ලොව වේගවත්ම

manojmashz

Active member
  • Sep 16, 2011
    365
    96
    28
    colombo
    bds-hanoi.info
    ලොව වේගවත්ම සහ මිල අධිකම මෝටර් රථය ගැන

    Bugatti Veyron යන නම ඇසූ පමණින්ම ඔබේ මතකයට නැගෙන්නේ පවනට බඳු වේගයෙන් ධාවනය කල හැකි අධි තාක්ෂණික මෝටර් රථයකි.කෙටියෙන් කිවහොත් මෙම මෝටර් රථය මාර්ගයේ ධාවනය කල හැකි විදුලි සැරයකි.Bugatti Veyron, Grand sport මාදිලිය පැයට කි.මී 408.47 ක උපරිම වේගයකට ධාවනය කල හැකි අතර Super sport මාදිලිය පැයට කි.මී 431.072 ක උපරිම වේගයකින් ධාවනය කල හැකිය.ගණන් හිලව් පිළිබඳව කිවහොත් Grand sport මාදිලිය ඇමෙරිකානු ඩොලර් 1,700,000( ශ්‍රී ලංකා රුපියල් මිලියන 226.13) ක් සහ Super sport මාදිලිය ඇමෙරිකානු ඩොලර් 2,400,000( ශ්‍රී ලංකා රුපියල් මිලියන 319.24) ලෙස මිල සඳහන් වේ.


    *මෙම මෝටර් රථ වල රේඩියේටර 10ක් ඇති අතර එක් රේඩියේටරයක් නිපදවීමට පැය 15ක් ගතවේ.


    *මෝටර් රථයට යොදන එන්ජිම කාර්මිකයන් දෙදෙනෙක් විසින් 100% ක්ම අතින් නිශ්පාදනය කරන(100% Hand made) අතර සෑම එන්ජිමක්ම එකිනෙකට වෙනස් වේ.එනම් එන්ජිම අශ්ව බල 987 සිට 1050 අතර ධාරිථා අතර වෙනස් වේ.


    *මෝටර් රිය උපරිම ජවයෙන් ගමන් කරන විට ඉන්ධන ටැංකිය මිනිත්තු 12කින් අවසන් වේ එමෙන්ම උපරිම වේගයෙන් ධාවනය වන විට එන්ජිම මිනිත්තුවකට අවශෝෂණය කරගන්නා වූ ඔක්සිජන් ප්‍රමාණය සාමාන්‍ය පුද්ගලයෙක්ට දින 4 කට ප්‍රමාණවත් වේ.


    *මෙම රථයට යොදන ටයර් 4ක් ඇමෙරිකානු ඩොලර් 25000ක්(ශ්‍රී ලංකා රුපියල් මිලියන 3.33ක් ) ක් වේ.ටයර් මාරු කිරීම කල හැක්කේ ප්‍රංශයේදී පමණි,එවිට වැයවන මුදල ඇමෙරිකානු ඩොලර් 70000ක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන9.32 ක් ) වේ.


    *මෝටර් රථයට යොදා ගෙන තිබෙන ඇණ ටයිටේනියම් ලෝහයෙන් නිපදවා ඇති අතර එක් ඇණයක් ඇමෙරිකානු ඩොලර් 85ක්(ශ්‍රී ලංකා රුපියල් 11 306ක්) වේ.


    *මෙහි ඉන්ධන ටැංකිය පෑස්සීම සඳහා දින 8ක් ගත වේ.


    *මෙම රථයේ එන්ජිමෙන් විනාඩියකට අපතේ යන ශක්තිය ශීත සෘතුවේ නිවාස 10ක් දිනක් උණුසුම් කිරීමට තරම් ප්‍රමාණවත්ය.


    *මෝටර් රියේ තිරිංග පද්ධතියට සෙල්සියස් අංශක 1800ක තාපයක් දරා ගැනීමට හැකි අතර පැයට කි.මී 400 සිට නිශ්චලතාවයට පත් වීමට ගත වන්නේ තත්පර 10කට අඩු කාලයක් පමනි,මෝටර් රිය පසු පස ඇති තටුව(Air brake) අංශක 55 ක කෝණයකට ආනත වූ විට මෝටර් රියේ සම්පූර්ණ තිරිංග වලින් 70% ක්ම ජණනය කෙරෙනුයේ එම තටුව මගිනි.


    *සම්පූර්ණ රථයම කොටස් 3 ක්ට ගැලවිය හැකි අතර එම කොටස් 3ම සවි වී ඇත්තේ ඇණ 14 කිනි.


    *මෙහි එන්ජිම නිපදවා ඇත්තේ V8 වර්ගයේ එන්ජින් 2ක් එකට බද්ධ කිරීමෙනි.එන්ජිමේ ටර්බෝචාජර 4ක් (quad turbochargers) ඇති අතර පිස්ටන් 16ක් ඇත,එක් සිලින්ඩරයකට වෑල්ව 4 බැගින් සිලින්ඩර් 16 සඳහා වෑල්ව 64ක් ඇත.

    Bugatti Veyron මොටර් රථය (අයිතිය,වැඩි දියුනුව) ජර්මනියේ Volkswagen සමාගමට අයිති වන අතර නිශ්පාදනය කෙරෙන්නේ ප්‍රංශයේ marque Bugatti සමාගමෙනි.






     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    "මෝටර් රිය පසු පස ඇති තටුව(Air brake) අංශක 55 ක කෝණයකට ආනත වූ විට මෝටර් රියේ සම්පූර්ණ තිරිංග වලින් 70% ක්ම ජණනය කෙරෙනුයේ එම තටුව මගිනි."

    මේක වැරදි වෙන්න ඕනා! :eek:
    මට මතක විදිහට NatGeo විඩියෝ එකේ කිව්වෙ
    Air brake එකෙන් සාමාන්‍ය වෙන කාරයක තිරිංග වලින් 70% ක බලයක් කියලයි. :oo:
    ඔන්න ආයි කිව්වා මට මතක එහෙමයි.;)

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,211
    113
    Gotland
    බොලා කව්රුහරි ඔයිං එකක් ගන්නවානම් පරිස්සන් කරපන් පුටෙ
    මම නම් ඕකක් පාරේදී දැක්කොත් ඇනයක් හරි ගලොගන්නවා
    ඩොලර් 85 ක් ම වටිනව නේ
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අපිට කොයින්ද ඕවා....:( ඇණයක්වත් අරං තියාගන්න ඕන:yes:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කුමාරයෙක් ගෙනෙයි බන් ඕකකුත් ..තව මොනව හරි බද්දක් ගහන්න විතරනෙ ඕනි ..අර ඇනයක් හරි ගලෝනව කිව්ව එකාට කියන්නෙ ඔන්න අපේ නෙමෙයි වාහනේ උබත් සුදු වෑන් එකක සවාරියක් යන්න ආස නම් ඇනයක් ගලවගනින් :P:P:P:P

    රෙප් +