ලොව විශ්මයජනක බෞද්ධ ලෙන් විහාර

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home

    පොවින්ටන්ග් (Phowintaung)

    01-7.jpg


    උතුරුදිග බුරුමයේ පිහිටා තිබෙන මේ ලෙන් විහාර සංකීර්ණය පිහිටලා තියෙන්නෙ චින්ඩ්වින් නදියේ බටහිර ඉවුරේ. මේ ලෙන් විහාර සංකීර්ණයට නම ලැබිලා තියෙන්නෙ තනිව බවුන් වඩන විහාරය යන අර්ථයෙන් කියලා විශ්වාස කරනවා. සමස්ත විහාරාරාම සංකීර්ණය තුළ 947 ක් පමණ වූ ලොකු කුඩා ලෙන් පිහිටා තිබෙනවා. මේ සෑම ලෙනක්ම පාහේ බුද්ධ ප්‍රතිමා වලින් සහ සිතුවම් වලින් අලංකාර වෙලා තියෙනවා.



    ක්හඕ ලුආන්ග් (Khao Luang)

    02-7.jpg


    ලෝකයේ අනෙකුත් ලෙන් විහාර පිළිබඳව සළකා බලද්දී මෙම විහාරයේ ඉතිහාසය සියවස් එකහමාරකට පමණ සීමා වෙනවා. තායිලන්තයේ ඇති මෙම විහාරාරාම සංකීර්ණය නිර්මාණය කළ තැනැත්තා ලෙස සැළකෙන්නේ චූලාලංකාර රජුයි. ඔහු විසින් සිය පිය රජු වන මොන්කුට් සිහිපත් කිරීම සඳහා මෙම විහාරය තනවා තිබෙන බව සඳහන් වෙනවා.





    අජන්තා ලෙන් විහාරය (Ajantha Temples)

    03-7.jpg


    සීගිරි චිත්‍ර වලට සමාන බිතුසිතුවම් සම්ප්‍රදායක් ඇති නිසා අජන්තා ලෙන් විහාරය ගැන යම්තාක් තොරතුරු අපේ පාසල්වල විෂය නිර්දේශවලටත් ඇතුළත් වෙලා තියෙනවා. වර්තමාන ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට අයත් වෙලා තියෙන මෙම විහාර සංකීර්ණය ගල් කැටයම් වලින් සහ විශිෂ්ට ගණයේ සිතුවම් වලින් අනූනයි.





    එල්ලෝරා විහාර සංකීර්ණය (Ellora Temple)

    04-7.jpg


    වර්තමානයේ දී මෙම විහාර සංකීර්ණය වඩාත් ප්‍රසිද්ධව පවතින්නේ සුප්‍රකට කෛලාශනාථ හින්දු විහාරය ඒ ආශ්‍රිතව පිහිටා ඇති නිසායි. නමුත් මෙම විහාර සංකීර්ණයේ දකුණු කොටසේ ඇති ගුහා 12කින් 11කම බෞද්ධ විහාර පිහිටා තිබෙනවා. මෙම බෞද්ධ විහාර මහායාන සම්ප්‍රදායට අයත් බවට එහි ඇති මූර්තිවලින් සහ බිතු සිතුවම්වලින් කරුණු හෙළි වෙනවා.


    බෙස්ක්ලික් ගුහා සංකීර්ණය (Bezeklik)


    05-7.jpg


    වර්තමානයේ බටහිර චීනයේ සියෑන්ජින් ප්‍රාන්තයේ පිහිටා ඇති මෙම ලෙන් විහාර සංකීර්ණය බටහිර උයිගර් රාජධානි සමයට අයත් ලෙන් විහාරයක් බවට විශ්වාස කෙරෙනවා. පසු කලෙක මෙම රාජධානිය සම්පුර්ණයෙන්ම පාහේ මුස්ලිම්කරණයට ලක් වූ අතර එහි මතකය පවා ගිලිහී ගියා. පසු කලෙක යුරෝපීය සහ ජපාන ගවේෂකයන් විසින් යළිත් වරක් මෙම විහාර සංකීර්ණය සොයාගත් අතර ඔවුන් විසින් මෙම විහාරවල තිබු බිතුසිතුවම් ගලවා ලෝකයේ විවිධ කෞතුකාගාර වෙත ගෙන ගියා. දෙවැනි ලෝක යුද්ධ සමයේදී එල්ල වුණු බෝම්බ ප්‍රහාරවලින් බර්ලිනයේ කෞතුකාගාරවල තැන්පත්ව තිබූ බොහෝ සිතුවම් ලෝකයාට අහිමිව ගියා.



    ලොන්ග්මෙන් සංකීර්ණය (Longmen)

    06-7.jpg


    හුණු ගල්වලින් නිර්මාණය වුණ කන්දක් හාරා කෘත්‍රිමව සකස් කරන ලද ගුහා ආශ්‍රිතව මේ විහාරාරාම සංකීර්ණය පිහිටා තිබෙනවා. වර්තමානයේදී මේ විහාර සංකීර්ණය තුළ ගුහා 2,345ක් පමණ දකින්නට ලැබෙන අතර බුද්ධ ප්‍රතිමා ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ඒ ආශ්‍රිතව නිර්මාණය කොට තිබෙනවා. චීනයේ හීනෑන් ප්‍රාන්තයේ පිහිටා ඇති මේ විහාරය අද වන විට වනවිට ලොව පුරා සංචාරක ආකර්ෂණයක් බවට පත්ව තිබෙන්නේ වයි නදියේ ඉවුර හා සමග මේ විහාරය මවාපාන ආකර්ෂණීය දර්ශනය නිසයි.





    පින්ඩයා ගුහා සංකීර්ණය (Pindaya)

    07-7.jpg


    බුරුමයේ පිහිටි තවත් ලෙන් විහාර සංකීර්ණයක් වන මෙම විහාරය ගොඩනැගී ඇත්තේ හුණුගල් වලිනුයි. මෙහි ප්‍රධාන ලෙන් තුනක් පිහිටා ඇති අතර වර්තමානයේදී ඉන් එකක් පමණක් සැදැහැවතුන්ට සහ සංචාරකයන්ට විවෘත පවතිනවා. දැනට විවෘතව පවතින ගුහාව අඩි 500ක පමණ දිගින් යුක්ත වන අතර ඒ තුළ බුද්ධ ප්‍රතිමා අටදහසක් පමණ තැන්පත් කොට තිබෙනවා. මෙම විහාරය සංවර්ධනය කිරීම සඳහා රාජකීයයන් මෙන්ම සාමාන්‍ය උපාසක උපාසිකාවන්ද දායකව තිබෙනවා.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    සින්ඝලුන් ගේ ගොබ්බ ගතිය තමයි ලෝකේ මොනවා හරි විශේස දෙයක් දැම්මොත් අපෙත් තියනවා එකත් එන්න ඕනේ කියල හිතන එක ..බොල හිතන්නේ ඔය ලිස්ට් එක හදන උන් අතල් එකට හදනවා කියලද ..දබුල්ල මෙතනට සුදුසු නැත්තේ එක පිහිටි ගලක යට හදපු සාමාන්‍ය විහාරයක් නිසා ...මේකේ තියන හුගක් ඒවා අතින් හදපුව ..උදාහරණයකට එල්ලෝරා ගත්ටොත් එක තනි ගලෙන් එන්ග්රෙව් කරපුව ඇත්තට දකොත් සිංහලුන්ට චු යනවා ,,,
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ

    එල්ලෝරා විහාර සංකීර්ණය (Ellora Temple)

    04-7.jpg


    වර්තමානයේ දී මෙම විහාර සංකීර්ණය වඩාත් ප්‍රසිද්ධව පවතින්නේ සුප්‍රකට කෛලාශනාථ හින්දු විහාරය ඒ ආශ්‍රිතව පිහිටා ඇති නිසායි. නමුත් මෙම විහාර සංකීර්ණයේ දකුණු කොටසේ ඇති ගුහා 12කින් 11කම බෞද්ධ විහාර පිහිටා තිබෙනවා. මෙම බෞද්ධ විහාර මහායාන සම්ප්‍රදායට අයත් බවට එහි ඇති මූර්තිවලින් සහ බිතු සිතුවම්වලින් කරුණු හෙළි වෙනවා.
    කොහේ හරි පන්සලක් තිබොත් එතැන කෝවිලක් ගිහින් ගහනවා . ඉන්දියන් කාරයන්ගේ හීන මානේ තමයි