මම දන්නා ආකාරයට කුණ්ඩලණිය වඩන ආකාරය. (නිවැරදි කුණ්ඩලණිය වැඩීමට නම් ඔබට එය ප්රග්ණ කළ ගුරු කෙනෙකු ගෙන් ප්රාණයාම මන්ත්‍රය ලබා ගත යුතු වේ)
කුණ්ඩලණී ශක්තිය යනු මිනිසුන් ගේ අනුත්‍රිකාස්ථිය ආශ්‍රය කොට ගෙන ඇති මූලාධාර නම් චක්‍රයේ පවතින විශ්ව ශක්තියකි. දෘශ්‍ය සුශුම්නාව සහ අදෘශ අයිඩා සහ පිංගල යන නාල (නාඩි)3ක් අපේ මොළය සහ සුශුම්නාව ආශ්‍රය කොට පවතින බව කියැවේ. මේ නාඩි එකිනෙක ක්‍රොස් වන තැන් වල චක්‍ර පිහිටයි (රූප සටහන බලන්න)
මූලාධාරයෙහි පවතින කුණ්ඩලණිය පුබුදුවා එය සහස්සර චක්‍රය වෙත ගෙන ඒමයි කුණ්ඩලණියේ මූලික අරමුණු වන්නේ. ඒ සදහා භාවිතා වන්නේ ප්රාණයාම මන්ත්‍ර නම් අරමුණු රහිත (එනම් සංඥා රහිත) වචනයකි. නිදර්ශනයක් ලෙස “ඕම්“ නම් ශබ්දය දැකිවිය හැක. කුණ්ඩලණිය වැඩිමේ දී හිරුට මුහුණ ලා හිද මේ ප්රාණයාම මන්ත්‍රය සිහි කළ යුතුය. ඒ පිළිබදව අරමුණු කළ යුතුය. අරමුණු රහිත, එනම් සිතිවිළි නූපදනා තලයකට අප ගේ විඥාණය ගෙන එන විට කුණ්ඩලණිය පුබුදු වී ශුෂුම්නා, අයිඩා සහ පිංගල නාඩි තුලින් ගලන්නට පටන් ගනී. මේ ගැලීම නිසා අප එදිනෙදා දිවියෙහි ලබන ආවේග වලින් උපදනා ජෛව රසායන බැදීම් (එනම් ස්ට්රෙසස්) බිදී ගොස් අප යම් කිසි රිගැක්සේෂන් එකකට පත් වේ. විනාඩි 20ක් බදු කාලයක් කුණ්ඩලණිය වඩන්නා හට දිනකට අවශ්‍ය ශක්තිය මෙමගින් එක්රැස් කර ගත හැි බව කියවේ.
එක් එක් චක්‍ර කරා කුණ්ඩලණිය ගෙන ආ විට ලැබිය හැකි ලෞකික බලයන් පිළිබද ව ද කුණ්ඩලණියේ සදහන් වේ. (pls refer the link -
http://www.sahajayoga.org/chakrasandsubtlebody/?mode=text )