්ධිය වූ දිනට පසුදින ජනාධිපතිවරයාගේ සොයුරා , එනම් රිෆාට් අල් අසාද් සිරගෙදරට පැමිණ රැඳවියන් දහසකට අධික ප්‍රමාණයක් මරා දැමුවේය.
2001 වසරේදී ටඩ්මෝර් සිරගෙදර වසා දැමිණ. එහෙත් එයින් දස වසරකට පසු, එනම් 2011 වසරේදී මේ වධකාගාරය යළිත් විවෘත කරන්නට බලධාරීහු පියවර ගත්හ . විවෘතවීමත් සමඟම සිපිරි ගෙය තුළ කලින් සිදුවුණු අමානුෂික ක්‍රියා ඒ ආකාරයෙන්ම සිදුවීම යළි ඇරැඹිණ. 2015 මැයි මාසයේදී ටඩ්මෝර් බන්ධනාගාරය අයි. එස්. අයි. එස්. සටන්කාමීන්ගේ ග්‍රහණයට ලක් විය. ඒ මාසයේදීම ඔවුහු සිරගෙය පුපුරුවා විනාශ කර දැමූහ.
3. ඩියාර්බාකීර් බන්ධනාගාරය (Diyarbakir Prison)
තුර්කියේ දකුණු දිගට වන්නට පිහිටා ඇති ඩියාර්බාකීර් බන්ධනාගාරය “ඩියාර්බාකීර්හි නරකාදිය” යන නමිනුත් හැඳින්වේ. බන්ධනාගාරය ස්ථාපනය කෙරුනේ 1980 වසරේදී ය. ඩියාර්බාකීර් බන්ධනාගාරය ලොව දරුණුම බන්ධානාගාර අතර තෙවැනි තැනට පත්ව ඇත්තේ එහි පාලන කටයුතු ගෙනයන ආරක්ෂකයන්ගේ ක්‍රියාකලාපය නිසයි. බන්ධනාගාර ආරක්ෂකයෝ රැඳවියන්ට වධහිංසා පමුණුවති. මේ නිසා රැඳවියෝ විටින් විට මරු දුටහ.
බන්ධනාගාරය වසා එහි පාසලක් ඇරැඹිය යුතු බව 2009 අගෝස්තු මාසයේදී තුර්කි රජය තීරණය කළේ ය. එහෙත් කුර්දි ක්රියාකාරිකයන් කියා සිටියේ මානව අයිතීන් කෙලෙසා දැමූ ස්ථානයක් ලෙස ඊට සම්බන්ධ කෞතුකාගාරයක් මෙහි ඉඳිකළ යුතු බවකි. අද වනතුරු මේ අදහස් දෙකෙන් එකක්වත් ක්‍රියාත්මක වුණේ නැත. එනිසා ඩියාර්බකීර් බන්ධනාගාරය අදටත් බන්ධනාගාරයක් ලෙස පවත්වාගෙන යනු දැකිය හැකි ය.
4. ලා සැන්ටෙ බන්ධනාගාරය (La Sante Prison )
ප්‍රංශයේ පැරිස් නුවර ස්ථාපිත මේ බන්ධනාගාරය තුළ රැඳවියන් 2000ක් පමණ රඳවන්නට පහසුකම් තිබේ. සිරමදිරියක් මීටර 4ක් පමණ දිගැති ය. මීටර 2.5ක පමණ පළලකින් යුතු ය. සිර මැදිරියක උස මීටර 3ක් පමණ වේ. මෙවැනි සිරමැදිරි සහිත අංශ 14ක් බන්ධනාගාරයෙහි ඇත. මෙහි රඳවා ඇති රැඳවියන් උසස් සහ පහළ යැයි කියා ශ්‍රේණිගතව ඇත. එය බන්ධනාගාර පාලන අධිකාරිය කරන ශ්‍රේණිගත කිරීමක් නොව, රැඳවියන්ම ඔවුන් අරබයා ඇතිකරගන්නා වූ තත්ත්වයකි. ඉහළ ශ්‍රේණිවල සිටින්නේ යැයි කියා කියාගන්නා සිරකරුවන් ප්‍රබල ය. පහළ ශ්‍රේණිවල සිටින සිරකරුවන් දුර්වල ය. ඔවුන් නිතර නිතර තාඩන පීඩනවලට ලක්වේ. සිරකරුවන් සියදිවි නසා ගැනීමට පෙලඹීමටත් මෙය හේතුවක් බව කියැවේ.
5. ගිටරාමා බන්ධනාගාරය (Gitarama Prison)
රුවන්ඩාවෙහි පිහිටි ගිටරාමා සිපිරිගෙය තනා ඇත්තේ සිරකරුවන් 400ක් සඳහා අවශ්‍ය පහසුකම් සහිතවයි. එහෙත් එතුළ මේ වනවිට රඳවා ඇති සිරකරුවන් සංඛ්‍යාව 6000කට අධික ය. මේ නිසා සිරකරුවන්ට කෙළින් සිටගෙන සිටින්නටවත් පහසුකම් නැත. ඇතැම් රැඳවියන් මළපහ කරන්නේ පවා එකී කුඩා අවකාශය තුළ බව වාර්තාවේ. මේ නිසා රැඳවියන්ට සිටගෙන සිටින්නට පවා සිදුව තිබෙන්නේ මළ මුත්‍රා පිරිණු බිමක ය. රැඳවියන්ගේ පාද නරක් වීමට එය හේතුවක් වී තිබේ.
ඇතැමුන්ගේ ඇඟිලි පාදවලින් ගැලවී ගොස් ඇත. ඒ කාටවත් ප්‍රමාණවත් තරමේ වෛද්‍ය ප්‍රතිකාර සැපයීමේ සේවාවක් බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වන්නේ ද නැත.
6. ලා සබනෙටා බන්ධනාගාරය (La Sabaneta Prison)
වෙනිසියුලාවේ පිහිටි ලා සබනෙටා බන්ධනාගාරය ගොඩනඟා තිබෙන්නේ රැඳවියන් 700කට සෑහෙන පහසුකම් සහිතව ය. එහෙත් පසුගිය වකවානුව වනවිට 3700කට අධික රැඳවියෝ ප්‍රමාණයක් එතුළ සිටියහ. මේ තත්ත්වය නිසා රැඳවියන් අතර නිතර දෙවේලෙහි ගැටුම් ඇතිවීම සාමාන්‍ය දෙයක් බවට පත්විණ. රැඳවියන් අත පිහි වැනි ආයුධ දැකිය හැකි බව වාර්තාවේ.1994 සහ 1995 වර්ෂවල මේ සිරගෙදර ඇති වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා නිසා පිළිවෙළින් රැඳවියෝ 108 දෙනෙක් සහ 196 දෙනෙක් මරු දුටහ.
බන්ධනාගාරය තුළ පහසුකම් හිඟයටත් නිමක් නැත. මළකා අබලන්ව ගිය නළ මාර්ග තුළින් ගලා එන ජලය, බැක්ටීරියා වර්ගවලින් සහ පරපෝෂීන්ගෙන් දූෂ්‍යය ය. බන්ධනාගාරයේ සේවය කරන කාර්යය මණ්ඩලය ද එහි පාලන කටයුතු කරගෙන යන්නට ප්‍රමාණවත් නැත.තුවාල ලබන හෝ රෝගී තත්ත්වයට පත්වන හෝ රැඳවියන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට ඇති පහසුකම් ද අවම මට්ටමක පවතී. මේ නිසා මැහුම් දැමිය යුතු මට්ටමේ තුවාල ඇතිවුණු විට ඒ කාර්යය පවා කෙරෙන්නේ රැඳවියන් අතින් බව වාර්තා වේ.
සෙංගමාලය, ක්ෂයරෝගය පැතිරයාම වගේම එච්. අයි. වී. ආසාදනයවීම් ද බන්ධනාගාරය තුළ ඉතා ඉහළ මට්ටමක පවතී.
7. අල්කට්රාස් දූපතෙහි බන්ධනාගාරය (Alcatraz Island Prison)
මේ සිරගෙදර පිහිටා තිබෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්රැන්සිස්කෝ බොක්ක ආසන්න ප්‍රදේශයෙහි ය. බන්ධනාගාරය ස්ථාපනය කරනු ලැබුවේ 1861දී බව දැක්වේ. බන්ධනාගාරය තුළ සිදුවන ප්රචණ්ඩ ක්‍රියා පසුකලෙක වැඩිවන්නට පටන්ගත්තේය. ප්රචණ්ඩ ක්‍රියා උග්‍ර තත්ත්වයට එළැඹියේ 1946 වසරේ මැයි මස දෙවැනිදා ය. එවර සිදුවුණේ සිරකරුවන් සමූහයක් බන්ධනාගාරයෙන් පළායාමට උත්සාහ ගැනීමයි. ප්රචණ්ඩ ක්‍රියා නිසා ඇතිවන ගැටලු වගේම, බන්ධනාගාරය නඩත්තු කිරීමටත් විශාල මුදලක් වැයවන බව අමෙරිකා රජය අවබෝධ කරගෙන සිටියේද මේ කාලයේදී ය. එනිසා බන්ධනාගාරය වසා දැමීමට 1963 වසරේදී තීරණය විය.
8. සැන් ක්වෙන්ටින් බන්ධනාගාරය (San Quentin Prison)
සැන් ක්වෙන්ටින් බන්ධනාගාරය අමෙරිකාවේ කැලිෆෝර්නියාහි ස්ථාපනය කරනු ලැබුවේ 1852 වසරේදී ය. මේ බන්ධනාගාරය තුළ ගෑස් කුටි පවා ස්ථාපනය කර ඇත. ගෑස් කුටිවල ලා රැඳවියන් මරාදැමීම අද වනවිට මෙහි සිදු නොවේ. මරණීය දඬුවම ලබාදෙන වරදකරුවන් අරබයා එකී දඬුවම අද ක්‍රියාත්මක වන්නේ මාරක එන්නත් ලබාදීමෙනි. මේ එන්නත් ලබා දෙන්නේ මෙයට පෙර ගෑස් කුටියක් වශයෙන් භාවිතයට ගත් කාමරයක් තුළදී ය. මාරක එන්නත ලබා දීමට අවශ්‍යය ආකාරයට කුටිය සකස් කර ඇත. ඒ හැරුණුවිට අලුතෙන් ඉඳි කෙරුන තවත් කුටියක් තුළදී එන්නත් ලබා දීමෙන් වරදකරුවන් මරණීය දඬුවමට යටත් කෙරේ. මේ සිරගෙදර රැඳවියන් අතරත් නිරන්තරයෙන් ගැටුම් ඇතිවන බව වාර්තා පෙන්වා දෙයි. ගැටුම් නිසා ඇතැම් රැඳවියෝ මරණයට පවා පත්වෙති.
9. රිකර්ස් දූපත් බන්ධනාගාරය (Rikers Island Prison)
මේ බන්ධනාගාරය පිහිටා තිබෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි බ්‍රොන්ක්ස් ප්‍රදේශයේ ය. මෙය හුදෙක් එක් බන්ධනාගාරයකට පමණක් සීමා වූවක් නොව, බන්ධනාගාර සංකීර්ණයකි. සංකීර්ණයට යටත් මුළු භූමිය අක්කර 413.17ක් පමණ වේ. බන්ධනාගාරයේ නඩත්තුවට වසරකට මුදල අමෙරිකා ඩොලර් මිලියන 800ක් පමණ වෙන් කෙරේ. එයින් වසරකට නඩත්තු කරන වරදකරුවන් සංඛ්‍යාව ලක්ෂයකට අධික ය. රැඳවියන් අතර ඉතා දරුණු අපරාධ සිදුකළ අයත් සිටිති. එනිසා බන්ධනාගාරය තුළ ප්‍රචණ්ඩකාරී සිදුවීම් නිතරම ඇතිවේ. එසේ ඇතිවන ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට මැදිහත්වන්නට බන්ධනාගාර නිලධාරීහු පවා භීතිය පළ කරති.
10. බැන්ග් ක්වැන්ග් බන්ධනාගාරය (Bang Kwang Prison)
“බැංකොක් හිල්ටන්” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන බැන්ග් ක්වැන්ග් බන්ධනාගාරය පිහිටා තිබෙන්නේ තායිලන්තයේ නොන්තබුරි පළාතෙහි ය. මෙහි රැඳවියන්ට දිනපතාම වාගේ වධ හිංසා පමුණුවන බව කියැවේ. බන්ධනාගාරයට යැවෙන රැඳවියන් පළමු මාස තුනේදී පා විලංගු ලා තැබීම එහි සාමාන්‍ය සම්ප්රදායයි.
බන්ධනාගාරයේ සිර මැදිරි ඉතා කුඩා ඒවා ය. එනිසා ඒවා තුළ රැඳී සිටිමින් නොයෙක් දුක් ගැහැටවලට මුහුණ දෙන්නට රැඳවියන්ට සිදුව තිබේ. මරණීය දඬුවම නියම වූ සිරකරුවන්ට එකී දඬුවම ක්‍රියාත්මක කෙරෙන බව දැනුම් දෙන්නේ දඬුවම ක්‍රියාත්මක කරන්නට පැය කිහිපයකට පළමුවයි. ඒ වගේම එවැනි නියම වූ වරදකරුවන් මරණීය දඬුවම ක්‍රියාත්මක වන තුරු වෑල්ඩින් කරන ලද පා විලංගු අතර රැඳී සිටිය යුතුව ඇත.