සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය - ඇත්ත කුමක්ද ?.
සල්ෆියුරික් අම්ලය වානිජ වශයෙන් නිෂ්පාදනය සදහා පිරිසිදු කරන ලද ද්‍රව සල්ෆර් (S) අවශ්‍ය වේ. ද්‍රව සල්ෆර් මහාපරිමනයෙන් ලබා ගන්න ප්‍රභවයන් වන්නේ petrolium සහ natural gas වේ. ඒවා පිරිපහදුවේදී මේ ද්‍රව සල්ෆර් ලබා ගනී. ඒ ද්‍රව S ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාවෙන් SO2 වායුවත්, SO2 නැවත 1/2 O2 ප්‍රතික්‍රියාවෙන් SO3 ( උත්ප්‍රේරකයක් ලෙස V2O5 වැනේඩියම් ඔක්සයිඩ් යොදා ගනී) නිශ්පාදනය කරයි..SO3 ජල අණු ( H2O) සමග ක්‍රියා කිරීමෙන් H2SO4 යන සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කරයි.
පරන්තන් වල නිශ්පාදනය කල හැක්කේ සොඩියම් හඩ්රොක්සයිඩ් NaOH2 සහ ඉන් පසු HCl ( හයිඩ්රොක්ලොරික් අම්ලය ) යි. ඊට අමතරව ක්ලෝරීන් වායුව, කොස්ටික් සෝඩා වැනි රාසායනික ද්‍රව්‍යය නිෂ්පාදනය කරනව.
මුහුදු වතුරෙන් සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය ක් ගැන සමහරු කතා කරනවා. මුහුදු වතුරේ ඉතා සුලු ප්‍රමාණයකින් සල්ෆර් තියෙනවා තමයි. ඒක නිස්සාරණය කරන ක්‍රමත් තියෙනවා . ඒත් ඒවා සංකීර්ණ සහ මිල අධික ක්‍රම.
ඉතාමත් ලාබෙට සල්ෆියුරික් අම්ලය නිශ්පාදනය කිරීමට පුලුවන් කම තියෙද්දි මිල අධික ක්‍රම වලින් සල්ෆියුරික් අම්ලය නිශ්පාදනය කරන්නේ මොන මෝඩයින් ද?
එවැනි මිල අධික නිෂ්පාදනයකට තියෙන වෙලද පොල මොකක්ද ? ඕනෑම නිෂ්පාදනයක ආර්ථිකය ශක්‍යතාවය ඉතා වැදගත් වෙනවා.
වර්තමාන ලෝකයේ සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය ටොන් මිලියන 270 ක් පමණ වෙනව. ලෝකයේ විශාලතම නිෂ්පාදකයා වන්නේ චීනයයි. ඔවුන්ගේ ධාරිතාව ටොන් මිලියන 75 ක් පමණ වෙනව. දෙවන විශාලම නිෂ්පාදකයා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඔහුන් ටොන් මිලියන 37 පමණ නිපදවනවා. අපේ අසල්වැසි ඉන්දියාව තෙවන ස්ථානයේ ටොන් මිලියන 16 ක් නිපදවනවා.
ලෝකයේ මහා පරිමාන විශාල නිෂ්පාදන සමාගම් සමග බලන කල පරන්තන් යනු විශාල විහිළුවක්ම පමණයි !.
ශ්‍රියන්ත ඩි මේල් ( රසායන විද්‍යාඥ - ෆ්ලොරිඩා Florida State University )