ලොව පැරණිතම හම් සපත්තුව
ලොව පැරණිතම හම් සපත්තුව ලෙස සැලකිය හැකි වසර 5500ක් පමණ පැරණි හම් සපත්තුවක් ආර්මේනියාවේ ගල් ලෙනකින් හමුව තිබේ. මෙම සපත්තුව සම්පූර්ණයෙන්ම ආරක්ෂිතව පැවති අතර එහි ලේස් පටිය ද හමුවී ඇත. පුරා විද්‍යාඥයන් පවසන ආකාරයට මෙම සපත්තුවේ නිර්මාණ අවධිය ක්‍රිස්තු පූර්ව 3500 තරම් ඈතකට දිවයන බවත්, එම සපත්තුව එය පළඳින පුද්ගලයාගේ පාදයේ ප්‍රමාණයටම නිර්මාණය කර ඇති බවත් පුරා විද්‍යාඥයින් පවසයි. ගල්ගුහාවේ පැවති සෞම්‍ය වාතාශ්‍රය නිසා මෙපමණ කාලයක් එය ආරක්ෂිතව පවතින්නට ඇති බව ද ඔවුන් පෙන්වාදෙයි.
නමුත් මෙම සපත්තුව පැළඳි පුද්ගලයා කාන්තාවක් ද පුරුෂයෙක් ද යන්න නිශ්චිතව තීරණය කර නොමැත. නමුත් මෙම සපත්තුවේ ප්‍රමාණය අනුව එය පුරුෂයෙකු විසින් පළඳින්නට ඇති බව විශ්වාස කරයි. මෙම සපත්තුව සොයාගත් ගල් ගුහාව පිහිටා ඇත්තේ ආර්මේනියාවේ වයෝඩ්ස් ඩොසෝර් ප්රාන්තයේය