ලොව මුල්ම සමූළ ඝාතනය

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ලොව මුල්ම සමූළ ඝාතනය

    3061FBA200000578-3408654-Many_of_the_victims_were_found_lying_face_down_probably_where_th-a-15_1453314022597.jpg


    3061B16B00000578-3408654-The_remains_of_a_group_of_at_least_27_men_women_and_children_hav-a-12_1453314022582.jpg


    ඔවුන්ගේ අත් තදින් එකට බැඳ දමා තිබිණි. සිරුරුවල තුවාල රැසක් දක්නට ලැබිණි. ඇතැම් අයගේ සිරුරු කොටස්වලට කැඩී තිබිණි. මේ සියල්ල සොයා ගත්තේ කෙන්යාවේ නාටරුක් ප්‍රදේශයේ කලපුවකිනි. එසේ වුව ද ඒ පුද්ගලයන් මරා දමා ඇත්තේ අද ඊයේ නොවේ. අදින් වසර 10,000ට පමණ පෙරාතුවය. පර්යේෂකයන් පවසන්නේ ඒ කිසිදු සිරුරක් වළ දමා නොතිබූ බවයි.

    මෙය ප්‍රාග් ඓතිහාසික යුගයේ සමූළ ඝාතනයක් පිළිබඳ භයංකාර දර්ශනයකි.

    කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් මේ ගවේෂණය සිදුකර ඇත. අාචාර්ය මාර්තා මිරසොන් ඒ කණ්ඩායමේ නායකත්වය දරයි. මේ සිරුරු අතර මිනිස් සිරුරු 27ක් දක්නට ලැබුණු අතර දරුවන් සහ ගැබ් ගත් කාන්තාවන් ද ඒ අතර සිටීම විශේෂත්වයකි. කාන්තා සිරුරු අටක් හා ළමයින්ගේ සිරුරු හයක් සොයාගෙන ඇති අතර එතැනින් හමුවූ ඇට සැකිළි වලින් 12ක් සම්පූර්ණ සිරුරු වෙයි. මේ සිරුරු 12 අතරින් සිරුරු 10ක දරුණු තුවාල දක්නට ලැබිණි.

    අස්ථිවල ඇති තුවාල සළකුණු පරීක්ෂා කළ අධිකරණ වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ තියුණු ගල් ආයුධ, ඊතල හා පොලු මුගුරුවලින් පහර දී මේ තුවාල සිදුකර ඇති බවයි. සිරුරු දෙකක ඇනී තිබූ ගල් ආයුධ දෙක්ක ද සොයා ගැනීමට හැකි වීම විශේෂත්වයකි.

    එක් කාන්තාවගේ අස්ථි කොටස් අතර තිබී දරු කලලයක අස්ථි කොටස් හමුවී අැත. මවගේ අස්ථි කොටස් සමග කළවම් වී තිබූ මේ නූපන් දරුවා මාස හයත් නමයත් අතර දරු ගැබක් විය හැකියැයි පර්යේෂකයෝ කියති.

    මෙය ලෝකයේ මෙතෙක් සොයාගත් පැරණිතම සමූල ඝාතනය බවට විශ්වාස කරයි. මෙය සොයා ගැනීමට පෙර පර්යේෂකයන් විශ්වාස කළේ යුද සංග්‍රාම වර්ධනය වූයේ අදින් වසර 6,000ට පමණ කාලයේ බවයි. මේ සොයා ගැනීමත් සමග එම කාලය තවත් වසර 4,000ක් පමණ අතීතයට ගමන් කර ඇත.


    3061B1BD00000578-3408654-Tiny_obsidian_bladelets_found_embedded_in_the_skull_of_one_of_th-a-7_1453314022538.jpg


    3061B12C00000578-3408654-Some_of_the_women_were_found_in_strange_reclining_or_seated_posi-a-18_1453314022645.jpg


    3061B16B00000578-3408654-The_remains_of_a_group_of_at_least_27_men_women_and_children_hav-a-12_1453314022582.jpg


    3061B12300000578-3408654-Researchers_said_the_discovery_which_was_found_in_the_sediment_o-a-6_1453314022537.jpg


    3061FBA200000578-3408654-Many_of_the_victims_were_found_lying_face_down_probably_where_th-a-15_1453314022597.jpg