ලොව දිනු ඔහු

(මන් අන්තර්ජාලයේ ඉන්නකොට අහම්බෙන් ගිය page එකකට .මෙකේ දාල තිබ්බ දැක්කම එක එලකිරි එකෙ දාන්න ඔනෙ කියල හිතුනා.http://sadeshdw.blogspot.com/2013/09/steve-jobs.htm

කතෘ අයිතිය - SADESH DILANJANA ...// http://www.trickslanka.com .)



ලොව දිනු ඔහු- STEVE JOBS:cool::cool:

Steven Paul Jobs 1955 පෙබරවාරි 24 වන දා කැලිෆෝනියාවේ San Francisco නුවරදි ඔහුගේ ජීව විද්යානුකූල දෙමාපියන් වන Joanne Schieble සහ Abdulfattah Jandali දාව උප්පත්තිය ලැබුවා. නමුත් මොවුන් විවාහ නොවුණු දෙපලක්‌ වූ බැවින් අලුත උපන් මෙම දරුවාව වෙනත් දෙමාපියන් යුවලකට ඔවුනගේ දරුවකු ලෙස හද වඩා ගැනීම සඳහා භාර දෙනු ලැබුවා. එතැන් සිට පුංචි Steve ගේ දෙමාපියන් වුනේ Paul සහ Clara Jobs යන දෙපලයි. ඔවුන් ඉතා සාමාන්‍ය මධ්‍යම පන්තියේ යුවලක් වූ අතර ඔවුන් පසු කාලයේදී නගරාසන්න වෙනත් ප්‍රදේශයකට යනු ලැබුවා.
Steve Jobs හැදී වැඩුනු Santa Clara ප්‍රදේශය, කැලිෆෝනියාවේ දකුණු වෙරල ප්‍රදේශය 1950 මුල් භාගය වන විට Silicon Valley ලෙස ජනප්‍රියත්වයට පත් වුනේ සිය දහස් ගණනින් ආරම්භ වූ අර්ධසන්නායක (semi-conductor) නිෂ්පාදනය කරන සමාගම් හේතුවෙනුයි. මෙහි ප්‍රතිපලයක් ලෙස තරුණ Steve Jobs ට හැකියාව ලැබුනා සති අන්තයේ තම නිවෙස් තුල විවිධ අත්හදා බැලීම් සිදු කරන තාක්ෂණික ඉංජිනේරුවන් ඉතා ලඟින් ඇසුරු කිරීමට. විවිධ ඉලෙක්ට්‍රොනික උපාංග හා කල් ගෙවීමත් ඒවා පිලිබඳ තොරතුරු අසල්වැසි ඉන්ජිනේරුවන්ගෙන් අසා දැන ගැනීමත් නිසා Steve Jobs ගේ හිත ඒ සම්බන්ධ කටයුතු හා හොදින් බැඳී පැවතුනා. වයස 13 ක් වන විට Steve Jobs ට ඔහුගේ ජීවිතේ සමු වූ වැදගත්ම පුද්ගලයා ඔහුට මුණ ගැසුනා. වයස අවරුදු 18ක් වූ Stephen Wozniak නම් වූ ඔහු Steve සේම ඉලෙක්ට්‍රොනික උපාංග කෙරෙහි ඇල්මක් දැක්වූවෙක්. ඔහුගේ තරුණ හැසිරීම වගේම , ඔහුගේ ගති ගුණ වලටත් ඇලුම් කල Steve ඔහු සමඟ ඉතා හොද මිතු දමක් හොද නඟා ගැනීමට සමත් වුනා.
වසර පහකට පසු, Steve Jobs විදුහල් අධ්‍යාපනය ලැබිය යුතු වයසට පැමිණුනා. එහිදී ඔහු ඔහුගේ දෙමාපියන් වෙත කියා සිටියේ ඔහුට Reed College එකට ඇතුලත් වීමට අවශ්‍ය බවයි. මධ්‍යම පාන්තික යුවලකට දැරීමට නොහැකි තරම් මෙහි විද්‍යාල ගාස්තු ඉතා ඉහල අගයක් ගත්තද , Steve Jobs ජීව විද්යානුකූල දෙමාපියන්ට වූ පොරොන්දුව ඉටු කිරීමක් ලෙස Paul සහ Clara Jobs යුවල තරුණ Steve ව මෙම පාසලට යැවීමට තීරණය කරනු ලැබුවා. නමුත් Steve මෙම පාසලේ ගත කරනු ලැබුවේ එක් වර්ෂාර්ධයක් (one semester) පමණයි. මෙයට හේතුව ඔහුට ඉගෙන ගැනීමට තිබු කරුණු වලට වඩා ඔහු පෙරදිග දර්ශනවාදය (eastern philosophy) , fruitarian diets සහ LSD යන විෂයධාරා සඳහා වැඩි ඇල්මක් දැක්වීමයි. ඉක්බිති තරුණ Steve Jobs Oregon හි hippie commune පෙදෙසට පැමිණ මුලිකවම ඇපල් වගා කිරීමේ කටයුතු වල නිරත වෙමින් කාලය ගත කරනු ලැබුවා.
ඉදින් මාස කිහිපයකට පසු Steve නැවතත් කැලිෆෝනියාවට පැමිණියේ නව රැකියාවක් සොයා ගැනීමේ අරමුණිනුයි. තරුණ වීඩියෝ ක්‍රීඩා නිෂ්පාදකයෙක් වූ Atari විසින් Steve Jobs තරුණයාට ඔහුගේ වැඩ පලෙහි රැකියාවක් ලබා දෙනු ලැබුවා. බුද්ධත්වය, සම්බෝධිය, යථාර්තය යන කරුණු ගැන සොයා බැලීමට ඔහුගේ තිබු ඇල්ම හේතුවෙන්, ඔහුගේ පළමු රැකියාවෙන් උපයාගත් ධනයෙන් පාසල් මිතුරන් සමඟ ඉන්දියාව බලා පිටත් වුනා. ඒය ඔහු එය හැදින්වූ යේ ‘going to seek enlightenment’ යනුවෙනුයි. එම ගමනෙන් ලබා ගත අවබෝදයත් , යථාර්තය පිලිබඳ තතු තේරුම් ගැනීමත් නිසා මුලාවෙන් මිදුණු තරුණ Steve Jobs ඔහුගේ මිතුරු Woz සමඟ එකතු වී ඔහුගේ ජීවන ගමනට නව ආරම්භයක් ලබා දෙනු ලැබුවා.

Woz කියන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳව දැඩි ඇල්මක් කැමැත්තක් දක්වුවෙක්. දිනෙන් දින මෙම කැමැත්ත වැඩි දියුණු වීමට මුලික හේතුව වුනේ ඔහු නිරන්තරයෙන් සහභාගී වූ Homebrew Computer Club විසින් මෙහෙය වනු ලැබූ රැස්වීම්. මෙහි පැමිණි පිරිස ‘group of early computer hobbyists’ ලෙස හැඳින් වූ අතර ඔවුන් තම තමන්ගේ දැනුම එකී නෙකා අතර හුවමාරු කර ගනු ලැබුවා. ඔවුන් personal computing, a collection of radio jammers, computer professionals සහ තමන්ගේම personal computer එකක් නිෂ්පාදනයේ හෝ ඒ සඳහා මෘදුකාංග ලිවීමේ සැබෑ පුරෝගාමීන් වෙනවා. මෙම පිරිස එක්ව සදා ගත් සමාගමය වඩා ජනප්‍රියත්වයක් ලබා ගත්තේ 1975 දී Altair 8800 personal computer kit හි නිකුත් වීමත් සමඟයි.
Homebrew meetings වලින් ලබා ගත් දැනුමෙන් සහ ඔහුගේ ඇති විශේෂ හැකියාවෙන් Woz හැකියාව ලැබුනා ඔහුටම වෙන් වූ computer board එකක් නිර්මාණය කර ගැනීමට. ඒ ඔහුට ඔහුටම වෙන් වූ පරිගණයක (personal computer ) අවශ්‍යතාවය ඉතා හොදින් දැනී තිබුන බැවිනි. Woz ගේ මෙම නවතම නිර්මාණයට වැඩි ආකර්ෂණයක් හිමි වුණේ Steve Jobs ගෙනුයි .
දුටු වහාම එහි අගය වටහා ගත් Steve Jobs ඔහුගේ යහළුවාට කියා සිටියේ මෙය software hobbyists ලට විකිණිය හැකි බවයි. මොකද ඒ වෙන විට software hobbyists ලට අවශ්‍යව පැවතියේ කිසිම computer kit එකක් assemble කිරීමට කරදර නොවී software programs ඉතා පහසුවෙන් ලිවීමටයි. Jobs මෙම කරුණ තම යහළුවා වූ Wozniak හට ඒත්තු ගන්නන්නට සමත් වූ අතරම මේ සඳහා සමාගමක් ආරම්භ කිරීමටත් තම යහළුවාව යොමු කරනු ලැබුවා.මෙලෙස 1976 අප්‍රේල් 1 වැනිදා Apple Computer උපත ලැබුවා .
මෙතැන් සිට මාස කිහිපයම ගත වුනේ Jobs ගේ ගරාජයේ Apple I computer boards සැකසීම (assembling) හා නිමවූ computer boards එම ප්‍රදේශයේ වෙසෙන පරිගණක වෙළෙන්දන් හා ගනුදෙනු කරුවන්ට විකිණීම යන කටයුතු සඳහාත්ය. එසේ වුවත් Wozniak විසින් පෙරට වැඩ උසස් ගුණාංගයන්ගෙන් යුතු පරිගණකයක් සැදීමේ කටයුතු ආරම්භ කෙරුණා. Apple II නම් වූ මෙය තරමක් විශාල, ප්‍රබල පද්ධතියකින් (powerful system) සමන්විත වූ අතර color graphics පහසුකමද මෙයට එක කර තිබුණා. Jobs සහ Wozniak හොදින්ම දැන සිටියා මෙය ඉතා සාර්ථක බව, එම නිසා ඔවුන් මෙය තවත් සමාගමක් හා එක්ව බද්ධ ව්‍යාපාරයක් ලෙස වැඩි දියුණු කර ගැනීමට උනන්දු වුනා. මෙහි ප්‍රතිපලයක් ලෙස අවසානයේදී, හිටපු Intel executive වූ Mike Markkula ගෙන් Apple වෙනුවෙන් $250,000 ක මුදලක් ආයෝජනයට නම්මා ගැනීමට Jobsට හැකියාව ලැබුණා. ඒ 1977 ජනවාරි මාසයේදීයි. Markkula කියන්නේ personal computing විප්ලවය පිලිබඳ දැඩි විශ්වාසයක් දරා සිටි පුද්ගලයෙක්. Jobs සහ Wozniak ගැන ඉතා හොදින් පැහැදී සිටි මොහු කියා සිටියේ Apple II වලට ස්තුති වන්ත වෙන්න ඔහුගේ සමාගම මෙදින් වසර දෙකක් ගත වීමටත් පෙර Fortune 500 වලට ඇතුලත් වේවි යන බවයි.

Markkula විසින් Apple හි වර්ධනය පිළිබඳව වුවමනාවටත් වඩා සර්වසුභවාදීව කතා කළා සේම , ඔහුගේ එම දර්ශනය සැබෑ කරමින් ඔහුගේ සමාගම ඉතාම ඉක්මනින් ඇමෙරිකාවේ සාර්ථක කතාන්දර අතරට එක් වුනා. Apple II හු වූ සිත් ඇඳ ගන්න සුළු පැකේජය , භාවිතා කිරීමේ පහසුව , හුරුබුහුටි , තීක්ෂණ විශේෂාංග එවක වූ සියලු තරගකාරය නිෂ්පාදන අභිභවා ඉදිරියටම ඇදුනේ Apple හි නිර්මාපකයන් දස ලක්ෂපතියන් කරවමිනුයි. විකිණුම් වල අති දැවැන්තම නැග්ම ඇති වුයේ VisiCalc හි හදුන්වා දීමෙන් අනතුරුවයි. VisiCalc කියන්නේ ලොව ප්‍රථම වාණිජ වශයෙන් සාර්ථක (commercially successful) spreadsheet program එකයි. සිය දහස් ගණනින් වූ ඇමරිකානුවන් රැකියාව වශයෙන් ගණකාධිකරුවන් වුවත් , කුඩා ව්‍යාපාරිකයන් වුවත් , සාමාන්‍ය වශයෙන් මුදල් පරිහරණය කරන්නන් වුවත් Apple II පරිගණක මිලදී ගනු ලැබුවේ තම මුදල හදල් ගණනය කිරීමේ කටයුතු තම නිවසේදීම සිදු කර ගැනීමටයි.

Apple වල සාර්ථකත්වයේ අවදිවීමත් සමඟම එහි ආයෝජකයන් විසින් තියෙරණය කරනු ලබනවා ,මහජනයා අතරට යාමට සුදුසුම කාලය මෙය බවට. 1980 දෙසැම්බර් මාසයේදී ප්‍රථම IPO (Initial Public Offering) වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබුවා, ඒ සමාගම පටන් ගෙන හරියටම වසර හතරකට පසුවයි. මේ වනවිට Steve Jobs ගේ වයස අවුරුදු 25 ක් වූ අතර ඔහුගේ ශුද්ධ අදායම ඩොලර් මිලියන 200 ඉක්මවා ගොස් තිබුනා.
Apple හි මෙම සාර්ථකත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනු ලැබුවේ එවකට පරිගණක ලොව ඇති දැවැන්තයෙක් වූ IBM සමාගමයි. නමුත් IBM සමාගම ඒ වෙන විටත් නිරත් වෙමින් සිටියේ දැවැන්ත සමාගම් සඳහා mainframe පරිගණක විකිණීමේ කටයුතු වලයි. නමුත් 1981 අගෝස්තු මාසයේ දී IBM PC විසින් ‘crash project’ ව්‍යාපෘතිය හදුන්වා දෙමින් personal computer ලොවට පිවිසියා. මෙය එවක Apple වෙත යොමු වූ විශාලතම අභියෝගය සහ දැවැන්තම තර්ජනයයි. 1980 දී Apple III හි බිඳ වැටීමත් සමඟම Apple හි කිර්තිය , ප්‍රසිද්ධිය හා පැවැත්ම පිළිබඳව සියල්ලෝම ප්‍රශ්න කරනු ලැබුවා. මේ කරුණත් සමඟම Steve Jobs විසින් business computer project නමින් නවතම සංකල්පයක් හදුන්වා දෙමින් එය පිලිබඳ වැඩි බලාපොරොත්තු තබා ගත්තා. ඔහු එය Lisa ලෙස නම් කරනු ලැබුවා.

සමාරම්භක අවදියේදී සිටම Steve Jobs විසින් Lisa පරිගණක පිලිබඳ දැඩි විශ්වාසයක් තබා ගෙන කටයුතු කරනු ලැබුවා.එය මෙම ව්‍යාපෘතියට දැමු නමින්ම විශ්වාසය කෙතරම්දැයි පසක් වෙනවා. Lisa යනු, 1978 දී , ඔහුගේ උසස් පාසලෙහි පරණ පෙම්වතිය වූ Chrisann Brennan ට හා Steve Jobs ට දාව උපන් කුලුදුල් දැරියගේ නමයි. නමුත් Steve Jobs විසින් තමාගේ පිතෘභාවය පිළිගත්තේ නැහැ. මෙම කරුණ කාටත් පුදුමයක් නොවුනේ Steve Jobs හා Chrisann Brennan අතර ස්ථාවර ප්‍රේම සම්බන්ධයක් නොතිබුණ බැවිනි. Jobs විසින් Chrisann හට මුදල් දීම පවා ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒ වෙනුවට ඔහු විසින් සිදු කරනු ලැබුවේ Apple මඟින් සොයා ගත් සියලුම ධනය Lisa පරිගණක නිර්මාණයට යෙදවීමයි.
ඉනික්බිති අවුරුද්දේදී Steve Jobs ට අවස්ථාව උදා වුනා පරිගණක පර්යේෂණාගාරයක් වන Xerox PARC හි සංචාරයක නිරත වීමට. මෙහිදී Jobs ට දකින්නට ලැබුණු නැවතම තාක්ෂණික සොයා ගැනීම් ඔහුගේ සිතෙහි වඩාත් හොදින් ධාරණය වුනා. මෙහි තවත් ඉදිරි දශක දෙක තුනකදී ලොව මවිත වන තාක්ෂණික සොයාගැනීම සිදු වී තිබුනා. මෙම සොයා ගැනීම් අතරට Graphical user interface (GUI) සහ mouse, Ethernet, laser printing සහ object oriented programming එක්ව තිබුනා. Jobs ට මෙහිදී වඩාත්ම සිත ගියේ Graphical user interface (GUI) ක්‍රමවේදයටයි, මන්ද එය command-line interfaces භාවිතා කරනවට වඩා ඉතා පහසු සහ සිත් ඇද ගන්නා සුළු වීමයි. එලෙසම පරිගණක භාෂාවක් ඉගෙන ගෙන එය command-line interfaces එකක සටහන් කරනවට වඩා GUI ක්‍රමය පරිගණක භාවිත කරන්නන්ගේද ජීවිතය සැහැල්ලු කිරීමක් වුනා. එම නිසා ඔහු ස්ථිර වශයෙන්ම කියාසිටියා Lisa පරිගණක සඳහා GUI එකක් සහ mouse එකක් එක් කරන බවට.
 
Last edited:
පුංචි සංගීතඥයා මෝසාර්ට්

(කතෘ අයිතිය-හර්ෂණී ගමගේ/////http://www.danuma.lk/sinhala/index.php?option=com_content&view=frontpage&Itemid=105&lang=si)



ඔබ අහල ඇති මෝසාර්ට් කියන ශ්‍රේෂ්ඨ සංගීතඥයා ගැන. නමුත් ඔයාලා දන්නේ නැතිව ඇති ඔහු ළමා කාලයේ කළ කී දේවල් ගැන. අද අපි මේ අරුම පුදුම සංගීතඥයාගේ ළමා වියට ළං වී බලමු.වුල්ෆ්ගෑන්ග් ඇමේඩස් මෝසාර්ට් උපන්නේ 1756 ජනවාරි 27 දින ඔස්ටි‍්‍රයාවේ සැල්ස්බර්ග් හිදීය. මෝසාර්ට්ගේ පියා ලිපෝල්ඩ් මෝසාර්ට් සැල්ස්බර්ග්හි දේවස්ථානයක ගීතිකා කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළා. ඔහු ඉතා දක්ෂ වයලීන වාදකයෙකු වුණා. මේනිසා කුඩා මෝසාර්ට් ට වාසි දෙකක් ලැබුණා.එකක් තමයි පියාගේ සංගීතමය හැකියාව ඔහුට උපතින්ම හිමි වී තිබීම අනෙක තමයි ඔහුට නිවසේදී නිතරම සංගීත භාණ්ඩ ඇස ගැටීම සහ ඉමිහිරි සංගීත නාද කන වැකීම. කුඩා මොසාර්ට් ට නිවසේ අය ආදරයට පැවසුවේ ‘නැන්නර්ල්’ කියලයි. පියා නැන්නර්ල්ගේ වැඩිමහල් සොයුරිය මරියා අන්නාට සංගීත පාඩමක් කියා දෙද්දී කුඩා නැන්නර්ල් ඒ දෙස ඉතා ආශාවෙන් සහ උනන්දුවෙන් බලා සිටියා. පියාගේ සංගීත නාද වලට නැන්නර්ල් කෙතරම් ඇලුම් කළාද කියනවා නම් ඔහු වයස අවුරුදු තුනේදී පළමු වරට ‘කී බෝඩ්’ එක වාදනය කිරීමට පටන්ගත්තා. පුතා අනාගතයේදී දක්ෂ සංගීතඥයෙකු වන බවට පෙර නිමිති කල්තියාම දක්වන බැව් පියාට වැටහුණා. දිනක් පියා දේවස්ථානයේ සංගීත කටයුතු නිමකර ආපසු නිවසට එනවිට හතර හැවිරිදි නැන්නර්ල් පෑනක් ගෙන කුමක්දෝ ලියමින් සිටිනු දුටුවා.“පුතා මොනවද ලියන්නේ?”පියා ඇසුවා.“මං මේ පියානෝවෙන් වාදනය කරන්න සංගීත තනුවක් හදනවා”නැන්නර්ල් පිළිතුරු දුන්නා. පියා ඔහු ලියමින් සිටි කොළය අතට ගත්තා. කුරුටුගාන ලද ස්වර ප‍්‍රස්ථාර සටහනේ තීන්ත පැල්ලම් බොඳ වී තිබෙනු පියා දුටුවා. “පුතා ඔයා තව ලොකු වුණාම සංගීත තනු නිර්මාණය කරන්න පුළුවනි. ඔයා තවම පුංචියිනේ” පියා පැවසුවා.“නැහැ තාත්තා. මට දැනුත් පුළුවන්” එසේ පැවසූ නැන්නර්ල් පියා වෙනුවෙන් එම සංගීත තනුව වාදනය කර පෙන්නුවා. පියා නිර්මාණය කර දුන් ස්වර රටාද කුඩා නැන්නර්ල්ගේ කුඩා අතැඟිලි වලින් නාද වුණා. ඔහුට අවුරුදු හයේදී නැන්නර්ල් සහ එකොළොස් වියැති අක්කා මරියා පියා විසින් සංගීත සංදර්ශනයක් සඳහා වියානාවේ ඔස්ටි‍්‍රයානු රාජ සභාවට කැඳවාගෙන ගියා. ඔවුන් ජර්මනියේ මියුනිච් වෙතද තවත් යුරෝපානු රටවලට ද සංගීත සංදර්ශන පැවැත්වීම සඳහා පියා සමග සංචාරය කළා. නැන්නර්ල්ට අවුරුදු 7 දී ඔහු නිර්මාණය කළ සංගීත ස්වර ප‍්‍රස්ථාර ප‍්‍රකාශයට පත්කළා. කිසිවෙකුගෙන් ඉගෙන නොගෙනම නැන්නර්ල් වයලීනය වාදනය කිරීමටත් පටන් ගත්තා.
නැන්නර්ල්ට අවුරුදු 8 දී ඔහුගේ පියාට උගුරේ ආබාධයක් වැළඳුණා. පියා විවේක ගත යුතු වූ නිසා නැන්නර්ල්ට සහ අක්කාට නිවස තුළ කිසිම ශබ්දයක් කිරීම තහනම් වුණා. අඩුම ගණනේ පියානෝව වාදනය කිරීමට වත් ඉඩ ලැබුණේ නැහැ. නමුත් කුඩා නැන්නර්ල්ගේ අතැඟිලි වලට පියානෝවේ තත්වලින් ඈත් වී සිටීමට හැකි වුණේ නැහැ. ඔහු හොරෙන් හොරෙන් පළමු සංගීීත සංධ්වනිය නිර්මාණය කළා. ඔහු අවුරුදු 8 දී ලන්ඩන් නුවරදී තුන්වන ජෝර්ජ් රජු වෙනුවෙන් සංගීත සංධ්වනියක් ඉදිරිපත් කළා. ඔහු පැරීසියේද බ‍්‍රසල්ස් හිද සංගීත සංදර්ශන පැවැත් වූවා. වයස අවුරුදු 10 දී නැන්නර්ල් තූර්ය භාණ්ඩයේ ශබ්දයට අධික බියක් දැක් වූවා. ඔහුගේ බිය නැති කිරීමට සිතූ පියා මරියා ලවා නැන්නර්ල්ගේ කනට එම නළාවෙන් පිම්බා. එවිට බිය වූ නැන්නර්ල් ක්ලාන්ත වුණා. ඉන්පසු කිසි දිනෙක මරියා නැන්නර්ල්ව බිය ගැන්වූයේ නැහැ.
ඔස්ටි‍්‍රයානු රාජ්‍ය සභාවට ගොස් කුඩා නැන්නර්ල් සංගීත සංධ්වනි පවත්වද්දී රාජ සභාවේ සිටි ආදිපාදිවරියන් අතර සිටි මාරි ඇනටොයිනෙට් (පසුව ප‍්‍රංශයේ ඇනටොයිනෙට් රැජිණ වූයේ ඇයයි) කුඩා නැන්නර්ල්ට බෙහෙවින් ආදරය සහ කරුණාව දැක්වූවා. නැන්නර්ල් ද ඇයව බෙහෙවින් ප‍්‍රිය කළා. ළමාවියේදී සහ යොවුන් වියේදී නැන්නර්ල් යුරෝපයේ බොහෝ රටවල සංචාරය කරමින් සංගීත සංධ්වනි පැවැත්වූවා. නැන්නර්ල් ඔහුගේ පළමුවෙනි ඔපෙරාව රචනා කළේ වයස අවුරුදු 12 දීයි. ඒ වසරේදීම ඔහු කුඩා සංගීත නාට්‍යයක්ද, සංගීත සංධ්වනි දෙකක් ද රචනා කළා. ළමා වියේදීම සංගීත නිර්මාණයේ කළ දස්කම් අගයමින් ඔහුට නයිට් පදවියක්ද පිරිනැමුවා. ළමා වියේදී සහ යොවුන් වියේදී විවිධ රටවල සංචාරය කරමින් සංගීත සංධ්වනි පවත්වද්දී ඔහු ලැබූ විවිධ අත්දැකීම් ඔහු තම මවට සහ මිතුරන්ට ලිපි මගින් ලියා එව්වා.බටහිර සංගීතයට විශිෂ්ට සේවයක් ඉටුකළ මෝසාර්ට් වයස අවුරුදු 35 දී මෙලොවින් සමුගත්තත් අදටත් සංගීතයට ආදරය කරන ලොව පුරා ජනයා මෝසාර්ට්ව සිහිකරන්නේ ආදරයෙන් සහ ගෞරවයෙන්. සැල්ස්බර්ග්හි සංගීත ලෝලි ජනයා මෝසාර්ට් ගේ උපන් නිවස පූජනීය ස්ථානයක් ලෙස සලකනු ලබනවා. ඔහුගේ සංගීත රචනා ප‍්‍රදර්ශනය කරමින් සෑම වසරකම මෝසාර්ට් සතියක් ද සමරනු ලබනවා.
 
ශ‍්‍රීමත් වින්ස්ටන් චර්චිල්



ඔබ අසා ඇති බි‍්‍රතාන්‍යයේ සිටි ශ්‍රේෂ්ඨ අගමැතිවරයකු වූ වින්ස්ටන් චර්චිල් ගැන‍. අපි ඔහුගේ ළමා වියට එබී බලමු. වින්ස්ටන් ලෙනාර්ඩ් ස්පෙන්සර් චර්චිල් උපන්නේ 1874 නොවැම්බර් 30 දින බි‍්‍රතාන්‍යයේ බ්ලෙන්හයිම් මන්දිරයේදීය. ඔහුගේ පියා වංශාධිපති රැන්ඩොල්ෆ් චර්චිල් වූ අතර ජෙනි ජොරොම් වූ මව ඇමරිකානු පෙළපතකින් පැවත එන්නියක වූවාය. ඔහුට සිටි එකම සොයුරා වූයේ ජෝන් ස්ටේ‍්‍රන්ජ් චර්චිල් ය. ඔවුන් කුඩා වියේදී නිවාඩුවක් ගතකිරීම සඳහා ඔස්ටි‍්‍රයාවට ගිය අතර එහිදී බිස්මාර්ක් කුමරු සමග තේ පානෝත්සවයකටද සහභාගි වූහ.
වින්ස්ටන්ගේ සීයා මෙල්බෝර්න්හි ආදිපාදවරයා විය. මව පියා ඉතා කාර්ය බහුල පුද්ගලයින් වූ නිසා වින්ස්ටන් සහ සොයුරාට මෙහෙකරුවන් සහ මෙහෙකාරියන් සමග ජීවත්වීමට බොහෝ විට සිදුවිය. කුඩා වින්ස්ටන් ගේ ප‍්‍රියතම ආයම්මාව ඔහු හැඳින්වූයේ ‘වුම්මනි’ නමිනි. ඇයගේ නියම නම වූයේ එළිසබෙත් ඈන් එවරස්ට්ය. ඔහුගේ සියලු අවශ්‍යතා වටහා ගත්තේ ඇයයි. කුඩා වින්ස්ටන් ඇයට කෙතරම් ආදරය කළාද කිවහොත් ඔහු වැඩිහිටියෙකු බවට පත්වූ පසුවද ආයම්මාගේ ඡායාරූපයක් ළඟ තබා ගෙන සිටියේය. කුඩා වින්ස්ටන්ගේ ප‍්‍රියතම කී‍්‍රඩා භාණ්ඩය වූයේ ඊයම් වලින් සාදන ලද සොල්දාදුවන්ගේ ආකෘතිය. වින්ස්ටන්ට අවුරුදු 2 දී ඔවුහු අයර්ලන්තයේ පදිංචි වී සිටියහ. ඔහුට අවුරුදු 5 දී නැවත ඔවුහු එංගලන්තයේ පදිංචි වූහ. කුඩා වින්ස්ටන් රොබ් රෝයි නමින් හැඳින්වූ අශ්වයා පිටේ යාමට ආශා කළේය. ඔහුගේ ප‍්‍රියතම විනෝදාංශය වූයේ සමනළයින් එකතු කිරීමයි. ‘වුම්මනි’ ආයම්මාගෙන් දැඩි ලෙස ආදරය ලැබූ වින්ස්ටන් තම මව ගැන ඔහුගේ හැඟීම් වැඩිහිටි වියේදී පළකළේ මේ ලෙසිනි. “ඇය අහසේ දිදුලන තාරකාවක් මෙන් මට දැනුණේ මං ඇයට දැඩි ලෙස ආදරය කළා. නමුත් ඇය තාරකාවක් ලෙසින් දුරස්ථ බවක් මට දැනුණා.”
කුඩා වින්ස්ටන් වංශාධිපති පවුල්වල සෙසු දරුවන් සේ විශේෂ ඇඳුම් ඇන්දෙය. කුඩා වින්ස්ටන්ගේ පාසල් ගමන ආරම්භ වූයේ බ‍්‍රයිට්න්හි නේවාසික පාසලකිනි. ඔහුට පාසලේදි නිතරම අමතක විය. ඔහු කිසිදිනෙක වේලාවට වැඩ කළේ නැත. ඔහු ඉතා නොසැලකිලිමත්් ළමයෙකු ලෙස හැසිරුණේය. වරක් ඔහු එම නේවාසික පාසලේදී නියුමෝනියාව සෑදී දැඩි ලෙස රෝගාතුරවූ පසු මව සහ පියා ඔහු බැලීමට පාසලට පැමිණියහ. පාසලේදී ඔහු එතරම් දක්‍ෂ ශිෂ්‍යයෙකු නොවීය. ඔහුගේ ප‍්‍රියතම විෂය වූයේ ඉතිහාසයයි. ඔහු එම පාසලේ නේවාසික ජීවිතය ඉතා නීරස බව දන්වමින් දෙමව්පියන්ට නිතරම ලියුම් යැව්වේය. නමුත් ඔහුට බැලීමට දෙමව්පියන් නිතර එහි නොපැමිණියේය.ඔහුට වයස අවුරුදු 11 දී ද්විතීයික ඉංග‍්‍රිසි පාසල්කවූ හැරෝ විද්‍යාලයට ඔහු ඇතුළත් කරන ලදී. ඔහු එම පාසලේදී ගණිතය විෂයටද දස්කම් දැක්වූයේය. ඔහු ඉංග‍්‍රිසි භාෂාවටද දැඩි ලෙස ආදරය කළේය. හැරෝ පාසලේදී ඔහුට විකට නාමයක් ද පටබැඳී තිබුණි. වයස අවුරුදු 18 දී හැරෝ පාසලට සමුදුන් ඔහු ඉන්පසු සැන්ඩර්ස්ට්හි රාජකීය හමුදාව පාසලට බැඳුණේය.ඔහු එහිදී පාබල හමුදා නිලධාරියෙකු ලෙස පුහුණුව ලැබුවේය. ඉන්පසු ඔහු යුද හමුදා සේවයේ ටික කලක් යෙදුණේය. ඔහු ද ඩේලි ටෙලිග‍්‍රාෆ් පුවත්පතේ වාර්තාකරුවෙකු ලෙස ද සේවය කළේය. විවිධ රටවල සංචාරය කරමින් යුද පුවත් වාර්තා කළ ඔහු 1900 දී නැවත එංගලන්තයට පැමිණියේය. ඉන්පසු දේශපාලන ක්ක්‍ෂේත‍්‍රයට යොමුවී බි‍්‍රතාන්‍යයේ අගමැති ධූරය ද දැරුවේය. ඉතා යහපත් නායකයෙකු ලෙස කටයුතු කළ ඔහු 1965 දී මෙලොවින් සමුගත්තේ සදා අමරණීය පුද්ගලයකු ලෙස ඉතිහාසයට එක්වෙමිනි.
 
Last edited:

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ස්ටීව් ජොබ්ස් ලෝකෙම දිනුවත් පිලිකාව දිනන්න බැරිවුනා...:(
 

Ridila

Member
Jun 20, 2013
319
16
0
ABQ
to me he is no hero or a mastermind.he denied his fraternity to his own daughter and abandoned her with his ex-gf. manipulated his workers like hell. true that his dictatorship allow apple to get to its pinnacle but the so called unique concepts behind apple like xerox was never his inventions. he just got the concepts elsewhere and developed them. watch pirates of the sillicon valley
 
honda.jpg