ලොව දෙවැනි විශාලම සිදුර
අද සකු කතාකරන්න යන්නේ ටිකක් වෙනස් මාතෘකාවක් ගැන, ඔව් දැනට ලෝකේ තියෙන මිනිසා විසින් නිර්මාණය කරන ලද දෙවැනි විශාලම සිදුර ගැන තමයි අද කතාකරන්න යන්නේ.එතකොට ඔයාල බලයි පලවෙනි එක මොකද්ද කියල. මිනිසා විසින් නිර්මාණය කරන ලද විශාලම සිදුර තියෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ එක හඳුන්වන්නේ බින්ග්හම් කන්යෝන් පතල කියල, මෙහි තඹ නැත්නම් කොපර් කැනීම් කටයුතු තමයි කෙරිලා තියෙන්නේ. එත් අපි අද කතාකරන්න යන මීර් දියමන්ති පතල පිහිටලා තියෙනේ රුසියාවේ , කලකට ඉහතදිනම් සෝවියට් සමූහාණ්ඩුවට අයත් භූමියක්. හරියටම කියනවනම් නැගෙනහිර සයිබීරියාවේ තමයි පිහිටලා තියෙන්නේ. මේ දියමන්ති පතල ගැඹුරින් මීටර් 525 (අඩි 1722) ක් සහ විෂ්කම්භය මීටර් 1200 (අඩි 3900) ක් පමණ වෙනවා කියල තමයි වාරතාවෙන්නේ. ඒ විතරක් නෙමෙයි මීර් පතලට ඉහලින් පිහිටි ගුවන් කලාපය හෙලිකොප්ටර් යානා වලට තහනම්
ප්‍රදේශයක් ලෙසටත් නම් කරලයි තියෙන්නේ. එකට හේතුව තමයි අවස්ථා කීපයකදීම මීර් පතලට ඉහලින් පියාසර කරපු හෙලිකොප්ටර් යානා කීපයක්ම අධික වේගයෙන් පතල තුලට හමා ගිය වාත ධාරා මගින් ඇද ගැනීම. මේකෙන්ම තේරෙනවනේ මීර් පතල කොච්චර වපසරියක් පුරා පැතිරිලා තියෙනවද කියල.
Location in Russia
62°31′45.92″N 113°59′36.74″E / 62.5294222°N 113.9935389°ECoordinates: 62°31′45.92″N113°59′36.74″E / 62.5294222°N 113.9935389°E
වර්ෂ 1955 ජුනි මස 13 වෙනිදා තමයි මීර් පතල මුලින්ම සොයාගනු ලැබුවේ. ඒ සෝවියට් භූවිද්යාඥය පිරිසක් වන යූරි කබර්දීන් , එකටෙරීනා එලගිනා සහ වික්ටර් අව්දීන්කෝ විසින්. ගිනි කඳු ආශ්‍රිතව බහුලව දක්නට ඇති දියමන්ති වලට ඉතා කිට්ටු සම්බන්දතාවක් දක්වන කිම්බර්ලයිට් කියන පාෂාණ විශේෂය තමයි මෙහිදී මුලින්ම ඔවුන්ගේ නෙත ගැටිලා තියෙන්නේ. අසාර්ථක ප්රයත්නයන් ගණනාවකින් පස්සේ සෝවියට් සමූහාණ්ඩුව තුල කිම්බර්ලයිට් පාශානය සොයාගත් පළමු අවස්තාව ලෙසද මෙය සැලකෙනවා.මෙම සොයාගැනීමේ ඇති වෙදගත් කම නිසාම 1957 දී කබර්දීන් , සෝවියට් සමූහාණ්ඩුවෙන් පිදෙන ඉහලම සම්මානයක් වන ලෙනින් ත්‍යාගයෙන් පිදුම් ලබනවා.
ඉතා අයහපත් කාලගුණ තත්වයන් මධ්‍යයේ වුනත් පතලේ කැනීම් කටයුතු 1957 වසරේදී ආරම්භ කරනවා.සාමාන්‍යයෙන් මේ ප්‍රදේශයට අවුරුද්දට මාස හතක්ම ශීත ඍතුව පවතිනවා. සාමාන්‍ය පරිසර උෂ්ණත්වය වුනත් පවතින්නේ සෙල්සියස් - 40 ක වගේ සීමාවක. මේ නිසාම පතල ආශ්‍රිතව ඉදිකෙරුණු ගොඩනැගිලි වුනත් ඉදිකරන්න වෙලා තියෙන්නේ ඉතා ශක්තිමත්ව සකසන ලද කණු උද වීම විශේෂයක්, නැතිනම් ශීත ඍතුව ඉක්ම ගිය වහාම හිම දියවෙලා ඒ මත තියෙන ගොඩනැගිලි වුනත් ගිලීයාමේ අවධානමක් තියෙන නිසා. කෙසේ නමුත් මීර් පතලේ ප්‍රධාන තාක්ෂනාගාරය ඉදිකරලා තියෙන්නේ පතලට කිලෝමීටර් 20 ක් විතර එහායින් පිහිටි තැනක. විශේෂයෙන්ම ශීත කාලගුණය යටතේ සාමාන්‍ය රථ වාහන ටයර් , යකඩ වගේ දේවල් පාවිච්චි කරන්න අපහසු වෙලත් තියෙනවා. සාමාන්‍ය ඉන්ධන වුනත් මිදෙන තත්වයක් මත මෙහි සේවකයන්ට සිද්ධ වෙලා තියෙනවා ජෙට් යාන ඉන්ධන සහ අයිස් පිපිරවීම සඳහා ඩයිනමයිට් භාවිතා කරන්න. ඒ විතරක් නෙමෙයි රාත්‍රී කාලයට මේ යන්ත්‍ර සූත්‍ර අධික ශීතලෙන් ආරක්ෂා කරගැනීම සඳහා මුළු පතලම ආවරණ වලින් වසා තබන්නටත් සිද්ධ වෙලා තියෙනවා.
වර්ෂ 1960 වෙන කොට මීර් පතල කිලෝ ග්‍රෑම් 2000 ක පමණ දියමන්ති ප්‍රමාණයක් වසරකට නිෂ්පාදනය කරලා තියෙනවා. මේ ප්‍රමානයෙනුත් 20% ක පමණ ප්‍රතිශතයක් ඉතා ඉහල මැණික්මය ගුණාත්මක බවකින් යුක්ත වෙලා තියෙන බව තමයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. මීර් පතලේ ඉහල ස්ථරය (මුදුනේ සිට මීටර් 360 ක් පමණ යනතෙක්) ආශ්‍රිතව ඛනිජ ටොන් එකකින් ලබා ගතහැකිව තිබූ කැරට් 4 (0.80 ග්‍රෑම්) දියමන්ති ඉතා ඉහල ප්‍රතිශතයක් ගත බවටත් වාර්තා වෙනවා.ඒ වගේම පතල පතුලට වන්නට දියමන්ති නිෂ්පාදන ප්‍රමාණය වසරකට කිලෝ ග්‍රෑම් 400 ක් දක්වා අඩු වී ඇති බවටත් ඛනිජ ටොන් එකක අන්තර්ගත දියමන්ති කැරට් 2 (0.40 ග්‍රෑම්) පමණ තත්වයකට අඩු වීමත් විශේෂ තත්වයක් ලෙස වාර්තා වෙනවා. ඒ වගේම මීර් පත්ලෙන් හොයාගනු ලැබූ විශාලම දියමන්තිය 1980 දෙසැම්බර් 23 වෙනිදා හොයාගනු ලැබූ අතර මෙය කැරට් 342.5 ක් නැතිනම් ග්‍රෑම් 68 ක් බරින් යුක්ත වූ බවත් එය "26thCongress CPSU" ලෙස නම් කල බවත් කියවෙනවා.1990 වර්ෂය වන විට පතලේ වැඩිදුර කැනීම් කටයුතු ඒ තුල සිදු වූ ජල ගැලීමක් හේතුවෙන් අඩාල වෙලත් තියෙනවා හැබැයි නැවතත් පසු කාලයකදී යත තත්වයට පත්වෙලත් තියෙනවා.
මීර් පතලේ කැනීම් කටයුතු වල දක්නට ලැබුණු මේ වේගවත් වර්ධනය දැකපු එවකට දියමන්ති ක්ෂේත්රයේ ඉහලින්ම වැජබුනු සමාගම වන ඩි බියර්ස් සමාගම කනස්සල්ලෙන් පසු වූ බවත් දියමන්ති සමන්බන්ධව ඔවුන්ට තිබූ ඉල්ලීම එලෙසම පවත්වාගැනීම සඳහා ඔවුන් රුසියානු දියමන්ති
මිලයට ගත් බවටත් වාර්තා වෙනවා. තවදුරටත් මේ පතලේ කැනීම් කටයුතු අධ්‍යනය කිරීමට ඩි බියර්ස් සමාගම රුසියාවෙන් අවසර ඉල්ලලත් තියෙනවා. 1970 වර්ෂයේදී රුසියානු විශේෂඥයන්ට ඩි බියර්ස් සමාගමට අයත් දකුණු අප්‍රිකානු පතල් නිරීක්ෂණය කිරීමට අවසර දීමේ අනුමැතිය මත මීර් පතල බැලීමට ඔවුන්ට රුසියානු රජයෙන් අවසර ලබා දෙනවා. මේ අනුව ඩි බෙයර්ස් හි විධායක නිලධාරී ශ්‍රීමත් ෆිලිප් ඔපන්හෙමර් සහ ප්‍රධාන බූ විද්‍යාඥය බැරී හොව්තොන් 1976 දි මොස්කවූ නුවරට ලගාවෙනවා. නමුත් මෙහිදී ඉතා සූක්ෂමව කටයුතු කල රුසියානුවන් මීර් පතල වෙත යාමේ ගමන අතරමැදදී සංවිධානය කරන ලද සාකච්චා වට කීපයක් හේතුවෙන් හිතාමතාම ප්‍රමාද කරනවා. මේ හේතුව නිසාම පතලට ළඟා වන ඩි බෙයර්ස් නොයෝජිතයන්ට එහි රැඳෙන්නට අවසර ලැබෙන්නේ විනාඩි 20 ක් පමණ සුළු කාලයක් , මක් නිසාද යත් ඒ වෙද්දී ඔවුන්ට ලැබුණු විසා බලපත් කල් ඉකුතු වන්නට යෙදී තිබුණු නිසා. ලැබුණු කෙටි වේලාවෙන් වුනත් තරමක තොරතුරු ප්‍රමාණයක් සපයා ගන්නට ඔවුන් සමත් වුණා. විශේෂයෙන්ම රුසියානුවන් ඛනිජ සංගටනය කිරීම සඳහා වතුර භාවිතා නොකරන බව ඔවුන් සොයාගත්තා එකට හේතුවකුත් තිබුන අධික ශීතල නිසා වසරේ වැඩි කාලයක් වතුර ගනීභාවනය වී පැවතීම තමයි එකට හේතුව. කෙසේ නමුත් ඔවුන් මීර් පතලේ පතුලේ කැනීම් ශක්‍යතාවය අධිතක්සේරු කල බවටත් වාර්තා වෙනවා.
රුසියාවේ මෙතෙක් සොයාගනු ලැබූ පළමු සහ අවසානම විශාලතම දියමන්ති පතල තමයි මීර් පතල කියන්නේ. එහි මතුපිට ක්‍රියාන්විත කටයුතු වසර 44 ක් පුරාවට පවත්වල වසර 2001 දි එම කටයුතු නවත්වල දමල තියෙනවා. වර්ෂ 1990 සෝවියට් සමූහාණ්ඩුවේ අදවටීමෙන් පස්සේ පතලේ කැනීම් කටයුතු භාරව ඉඳල තියෙන්නේ සඛා දියමන්ති සමාගමයි. එහි වාර්ෂික ලාභය ඇමෙරිකානු ඩොලර් මිලියන 600 ක් පමණ වූ බවත් ගණන් බලා තියෙනවා. වර්තමානයේ මෙහි කැනීම් කටයුතු භාරව සිටින්නේ විශාලම රුසියානු දියමන්ති නිෂ්පාදන සමාගම වන අල්රෝසා සමාගමයි. එහි සේවකයන් 3600 ක් පමණ සේවය කරනු ලබනවා.දියමන්ති ගවේෂණය සඳහා යොදාගත් සාම්ප්‍රදායික ක්‍රම යම් සංතෘප්ත අවස්ථාවකට පැමිණ ඇති බවටත් 1970 සිට අත්හදා බලන ලදුව 1999 සිට ක්රියාන්විතයී යොදනු ලැබූ භූගත උමං ආශ්රිත කැනීම් ක්‍රම ප්‍රගුණ කිරීමටත් අල්රෝස සමාගම කටයුතු කරලා තියෙනවා. එවකට කරන ලද ඇස්තමේන්තු අනුව මේ පතල තවත් වසර 27 ක් පමණ කැනීම් වලින් ලාභ ඉපයිය හැකි තත්වයේ පවතින බව තමයි වාර්තා වෙන්නේ. මේ සොයාගැනීම මීටර් 1220 ක් තරම් ගැඹුරක් පාදක කරගෙනයි ගොඩ නැගල තියෙන්නේ. ඒ විතරක් නෙමෙඉ පතලේ පතුලට පහලින් මීටර් 45 ක් පමණ ගනකමකින් සමන්විත රූබල් ස්තරයක් පවතින බවටත් මේ ගවේෂණ සනාථ කරලා තියෙනවා.
පේනවා නේද ඛනිජ සම්පත සැබවින්ම සම්පතක් වෙලා තියෙන්නේ කොහොමද කියල.
Source:-Click Here