ලොව විශිෂ්ටතම ඡායාරූපය

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    ලොව විශිෂ්ටතම ඡායාරූපය

    22154194_10213936236977334_8849598807285614727_n.jpg


    මේ ලෝප්‍රකට නැශනල් ජෝග්‍රෆික් මාධ්‍ය ආයතනය විසින් 1987 වසරේ ලොව විශිෂ්ටතම ඡායාරූපය ලෙස තෝරාගත් චායාරූපයයි.

    මෙහි දැක්වෙන්නේ Dr. Zbigniew Religa නම් පෝලන්ත ජාතික ශල්‍යවෛද්‍යවරයා විසින් අපමණ බාධක මැද්දේ එරට ප්‍රථම හෘද බද්ධ කිරීමේ ශල්‍යකර්මය නිම කිරීමෙන් පසු රෝගියාගේ තත්වය පරීක්ශා කරමින් සිටිනා අයුරුයි.
    පැය විසිතුනක් පුරා දිවුනු ශල්‍යකර්මයෙන් අනතුරුව විඩාවට පත් ඔහුගේ සහායක ශල්‍ය වෛද්‍යවරයා ශල්‍යාගාරය්ම මුල්ලක නිදන අයුරු රූපයේ පෙනේ.

    සිදුවිය යුතු පරිද්දෙන්ම මේ අසමාන ජීවයකයාට පෝලන්ත ජනතාවගෙන් ලැබුනේ ඉමහත් හරසරයකි. ඔහු ඉමහත් ජනතා බුහුමානයට පාත්‍ර වූ අතර ඔහුගේ ශල්‍යකර්මය පෝලන්තයේ පසුකාලීන හෘද බද්ධ කිරීම්වලට පදනම දැමීය...

    ඒ පෝලන්තයයි...

    මේ ආකරයටම ලංකාවේද වෛද්‍යවරයකු තමන් උගත් දෙයින් රටට දෙයක් කරන්නට සිතා පිටරටකදී තමන්ට ඉපයිය හැකි මුදල මෙන් දහගුණයකටත් අඩු පඩියකට රැකියාවක් ලබාගෙන ලංකාවට පැමිණියේය. ඔහු සහ ඔහුගේ සිහිනය ගැන විශ්වාසය තැබූ අනිකුත් වෛද්‍යවරුන් හෘද බද්ධ කිරීමකට අවශ්‍ය උපකරණ තම පෞද්ගලික වියදමින් විවිධ රටවලින් ලංකාවට ගෙන ආහ. බියුරොක්‍රැටික කඩයිම් පැන කෙසේ හෝ එක් පුද්ගලයෙක්ගේ හදවත තවත් පුද්ගලයෙක්ට බද්ධ කිරීමට ඔවුහු අවසරයද ලබා ගත්හ.
    අවසන ඔවුන් කෙසේ හෝ (බොහෝවිට ලොව අඩුම පහසුකම් යටතේ) ලංකාවේ පලමු හෘද බද්ධ කිරීම සිදු කලහ.

    ප්‍රශ්නය ආවේ ඉන් පසුවය. මේ කාළකණ්නි දූපතේ සියල්ලෝම හෘද ශල්‍ය වෛද්‍යවරුන් බව ඒ වෛද්‍යවරයා නොදැන සිටින්නට ඇත.
    දෙවන සැත්කම වන විට රෝගියාගේ නිර්වින්දන යෝග්‍යතාව නිර්ණය කලේ මාධ්‍ය මගින් උසිගන්වනු ලැබූ ආවේගශීලී මෝඩයෙක් වන (හැඟුම්බර වීම මෝඩයෙක් ලෙස එක එකාගේ පදයට නැටීමට සාධාරණ හේතුවක් ලෙස මා දකින්නේ නැත) රෝගියාගේ පියා සහ මිනිසකුගේ ජීවිතය බිල්ලට දී දේශපාලන ලකුණු දමා ගැනීම අරමුණු කරගත් පරිගණක විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයෙකි.
    දූපත් වාසීන්ගේ මානසික ඇරියස් හොඳින්ම දත් දූපතේ මාධ්‍යවේදීන් කලේ මොවුන් පුම්බමින් අර වෛද්‍යවරුන් යක්ශයන් ලෙස හංවඩු ගැසීමය.
    ඉන්පසු භූමිකාවට අවතීර්ණ වන මේ අරුම පුදුම දූපතේ සෞඛ්‍ය ඇමතිවරයාගේ බලපෑම් මත කෙසේ හෝ දෙවන සැත්කමත් සිදුවේ. කෙසේ නමුත් පලමු රෝගියාට වඩා ගැටලු රැසකින් පීඩා විඳි දෙවන අසරණ රෝගියා ඉතා ඉහල මරණ අනුපාතයක් සහිත හෘද බද්ධ කිරීමේ ශල්‍යකර්මයෙන් සුවය නොලබාම මිය යයි.
    මේ දූපත පෝලන්තයක් නොවන බව පසක් කරමින් සෞඛ්‍ය ඇමතිවරයා සැත්කම කල වෛද්‍යවරුන්ට දඬුවම් දෙන බවට මාද්‍ය වලට වහසි බස් දොඩයි. මාද්‍යකරුවන් ශෝකයෙන් කම්පිත රෝගියාගේ පියා උසිගන්වා වෛද්‍යවරුන් රෝගියා මැරූ ආකාරයට ප්‍රකාශ ගෙන ප්‍රධාන පුවත් විකාශයන් වල තලුමරමින් පලකරති.
    මේ වන විට දූපත පුරා සිටි හෘද ශල්‍යවෛද්‍යවරුන් වඳවී ගොසිනි. වෛද්‍යවරුන්ට බලපෑම් කර සෞඛ්‍ය ඇමතිවරයාටද දැන් ඒවා මතක නැත.

    අවසන දූපත්වාසීන් ලංකාවේ මුල්ම හෘද බද්ධ කිරීම කල වෛද්‍යවරුන්ට දඬුවම් කිරීමට පිලිවෙතින් පෙලගැසී සිටිති.

    ඔවු, මේ වෛද්‍යවරුන් වැරැද්දක් කලහ.
    ඒ මේ දූපත පෝලන්තය යැයි සිතීමය.
    මේ ඡායාරූපයට ලෝකයෙන් ලැබුනු ආචාරය ඔවුන්ටද මේ දූපතේදී ලැබේ යැයි සිතීමය.

    ඒ වරදට ඔවුන් වන්දි ගෙවනු ඇත.

    මේ දූපතේ නැවතත් හෘද බද්ධ කිරීම් වේ යැයි මට සිතෙන්නේ නැත.

    මේ පෝලන්තය නොවේ....
     
    Last edited:

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    සිරාවට බන් ලංකාව ගැන හිතද්දිත් මාරම දුකක් දැනෙන්නේ. :sorry:
    අද ලංකාවෙ කවුරු කොහොම කිව්වත් තාමත් තියෙන්නේ ඉස්සර වලව් මානසිකත්වය. පුස් ඔලු තමයි අද ගොඩක් ඉහළ පුටු වල ඉන්නේ. වැඩක් කරන එකාට, කරන්න පුළුවන් එකාට තැනක් නැහැ. රජයෙත් එකයි පෞද්ගලික ආයතන වලත් එකයි. හැබැයි ඉන්න පුස්සෝ ඉන්නෙ නම් සියල්ල දත් වගේ. මේ දේ 80 ගණන් වලත් එහෙමයි, අදත් එහෙමයි. මේ රටේ මේ වගේ දක්ෂ, බුද්දිමත් අයට තැන නැහැ. එහෙම තැනක් ගන්න හිතනව නම් ඉගෙන ගන්න එක අපරාදෙ. මේක කවදාවත් මේ දූපතේ එවුන් තෙරුම් ගන්නේ නෑ.

    පින් කෙත හෙළ රන් දෙරණේ, යලි උපදින්නට කියන වචනෙ අහෙද්දිත් දැනෙන්නේ පට්ට දුකක්. :(
     
    • Like
    Reactions: malith789

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mechchara lankawe hora doctors la warjana karanawa leddu maranawa ewa dakinne nehe me manussaya thamange uthsahayen warjana nokarane eke wipaaka thamai lebila thiyenne
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දෙස්තරලගෙ නෙමේ වරද මේ පානඩුවෙයි වරද....පාන්ඩුවට දොස්තරලව පේන්ඩ බැ...උන්ව මරාගෙන කන්ඩ දගලන්නෙ...නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමා...