ලොව දීර්ඝතම නොනවතින ගමනේ වාර්තාව

mofious

Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    ලොව දීර්ඝතම නොනවතින ගමනේ වාර්තාව

    ලොව දීර්ඝතම නොනවතින ගුවන් ගමනේ වාර්තාව ක්වන්ටාස් හිමිකර ගනී!

    sl.jpg

    ලොව දීර්ඝතම නොනවතින ගුවන් ගමන තමන් සතු කරගන්නට ඔස්ට්‍රේලියානු ක්වන්ටාස් ගුවන් සමාගම සමත්වී ඇත. ඒ ලොව විශාලතම මගී ප්‍රවාහන ගුවන් යානය වන එයාර්බස් 380 ගුවන් යානය යොදාගනිමින් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට උතුරු ඇමරිකාවේ ඩලාස් ගුවන් තොටුපොළ දක්වා සිදුකළ නොනවතින ගුවන් ගමනත් සමගය.

    පැය 15යි මිනිත්තු 15ක් ගතවූ මෙම ගුවන් ගමනෙහි සමස්ථ දුර සැතැප්ම 8,578කි. මෙයට පෙර ලොව දීර්ඝතම නොනවතින ගුවන් ගමන සිදුකරනු ලැබූයේ සිංගප්පූරු ගුවන් සමාගම මගිනි. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් තබා ඇත්තේ ඩෙල්ටා ගුවන් සමාගම වන අතර ඔවුන්ගේ ජොහැනස්බර්ග් සිට ඇට්ලන්ටා දක්වා වන මාර්ගයේ ගමන් කළ තිබූ දුර ප්‍රමාණය සැතපුම් 8,439කි. තවද එමිරේට්ස් ගුවන් සමාගම විසින් ඩුබායි සිට ලොස් ඇන්ජලීස් දක්වා ගමන් කොට ඇති දුර ප්‍රමාණය සැතපුම් 8,390කි.

    ගත්තේ මෙතෙනින්
     
    Last edited:

    Similar threads