ලොව පුරා FACEBOOK, INSTAGRAM, WHATSAPP බිඳ වැටෙයි

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    ලොව පුරා FACEBOOK, INSTAGRAM, WHATSAPP බිඳ වැටෙයි

    මේ වන විට Facebook, Instagram, WhatsApp වන ලොව ප්‍රධාන සමාජ ජාල 3 ක් බිඳ වැටීමකට ලක්ව තිබෙනවා.

    ලොව පුරා සිටින පුද්ගලයන්බො හෝමයකට තමන්ගේ Facebook ගිණුමට ඇතුළු වීමට නොහැකිව තිබෙනවා.. ඊට අමතරව Facebook හි ඇති Photos ආදිය Load නොවීමේ ප්‍රශ්ණයක් මතු වී තිබෙනවා..

    මුලින්ම UK, US, Europe වැනි ලොව ලොව ප්‍රදේශ වලට මෙය බලපා තිබුනත් දැන් ශ්‍රී ලංකාව ඇතුළු මුළු ලොවටම මෙසේ Facebook, Instagram, WhatsApp යන ප්‍රධාන සමාජ ජාල 3න බිඳ වැටීම් වලට ලක්ව
    තිබෙනවා..

    39% Facebook පරිශීලකයන්ට තමන්ගේ ගිණුමට ඇතුලු විය නොහැකි වී ඇති අතර 33% Facebook පරිශීලකයන්ගේ ගිණුම් වල පින්තූර Load වීම සිදු නොවන බව වාර්ථා සඳහන් කර තිබුනා..

    Instagram තුලද මේ ගැටළුකාරී තත්වය ඇති වී තිබෙනවා. WhatsApp තුලද Photos සහ Voice Message යැවීමට නොහැකි ගැටළුවක් ඇතිව තිබෙනවා

    නමුත් තවත් Facebook සමාගම මේ බිඳ වැටීම සම්බන්දව කිසිවක් ප්‍රකාශ කොට නැහැ.


    https://webtecsrilanka.com/2019/07/03/ශ්‍රී-ලංකාව-ඇතුළු-මුළු-ලො/
     
    Last edited:

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    #Whatsapp ,#Facebook_ #Social_Media_වලට_මොකද_උනේ?

    Cloudflare සේවාවේ බිඳවැටීමක් නිසාවෙන් Discord ඇතුළු වෙබ් අඩවි මිලියන ගණනක් අකර්මන්‍යය වෙයි
    මීට සුළු වේලාවකට ප්‍රථමව Cloudflare සේවාවේ සිදු වූ බිඳවැටීමක් හේතුවෙන් මේ වන විට ලොව පුරා වෙබ් අඩවි මිලියන ගණනක් අකර්මන්‍යය වී ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.

    Cloudflare යනු මූලිකව Content Delivery Network (CDN) සේවාවක්, එහෙමත් නැතිනම් එම සේවාව භාවිතා කරන වෙබ් අඩවි වල තිබෙන images, videos සහ විවිධ content, ලොව පුරා ඇති Cloudflare servers වල ගබඩා කර තබා ගනිමින්, අදාල වෙබ් අඩවි පරිශීලනය කරන්නන් හට සේවාව සැපයිය හැකි වේගවත්ම server එක හරහා ඉතාමත් ඉක්මණින් අදාල content ලබා දෙන ආකාරයේ සේවාවකි.

    මෙම මූලික කාර්යය හැරුණු විට මේ හරහා SSL certificate ලබා දීම, වෙබ් අඩවි වල වේගය හා ගුණාත්මක බව ඉහළ දැමීම සඳහා අවශ්‍යය වන කටයුතු ඇතුළු විශාල ‍සේවාවන් රාශියකින් සමන්විත වෙන අතර, මේ වන විට අන්තර්ජාලය තුළ ඇති වෙබ් අඩවි වලින් විශාල ප්‍රමාණයක් මෙම සේවාව භාවිතා කරනු ලබනවා.

    කොහොම වුණත් මේ වන විට ලොව පුරා මෙම සේවාව භාවිතා කරනු ලබන වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් අකර්මන්‍යය වී පවතින අතර සාමාන්‍යයෙන් මෙවැනි සේවාවන් අකර්මන්‍යය වූ විට ඒ පිළිබඳව තොරතුරු වාර්ථා කරනු ලබන downdetector.com වෙබ් අඩවියත් මේ නිසාවෙන් අකර්මන්‍යය වී තිබුණා.

    දැනට පැයකට ආසන්න කාලයක් තිස්සේ පැවති මේ බිඳවැටීම නිසාවෙන් Discord, Shopify, Fiverr, Coinbase වැනි ප්‍රසිද්ධ සේවාවන් පවා අකර්මන්‍යය වී තිබූ නමුත්, මේ වන විට අදාල ගැටළුවට පිළියමක් යෙදීමට Cloudflare ආයතනය කටයුතු කර ඇති අතර, ගැටළුව සම්පූර්ණයෙන්ම විසඳීමට කටයුතු කළ බවක් තවමත් වාර්ථා වන්නේ නැහැ.

    ලොව පුරාම ඇති Cloudflare servers වල CPU භාවිතාව හදිසියේම ඉහළ යෑම නිසාවෙන් primary සහ secondary පද්ධති ද්විත්වයේම මෙම තත්ත්වය හටගත් බවත්, බිඳවැටීම සිදුවීම සඳහා මූලික වූ හේතුව පිළිබඳව මේ වන විට සොයා බලමින් සිටින බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

    #උගැ
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මාර සීන් එකනෙ. HNB Teller machine වලත් අවුලක් වෙලාද?

    මම දැන් බැලුව මැශින් ඩවුන් වෙලානෙ