ලොව ප්‍රථම වරට ලංකාවෙන් 'ගුවන් මංකොල්ලකාරයන්'

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    3,525
    3,139
    113
    කහටගස්දිගිලිය
    මුහුදු මංකොල්ලකාරයන් වෙනුවට ලොව ප්‍රථම වරට ලංකාවෙන් 'ගුවන් මංකොල්ලකාරයන්'
    -නිව්යෝර්ක්හි ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තාකරුවෙක් හෙළිකරයි-

    341CA799-CFB9-4B5C-9372-64241C655286.jpeg

    (ලංකා ඊ නිව්ස් -2020.සැප්.30, ‍ප.ව.3.45) සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස නමැත්තා සිය සභාපති තනතුර අවභාවිත කරමින්, ඔහුට හිමි ගුවන් ප්‍රවේශ පත්‍ර අලෙවි ආයතනය (උපුල් ට්‍රැවල්ස්) හරහා ගුවන් මගීන් අමු අමුවේ ගසා කන ජාවාරමක තොරතුරු ලංකා ඊ නිවුස් වෙත ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවරින් වාර්තාවේ.

    උක්ත ගසාකෑම සිදු කරමින් සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් ගෙනි.

    එකී සියලු ගුවන් මගීන් සිය ගුවන් ප්‍රවේශ පත්‍ර උපුල් ට්‍රැවල්ස් ආයතනයෙන් පමණක් මිලට ගත යුතු බවට ඇමෙරිකාවේ වොෂින්ටන් හී තනාපති කාර්යාලයත් , නිව්යෝර්ක් හී පිහිටි නිත්‍ය නියෝජිත කාර්යාලයත් නිල වශයෙන්ම දැනුම් දීම පිළිබදව එම ගුවන් මගීන් මවිතයට පත්වී තිබේ.

    හෙණ ගහන ගණන්..
    ---------------------
    සාමාන්‍යයෙන් සෑම වසරකම සැප්තැම්බර් ඔක්තෝබර් කාලයේදී ශ්‍රී ලංකාවට යාමට එක් ගමන් වාරයක් සදහා ප්‍රවේශ පත්‍රයක මිල ඇමෙරිකානු ඩොලර් 500 පමණ වූ අතර , කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එහි මිල ඇමෙරිකානු ඩොලර් 950 - 1000 ක් තරම් ඉහළ දමා තිබේ. එහෙත් උපුල් ට්‍රැවල්ස් ආයතනය එක් ප්‍රවේශ පත්‍රයක් අලෙවි කරනු ලබන්නේ ඇමෙරිකානු ඩොලර් 1650 මිලකට ය. උපුල් ට්‍රැවල්ස් ආතනය ඉහත ගුවන් මගීන් සදහා ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දෙන්නේ කටාර් ගුවන් සේවයෙනි.

    ඇමෙරිකාවේ සිට කටාර් ගුවන් සේවයේ ප්‍රවේශ පත්‍ර අලෙවි කරන නියෝජිතයන් 15 දෙනකු පමණ සිටින නමුත්, උපුල් ට්‍රැවල්ස් ආයතනය සිය ඒ කාධිකාරිය තහවුරු කරගෙන ඇත්තේ, කොරෝනා තත්වය හමුවේ ශ්‍රි ලංකාවට කාටර් ගුවන් සේවයට පිවිසීමට අවසර ලබාදීම උපුල් ධර්මදාස සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ලෙස (උපුල් ට්‍රැවල්ස් අධිපති) සිදු කිරීම දඩමීමා කරගෙන ය. එය තනිකරම සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති තනතුර අවභාවිත කිරීමකි.

    උපුල් ට්‍රැවල්ස්ට පමණයි..
    ---------------------
    ඇමෙරිකාවේ සිට ශ්‍රි ලංකාවට යාමට බලාපොරොත්තු වන සියලු දෙනා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ විද්‍යුත් තැපෑල හරහා ලියාපදිංචි විය යුතු අතර, එසේ ලියාපදිංචි වූ පිරිස්වල නාම ලේඛනය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඇමෙරිකාවේ වොෂින්ටන් තානාපති කාර්යාලයටත්, නිව්යෝර්ක් හී නිත්‍ය නියෝජිත කාර්යාලයටත් එවනු ලබන අතර එම කාර්යාල දෙක අදාළ නාම ලේඛන සහ සියලු විස්තර උපුල් ට්‍රැවල්ස් ආයතනයට යවනු ලබයි. ඉන් අනතුරුව උපුල් ට්‍රැවල්ස් ආතනයේ සේවක පිරිස් වෙන වෙනම ඉහත ලියාපදිංචි පුද්ගලයන් ආමන්ත්‍රණය කොට ගුවන් යානා පිළිබඳ විස්තර දැනුම් දෙයි. මෙය පුද්ගලික ආයතනයක ගනුදෙනු සදහා තානාපති කාර්යාලය සහ නිත්‍ය නියෝජිත කාර්යාලය සෘජුවම මැදිහත් වීමකටත් වඩා එහා ගොස් ඔවුන් අන් කිසිදු ඒජන්සියකින් පහසුකම් ලබා ගැනීමට මගීන්ට ඉඩ දෙන්නේ ද නැත.

    දැනට මසකට එක් ගුවන ගමන් වාරයක් පමණක් ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී එකී ගමන්වාර සංඛ්‍යාව වැඩි කිරීමට ද සිවිල් සේවා අධිකාරිය පියවර ගනිමින් සිටී. එකී තීන්දුව ගනු ලබන්නේ ද සිවිල් ගුවන්සේවා අධිකාරිය විසිනි. තමන්ගේ ආයතනයේ ඒකාධිකාරී ප්‍රවේශ පත්‍ර අලෙවිය වැඩිකර ගැනීමට උපුල් ධර්මදාස යුහුසුළු වෙමින් සිටී.

    උපුල් ධර්මදාස ගුවන් සේවා අධිකාරියේ සභාපති තනතුරට පත් කරනු ලැබ ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරට පත් වීමෙන් පසුවය. ඒ කාලාන්තරයක් තිස්සේ රාජපක්ෂ පවුලේ සමාජිකයන් ඇමෙරිකාවේ ගමන් බිමන් යෙදෙන විට අධි සුඛෝපභෝගී පංතියේ ගුවන් ප්‍රවේශ පත්‍ර මිල අඩුවෙන් සහ නොමිලේම ලබා දීම වෙනුවෙන් කෘතගුණ සැලකීමට ය.

    ගුවන් මංකොල්ලකාරයෝ..
    ---------------------
    ගුවන් ප්‍රවේශ පත්‍ර අලෙවි ආයතනයක හිමි කරුවෙකු රටේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති තනතුර ඉසිලීම සම්පූර්ණයෙන්ම ලැදියාවන් පිළිබඳ ගැටලුව ඇති කරන්නකි. දැන් ඔහු ගුවන් මගීන් මංකොල්ල කමින් සිටින්නේ එකී ලැදියාවන් තිරස්චීන ලෙස උපයෝගී කරගෙන ය. එක් ගුවන් වාරයකින් ඔහු රුපියල් කෝටි 2 ක පමණ ශුද්ධ ලාභයක් ලබා ගනී. ප්‍රවේශ පත්‍ර ජාවාරමෙන් ලැබෙන අධික ලාභය යන්නේ ධර්මදාසගේ සාක්කුවට පමණක් නොවේ යැයි තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව 'මුහුදු මංකොල්ලකාරයන්' පිළිබඳ අතීතයේ සිටම ලොව නන් දෙසින් වාර්තා වී ඇතත් 'ගුවන් මංකොල්ලකාරයන්' පිළිබඳ ප්‍රථමයෙන් වාර්තා වන්නේ ලංකාවේ රාජපක්ෂ - ධර්මදාස මාෆියාවෙන් විය යුතුය.

    -නිව්යෝර්ක්හි ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තාකරුවෙක් විසිනි-