ලොව විශාලම මළමිනී ගොවිපල

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    ලොව විශාලම මළමිනී ගොවිපල Dead Farm

    උපුටා ගැනීමක් අයිතිකරු කවුද කියා නොදනී


    එළවලු , පලතුරු සහ සතුන් වගා කරන ගොවිපලවල් ගැන ඔබ කොතෙකුත් අසා ඇති.දැක ඇති.නමුත් මළසිරුරු වගා කරන ගොවිපලක් ගැන ඔබ කිසි
    දිනෙකවත් අසා තිබෙනවාද.

    ටෙක්සාස්හි සැන් මැක්‍රෝ ප්‍රදේශයේ පිහිටා ඇති ලොව විශාලතම මළමිනී ගොවිපල මෙයයි.යම්කිසිවෙකු මෙම ගොවිපල පිළිබඳ නොදැන ඇතුල් වුවහොත් ඔහු අධික භීතියකට පත්වනවා නිසැකයි.ඊට හේතුව වන්නේ මෙම ගොවිපල තුල තැන තැන දමා ඇති කුණු වී පණුවන්ගෙන් පිරී ගිය මළමිනී නිසාවෙනි.එය ඉතාමත්ම පිළිකුල් මෙන්ම විරූපී බිය දනවන දසුනක් වෙයි.

    ගොවිපල පුරාම කුණු වී වෙමින් ඇති දුගඳ හමන මළමිනී 50කට වැඩි ප්‍රමාණයක් පවතී.මෙම ගොවිපලේ හිමිකරුවන් මිනීමරුවන්දැයි ඔබට සිතෙනවා ඇති.නමුත් එය එසේ නොවෙයි.මෙම ගොවිපල නිර්මාණය කෙරුනේ ඉතාමත්ම හොඳ අරමුණක් වෙනුවෙනුයි.

    මෙම ගොවිපල හඳුන්වන්නේ ෆ්‍රීමෑන් ලෙසයි.මෙහි අයිතිය ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා ඒකකය සතුයි.මෙම ගොවිපලේ තැනින් තැන දමා ඇති මලසිරුරු ඔවුන් යොදා ගන්නා අරමුණ මෙයයි.මිනිස් මළ සිරුරක් විවිධ කාළගුණික තත්ව යටතේ මෙන්ම විවිධ පාරිසරික තත්ව යටතේ කුණුවී යන ආකාරය මෙන්ම ඒ සඳහා ගත වන කාලය පිළිබඳ මෙහිදී වෛද්‍ය ශිෂ්‍යයින් අධ්‍යනය කරනු ලබයි.මෙහිදී ලබාගන්න තොරතුරු සහ අත්දැකීම් මගින් විවිධ අභිරහස් මිනීමැරුම් විසඳීමේදී බොහෝ ප්‍රයෝජනයට ගැනෙනවා.

    මසකට කීප වරක් මෙම ගොවිපලට මළසිරුරු ලැබෙනවා.ඉන්පසුව මෙහි සිටිනා පරීකෂකයින් හා විශ්ව විද්‍යාල සිසුන් එක්ව එම මළසිරුරු ගොවිපලේ තැනින් තැන දමනවා.මෙහිදී මිනිස් මළසිරුරක් කුණුවෙන ආකාරය තේරුම් ගැනීම සඳහා එම කුණු වීමේ ක්‍රියාවලියේ විවිධ අවධීන් පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතු වෙනවා.පළමු අවධියේදී මළසිරුර ඉදිමෙන්නට පටන් ගනියි.එසේ වන්නේ ශරීරයේ ඇති බැක්ටීරියා විසින් සිරුරේ කාබන් පරිභෝජනය කරමින් ගෑස් නිකුත් කරන නිසාවෙනි.මෙම අවධිය මිනිසෙකු මිය ගිය විටම ආරම්භ වෙයි.දෙවන අවධියේදී ඉදිමී ගිය සමෙහි තැනින් තැන පිපිරී පැලී කුණු දියර ගැලීමට පටන් ගනියි.මෙහිදී සති කිහිපයකට පසු මළමිනියේ සියලු මස් බැක්ටීරියා මගින් විනාශ වී කුණුවී ගිය සම පොලිතින් උරයක් සේ ඇටසැකිල්ල මත රඳා පවතී.මෙම ගොවිපලේ බොහෝ සිරුරු පවතින්නේ මෙම අවධියේයි.

    සමහර මළසිරුරු හිරු එළියට නිරාවරනය වන සේ දමා ඇති අතර තවත් මළසිරුරු අඳුරේ මෙන්ම හොඳින් වැඩුණු තණකොල අතර සඟවා ඇත.තවත් මළමිනී වල දමා ඇති අතර තවත් මළ සිරුරු ඕක් ගස් යට දමා ඇත.මෙම පරීක්ෂණ මගින් නිරන්තරයෙන්ම එක්රැස් කරගන්නා කරුණු මරණ පරීක්ෂණ සිදුකිරීමේදී ඉතාමත්ම වටිනා අත්දැකීම් මෙන්ම සාධක වෙනවා.ඒ අනුව යම් කිසි මිනීමැරුමක් නිරීක්ෂණය කර එම තැනැත්තා මිය ගිය දිනය මෙන්ම වේලාවද කීමේ හැකියාව පවතී.

    උපුටා ගැනීමක්



    71545634_10218723137882975_5688667781071896576_n.jpg




    72084218_10218723139563017_7982076241488379904_n.jpg



    72112845_10218723139643019_3161312447747325952_n.jpg



    72423375_10218723140003028_3547102662430294016_n.jpg
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    15.gif


    හත්තිලව්වයි... බලහංකො ඒකෙත් හැටි...