ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු Part 02

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු Part 02

    ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු Part 01

    mistery+2.png


    1. පුරාණ ඊජිප්තු රූපාක්ෂර වලට ලෝකෙ කොහේ තිබුණත් අඳුනාගන්න පුළුවන් අනන්‍ය හැඩයක් තියෙනවා. ලෝකෙ පුරාම එක එක පැරණි ශිෂ්ඨාචාර වල මේ වගේ පැරණි රූපාක්ෂර ක්‍රම භාවිතා වෙලා තියෙනවා. ඒ වුනත් ඊජිප්තු දෙවියෙක් ඕස්ට්‍රේලියාවෙන් හමුවුනොත්...! මේ පහත රූපයෙන් දැක්වෙන්නේ ඕස්ට්‍රේලියාවෙන් හමුවූ රූපාක්ෂර සමූහයක්. සිඩ්නි නුවරට කිලෝමීටර 10 ක් විතර උතුරු දෙසින් දඩයම් නිම්නයේ පිහිටි ජාතික වනෝද්‍යානයෙන් තමයි මේවා ‍හොයාගෙන තියෙන්නේ. මෙතන තියෙන 250 ක් විතර වෙන රූපාක්ෂර අතුරින් නොවැරදීම හඳුනාගත හැකි ඊජිප්තු රූපාක්ෂර කීපයකුත් හමුවෙලා තියෙනවා. ඒවායින් පැහැදිලිවම අඳුනගෙන තියෙන එක් රූපයක් තමයි අනුබිස් නම් දේව රූපය. මේ අනුබිස් කියන්නේ පුරාණ ඊජිප්තු දෙවිවරුන් අතර මරණයේ විනිශ්චකාරයා. මේකෙන් හිතාගන්න ඕනේ මොකක්ද ? ඊජිප්තු වැසියන් ඈත අතීතයේදී ඕස්ට්‍රේලියාවට ගියා කියලද ?


    http://www.ozemail.com.au/~classblu/egypt/article.htm


    ----------------------------------------------------------------------------------

    2.
    ම්ම්...ම්... මෙන්න නියම අභිරහසක්. ඔය වම් පැත්තේ තියෙන හිස් කබල බැලු බැල්මට වෙනසක් පේන්නේ නෑ නේද ? මේක පේරු රටේ ඉකා ගෝත්‍රිකයන් හා මෙක්සිකෝවේ මෙරිඩා කියන ගෝත්‍රිකයන් අතර තිබුණු හිස්කබල් වලින් එකක්. මේක පෙනුමෙන් නම් නූතන මිනිස් හිස් කබලට සමානයි. ඒත්...! බලන්න දකුණු පැත්තේ රූපය දිහා. අළුපාටට ලකුණු කරලා තියෙන්නේ නූතන මිනිස් හිස් කබලක ප්‍රමාණය. මේ ඔළුව ලොකු මිනිස්සුන්ගේ හිස් කබල් වල අක්ෂි කූප (ඇස් කුහර) සාමාන්‍ය ප්‍රමාණයට වඩා 15% ක් විශාලයි. ඒවගේම මේකෙ කපාල ධාරිතාවය ඉතාමත් වැඩියි. මේ ලොකු හිස් කබල් වල උපරිම කපාල ධාරිතාවය ඝණ සෙන්ටිමීටර 3200 ක් හා අවමය ඝණ සෙන්ටිමීටර 2600ක් ලෙසයි දැක්වෙන්නේ. අපේ කපාල ධාරිතාවය කීයද දන්නවද ? යන්තම් ඝණ සෙන්ටිමීටර 1450ක් විතරයි. මේ අලි ඔළු මිනිස්සුන්ගේ නම් වෙන්න බෑ කියලා විද්‍යාඥයෝ එකහෙලාම කියා සිටිනවා. එතකොට මේවා කාගෙද ඈඃ...?

    http://www.enigmas.org/aef/lib/archeo/askulls.shtml



    ----------------------------------------------------------------------------------

    3.
    මේ රූපය නම් එච්චර පැහැදිලි නෑ හැබැයි. ඒ වුනත් පරිස්සමෙන් බැලුවොත් යම් සටහනක් දකින්න පුළුවන්. ඇල්බාන් කඳුවැටියේ වාසය කලා යැයි සැලකෙන ඔල්මෙක් ගෝත්‍රිකයන් විසින් කැටයම් කලා යැයි සිතිය හැකි මේ රූපයෙන් දැක්වෙන්නේ අවර පෙති සහිත නූතන හෙලිකොප්ටරයකට සමාන ගුවන් යානයක් කියලයි පර්යේෂකයන් නම් කියන්නේ. බලන්න ඔයාලටත් අඳුන ගන්න පුලුවන්ද කියලා...



    ----------------------------------------------------------------------------------

    4.
    මෙන්න මේක නම් මම ආසම වස්තුවක්. තවත් නියමම අභිරහසක්. මේ රත්රන් වස්තුව හමුවෙලා තියෙන්නේ ප්‍රාග්-කොලොම්බියානු සොහොන් ගැබකින්. මේක අවුරුදු 1800 ක් විතර පරණයි කියලා තමයි අනුමාන කරන්නේ. මේක යම් කිසි සත්ත්වයෙක්ගේ අනුරුවත් කියලා මුලින් හිතුවත් පස්සේ මේක ගුවන් යානාවක අනුරුවක් කියලා තහවුරු කරගෙන තියෙනවා. මේක අනුරුවක් වුවත් වායු-ගති විද්‍යාවට (Aero-dynamics)අනුරූප ලෙස විද්‍යානුකූලව තනා තියෙනවා. ඒ වගේම ගුවන් යානයක අඩංගු විය යුතු සියළුම ලක්ෂණ මෙහි අඩංගුයි. අවුරුදු 1800 කට කලින් ජීවත් වුනු අප්‍රිකානුවෝ වායු-ගති විද්‍යා නියමයන් දැනගෙන හිටිය බව මේ නිර්මාණයෙන් ඔප්පු වෙනවා...!


    ----------------------------------------------------------------------------------

    5.
    මේ රූපයේ තියෙන්නේ සිතියමක් කියලා පේනවනේ නේද ? Buache සිතියම ලෙස හඳුන්වන මේක පුරාණ ග්‍රීක සිතියමකින් පිටපත් කරගෙන ඇඳලා තියෙන්නේ 1737 දී. මෙතන පෙන්නලා තියෙන්නේ ඇන්ටාර්ක්ටිකාව කියලා අඳුනගන්න පුළුවන් නේද ? හැබැයි අයිස් නැතුව ගොඩබිම විතරයි. බලන්න මෙතනින් ගිහින් වර්තමාන ඇන්ටාර්ක්ටිකාව පේන්නේ කොහොමද කියලා. අධික ශීතල නිසා මුළු ඇන්ටාර්ක්ටිකාවම අයිස් වලින් වැහිලා තියෙන්නේ. ඇන්ටාර්ක්ටිකාව භූමි කොටස් දෙකකින් යුක්තයි කියන එන භූ භෞතික පරීක්ෂණ ක්‍රම මගින් හොයාගත්තේ 1968 වර්ෂයේදී. ඒත් මේ අවුරුදු 230 ක් පැරණි සිතියමේ ඒ කාරණය නිවැරදිව දක්වලා තියෙනවා. මේක ඊටත් කලින් තිබිච්ච පැරණි ‍ ග්‍රීක සිතියමකින් කොපි කරපු එකක් නිසා ග්‍රීක යුගයේදිත් ඇන්ටාර්ක්ටිකාව කොටස් දෙකක් කියන එක දැනන් ඉඳලා තියෙන්න ඕනෙ. එහෙම නේද ?


    ----------------------------------------------------------------------------------

    6.
    ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර ගැන වගේම දකුණු ඇමරිකානු ගෝත්‍රික ජනයා ගැන ඔයත් උනන්දුවක් දක්වනවා නම් අනිවාර්යයෙන්ම මේ මොනවද කියලා අඳුන ගන්න ඕනෙ. ඔව්... මේ තමයි සුප්‍රසිද්ධ ඉකා පාෂාණ. මේ ගැන ලියනව නම් වෙනම පෝස්ට් එකක් කරන්න වෙනවා. ඒ තරම්ම ආකර්ශණීය මාතෘකාවක්. රයිට්... කෙටියෙන් කියන්නම්... මේ ඉකා පාෂාන කියන්නේ පේරු රටේ ඉකා කාන්තාරයෙන් හමුවුනු රූප කැටයම් කල ගල් කැට සමූහයක්. ආචාර්ය ජාවියර් කැබ්‍රේරා විසින් මේ ගල් කැට දහස් ගණනක් පිළිවෙලින් ලැයිස්තුගත කරලා තමන්ගේ පුද්ගලික කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා. මේ ගල් කැට වල එක එක අමුතු දේවල් තමයි කැටයම් කරලා තියෙන්නේ. මේවායේ තියෙන කැටයම් වලින් වැඩි හරියක් 18+. ඒක අපිට අදාල නෑනේ... හරි... මේ රූපයේ තියෙන ගල් කැටයමේ දැක්වෙන්නේ හදවත් සැත්කමක් සිදුකරන ආකාරයක්...! පුරාණ දකුණු ඇමරිකානු ශිෂ්ඨාචාර වලට කිසිසේත්ම අදාල නැති මේ වගේ අරුම පුදුම සිද්ධි ගොඩක් මේ ගල් කැට වල කැටයම් වෙලා තියෙනවා... මේවා මොකට කෙටුවද කියලා තේරුම් ගන්න අමාරුයි...!



    ----------------------------------------------------------------------------------

    7. අරුම පුදුම දඟර...!!! මේවා දැක්කම එච්චර වෙනසක් නෑ නේද ? එත් විශ්වාස කරන්න මේවා ස්ථිර වශයෙන්ම අවුරුදු 20000 කට වඩා පරණයි. ඒ වගේම විද්වත් මතයට අනුව සමහර විට ‍අවුරුදු ලක්ෂ 3 කට වඩා පැරණි වෙන්නත් පුළුවන්. කාල නිර්නය කිරීමේ අපහසුව තමයි මේ අවිනිශ්චිතතාවයට හේතුව. රුසියාවට අයත් යූරල් කඳු වැටියේ නැගෙනහිර අන්තයෙන් ගලා බසින කුඩා ගංගාවක් වන Narada ගංඟාවෙන් තමයි මේ අසාමාන්‍ය සර්පිලාකාර වස්තුන් හම්බවෙලා තියෙන්නේ. මේවායේ ලොකුම වස්තුව සෙන්ටිමීටර 3 ක් (3 cm)වන අතර කුඩාම වස්තුන් ගේ ප්‍රමාණය මිලිමීටර් 0.003 ක්...! ලොකු ඒවා තඹවලින් තමයි හැදිලා තියෙන්නේ. ගොඩක්ම කුඩා ඒවා ටංස්ටන් හා මොලිබ්ඩිනම් වැනි දුර්ලභ ලෝහ වලින් හැදිලා තියෙන්නේ. මේ කුඩා වස්තූන්ගෙන් බොහෝ ඒවා අන්වීක්ෂීය වස්තූන්. ඒත්... ඇහැට පේන්නැති තරම් පුංචි වුනත් මේ හැම සර්පිලාකාර වස්තුවකම ඇති සර්පිල වල මිනුම් ස්වර්ණ අනුපාතිකයට (Golden Mean ratio) සමාන ‍වන ලෙසින් නිමවා තියෙනවා...

    http://home.fireplug.net/~rshand/streams/science/russcrew.html



    ----------------------------------------------------------------------------------

    8.
    මේ ප්ලියෝසීන යුගයේ ජීවත් වුනු Toxodon කියන සතාගේ කලවා ඇටයක්... ඊතලයකින් ලකුණු කරලා තියෙන්නේ හෙල්ලකින් හෝ ඊතලයකින් හෝ අස්ථිය පසා කරගෙන ගිය සලකුණක්. (මට නම් ඕක පේන්නෙම mini-USB පෝර්ට් එකක් වගේ...:P)ඉතින් මොකක්ද මේකෙ තියෙන විශේෂත්වය ? මේ අස්ථිය ප්ලියෝසීන යුගයට අයත් එකක්ලු...!!! ඒ කාලේ දුණු, ඊතල, හෙල්ල හදන්න මිනිස්සු තියා වානරයන් වත් ඇතිවෙලා නෑ නොවැ...!!!

    ----------------------------------------------------------------------------------

    9.
    මමි ගැන නොදන්න කෙනෙක් නෑනෙ. මේක සුවිශේෂී කුරුමිටි මමියක්. ඒවගේම හරිම අද්භූතජනකයි. 1932 වර්ෂයේ ඇමරිකාවේ Wyoming හි කැස්පර් හි සිට සැතපුම් 60 ක් නිරිතදිගින් පිහිටි පේදුරු කඳුවැටියෙන් හමුවූ මේ මමිය අස්වාභාවික ලෙස ප්‍රමාණයෙන් කුඩායි. අඳුරු ලෝකඩ පාට වුන, බොහෝ සේ රැළි වැ‍ටුන මේ මමිය පුරුෂයෙකුගේ බවත්, අවුරුදු 65 ක් පමණ ජීවත් වෙන්නට ඇති බවටත් පර්යේෂකයින් අනුමාන කරනවා. පුදුමෙ කියන්නේ මෙයා ජීවතුන් අතර ඉද්දි උස යන්තන් අඟල් 14 යි ලු...! ඒ ව‍ෙග්ම සජීවී බර කිලෝ පහමාරයි...! මමිය නම් යන්තම් ග්‍රෑම් 350 යි. මෙයාගේ නළල ගොඩක් පාතයි. නාසය පැතලියි, පොඩිවෙලා වගේ. කට පළල් - තොල් තූනීයි. මේ මමිය අයත් මනුෂ්‍යයා පෘථිවිය තුල ජීවත්වන කිසිම මනුෂ්‍ය ආකාරයකටත් වඩා ගොඩාක්ම කුඩායි. පේදුරු කඳුවැටියෙන් ආශ්‍රිත ප්‍රදේශයේ ජීවත්වෙන ආදිවාසීන් පවසන්නේ අතීතයේ මේ ප්‍රදේශය වාසස්ථානය කරගත් මෙවැනි වාමන මිනිසුන් විශාල සංඛ්‍යාවක් සිටි බවයි...!

    http://www.pometia.it/misteria/GliGnomi.htm

    http://www.geocities.com/TheTropics/Lagoon/1345/pedro.html

    http://augustachronicle.com/stories/011799/fea_floyd.shtml



    ----------------------------------------------------------------------------------

    10.
    දැක්ක ගමන් පේනවා නේද මේ ගල් කුට්ටියේ ප්‍රමාණය. මේ තමයි ලෝකයේ විශාලතම කපන ලද පාෂාණය. පරිමානයට බැලුවම හිතාගන්න පුලුවන් නේ - තට්ටු දෙකේ ගෙයක් විතර උසයි...! මේ හතරැස් ගල් කුට්ටිය තියෙන්නේ ලෙබනනයේ බාබැක් ප්‍රදේශයේ අවුරුදු දහස් ගාණකට පෙර අත්හැර දැමූ ගල් කොරියක. බර... ටොන් 1050 ක් ! අඩි 72 ක් දිගයි ! මොනොලිත් (තනි ගල් කුට්ටිය) ලෙස හඳුන්වන මේ පාෂාණය මේ විදියට කැපුනේ කවුද ? මේක ප්‍රවාහනය කලේ කොහොමද ? නූතන යන්ත්‍ර සුත්‍ර වල ආධාරයෙන් තොරව ආදිකාලීන මනුෂ්‍යයාට මේ තරම් විශාල ගල් කුට්ටියක් හොල්ලන්න වත් බෑ. මේක කපලා අරගෙන යන්න මිනිහෙක් වගේ පස් හය ගුණයක් වත් ලොකු වෙන්න ඕනේ... (මේ මට හිතෙන දේ... පිරමීඩ වලට ගල් කුට්ටි අරන් ගියේ ලෙබනනයෙන්ද දන්නෑ... :P)



    ----------------------------------------------------------------------------------

    11.
    පේරු කියන්නේ ඊජිප්තුව වගේම අති පුරාණ ශිෂ්ඨාචාර කීපයකම නිජබිම. මේ පේරුහි ලෝකඩ දැතිරෝද... කාර්යය අතින් නම් මේවා නූතන ගියර් රෝද වලටම සමානයි. මහාචාර්ය රෆායෙල් ලාර්කෝ හොයිලි පේරු ගැන සිදුකල ඔහුගේ අධ්‍යයනයන් වලදී මේ ගැන පුළුල්ව කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. අවුරුදු දහස් ගාණක් ඈත කාලේ මේ දැති රෝද හැදුවේ මොකටද කියලා හිතාගන්න බෑ.


    ----------------------------------------------------------------------------------

    12.
    අභ්‍යවකාශ යුගය පටන් ගත්තේ 1950 න් පස්සේ කියලනේ අපි දන්නේ. ඒත් අභ්‍යවකාශ යානා හා ගගනගාමීන්ගේ රූප / ප්‍රතිමා ලෝකය පුරාම තියෙනවා. මේවා ගොඩක් පරණ නිර්මාණයන්. මිනිසා අභ්‍යවකාශය ගැන හීනෙකින් වත් හිතලා නැති කාලේ කරපු නිර්මාණයන්. ඊළඟට පෙන්නන්න යන්නේ ඒ වගේ දේවල් කීපයක්. මේ රූපයේ දැක්වෙන ප්‍රතිමාව යුරෝපයෙන් හමුවූවක්. කීව් හි ගගනගාමියා ලෙස හැඳින්වෙන මේ ප්‍රතිමාවෙන් පුරාණ අභ්‍යවකාශගාමියෙක් නිරූපණය වෙනවා.



    ----------------------------------------------------------------------------------

    13.
    ප්‍රාග් ඓතිහාසික ජපන් පිලිරූ දෙකක් වන මේ දෙකම පැහැදිලි ලෙසම ගගනගාමීන් බව හඳුනාගත හැකියි. මේ රූප දෙස හොඳින් බැලුවොත් අභ්‍යවකාශ ගාමීන්ට සුවිශේෂ වූ ඇඳුමත්, ලොකු හිස් ආවරණය විශේෂ අගුලු ක්‍රමයකට ඇඳුම හා සම්බන්ධ වෙන ආකාරයත් පේනවා. වම් පැත්තේ පිළිමයේ ඉන්න ගගනගාමීයාගේ හිස් ආවරණය විශේෂයි. ඒකෙ තියෙන ලොකු ඇස් ආවරණ දෙක පැහැදිලිවම කියා පාන්නේ අධික ආලෝකයෙන් ඇස් ආවරණය කෙරෙන විධික්‍රමයක් මේ පිළිමය නෙළන කාලෙත් දැනන් හිටියා කියන එකයි. ප්‍රාග් ‍‍ඓතිහාසික කාලේ මේ වගේ ගගනගාමී සිතුවිලි ජපනුන්ට කොහෙන් ආවද මන්දා...!



    ----------------------------------------------------------------------------------

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ස්තුතියි මචං..!

    thanks for the great post!
    ස්තුතියි මචං..!

    ස්තුතියි මචං..!

    siraa!! good research!!! :yes:;):D
    ස්තුතියි මචං..!

    sirama sira machooo thnxx mee wagrr post danawata
    ස්තුතියි මචං..!

    කොහොමද මේ ටික ‍හොයාගත්තේ
    යාළුවෙක් මේල් එකක් එවලා තිබුනා. ඒකේ ගොඩක් තිබුනා. මම චුට්ට චුට්ට ත්‍රෙඩ් 3කට දැම්මා :D

    superb ...
    ස්තුතියි මචං..!

    ස්තුතියි මචං..!

    ela machan thnx

    You must spread some Reputation around before giving it to crazybuddy again.
    ස්තුතියි මචං..!

    ස්තුතියි මචං..!