ලොව ප්‍රථම ප්ලැටිනම් පාවහන් යුගල
පවුම් හැත්තෑදහසක් ගෙවා ලොව ප්‍රථම ප්ලැටිනම් පාවහන් යුගලේ හිමිකාරිනිය වන්න
ගත හිරිවට්ටන අඩි උස කාන්තා පාවහන් අතුරින් ලොව මිල අධිකම පාවහන් නිෂ්පාදනය වන්නේ සුප්‍රකට තරු රාශියකගේ නිරන්තර තෝරාගැනීමක් වන ‘ක්‍රිස්ටීයන් ලුබොටින්’ සන්නාමය යටතේ බව, ජාත්‍යන්තර තලයේ පාවහන් කෙරෙහි ඇල්මක් දක්වන කාන්තා කොයි කවුරුත් දන්නා කාරණයක්. ලොව සුපිරි ධනවතුන්ගේ ප්‍රකට තෝරාගැනීමක් වන ලුබෝටින් පාවහන්වලටත් ඒවායේ ගත කිළිපොළන මිලටත් අභියෝග කිරීමට සමත් නවතම පාවහන් වර්ගයක් දැන් ජාත්‍යන්තර පාවහන් වෙළෙඳපොළට පැමිණ තිබේ.
යුගලයක් බ්‍රිතාන්‍ය පවුම් හැත්තෑදහසක මිලක් යටතේ අලෙවි වන ‘‘House of Borgezie’ අබරණකරුවන්ගේ ආයතනය විසින් එළිදක්වා ඇති ‘බොගේසි ප්ලැටිනම් ක්ලියෝපැට්රා’ අඩි උස පාවහන් ලෙස හැඳින්වෙන මෙම සුපිරි පාවහන් යුගලේ ඇති විශේෂත්වය නම් එය මිල අධික ප්ලැටිනම් ලෝහයෙන් නිෂ්පාදනය වූවක් වීමයි. කෙසේ වුවත් ලොව ප්‍රථම ප්ලැටිනම් පාවහන් යුගලයේ සාඩම්බර නිෂ්පාදකයන් වන ‘හවුස් ඔෆ් බෝගේසි’ අබරණ සමාගමට මෙබඳු අසාමාන්‍ය නිෂ්පාදන කලින් කලට එළිදැක්වීම නම් අහඹුවක් නොවේ. 2010 වසරේදී බ්‍රිතාන්‍ය පවුම් ලක්ෂයකට මිල නියම කෙරුනු රනින් හා දියමන්තියෙන් සුසැදුණු ලොව ප්‍රථම උස් අඩි පාවහන් යුගල විලාසිතා ලොවට හඳුන්වා දෙන ලද්දේද ‘හවුස් ඔෆ් බෝගේසි‘ අබරණකරුවන්ය. සිය සාඩම්බර නව නිපැයුම පිළිබඳව අදහස් දක්වමින් නිර්මාණශිල්පී ‘ක්‍රිස්ටොෆර් ෂෙලීස්’ අවධාරණය කර සිටින ලද්දේ සෙසු බෝගේසි නිෂ්පාදන සේම මෙයද මීට පෙර කිසිදා කිසිවෙකු විසින් හෝ ජයගන්නා ලද අභියෝගයක් නොවන බවයි.
ෂෙලීස් හටද යම් චකිතයක් දැනවූ ජයගැනීමට අසීරු අභියෝගයක් බවට එය පත්වන ලද්දේ, මෙබඳු සියුම් නිර්මාණ සිදුකිරීමට තරම් නම්‍යශීලී, සුනම්‍ය තත්ත්වයට ප්ලැටිනම් පත්කිරීම සඳහා එය රත්කළ යුතු උෂ්ණත්වය 12000ඛි වැනි ඉතා ඉහළ අගයක් ගැනීමයි. පුරා වසර හතරක කාලයක් තුළ පැය සියයක් ඒ සඳහා ගත කිරීමට ෂෙලීස්ට සිදුව තිබිණි. ඒසා පරිශ්‍රමයක් හා කැපවීමක් දරා නිමැවුණු බෝගේසි ප්ලැටිනම් පාවහන් යුගලක් කිසිදු සැකයකින් තොරව පාරිභෝගිකයාට මිලදී ගැනීමේ අවස්ථාව හිමිව ඇත්තේ එය සහස්‍රයක කාලයක වගකීමක් සහිතව අලෙවි කරන නිසාවෙනි.
සිය පාවහන් පැළඳවීමට වඩාත්ම සුදුසු පාරිභෝගිකයා පිළිබඳව අදහස් දැක්වීමටද අමතක නොකළ ෂෙලීස්ට අනුව එකී වරප්‍රසාදය හිමිවීමට වඩාත්ම සුදුසුම තැනැත්තිය වනුයේ සුපිරිසිදු ස්ත්‍රීත්වයේ ප්‍රතිමූර්තිය ලෙස ඔහු විසින් සලකනු ලබන ‘නිකෝල් ෂෙසින්ගර්ය.’
ප්‍රියන්ති රුද්‍රිගු
Link