--ලොව ශක්තිමත්ම සත්වයා --

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    --ලොව ශක්තිමත්ම සත්වයා --

    න්‍යෂ්ටික පිපුරුමකට වුවද මුහුණදී නොමැරී ජීවත්විය හැකි සත්වයෙකු ලෙස අප බොහෝ දෙනකු විසින් හඳුනාගෙන සිටින්නේ කැර‍පොත්තන් පමණක් වුවද, න්‍යෂ්ටික පිපුරුමක් මතු නොව ලෝක විනාශයකට වුවද මුහුණදී ඉදිරියටද ජීවත්විය හැකි ලොව වෙසෙන ශක්තිමත් ජීවියා ලෙස අවිවාදයෙන් සැලකෙනුයේ ‘ටාඩිග්‍රේඩ්’(Tardigrade) නොහොත් ‘දිය වලසාය’(water bear). වලසෙක් ලෙස හැඳින්වුවද මොහු ප්‍රමාණයෙන් මිලිමීටර් එකක පමණ විශාලත්වයකින් යුතු පියවි ඇසට පැහැදිලිව දැකගත නොහැකි සරල ජීවියෙකි.


    kgb6kgn.jpg



    බැලූ බැල්මට කිසිදු සිත් ඇදගන්නාසුලු පෙනුමකින් තොර ඛණ්ඩිකා සහිත ශරීරයකට උරුමකම් කියන ‘ටාඩිග්‍රේඩ්’ විශේෂ නවසියයකට අධික සංඛ්‍යාවක් ලෝකයේ උසැතිම කඳුමුදුනේ සිට මුහුදේ ගැඹුරුම අගාධය දක්වාවූ සෑම අස්සක් මුල්ලක් නෑරම ව්‍යාප්තව සිටින්නෝය. සැකෙවින් කිවහොත් ලෝකයේ ඕනෑම ස්ථානයක, ඕනෑම පරිසර තත්ත්වයක් යටතේ ජීවත්වීමේ හැකියාව මොවුන් සතුය.ප්‍රමාණයෙන් ක්ෂුද්‍ර වුවද මොවුන් සතු දරාගැනීමේ හැකියාව ඇත්තෙන්ම මවිත කරවනසුලුය.


    o4ef6qz.jpg


    jvhzz9y.jpg


    dq63sdp.jpg




    උණු වතුරෙන් තම්බා, ජලය මිදෙන උෂ්ණත්වයද ඉක්මවා අධිශීතකොට යළිත් වියළා විකිරණයන්ටද ලක් කළද එකී සියලු උපද්‍රවයන්ට සාර්ථක ලෙස මුහුණදී තවත් වසර දෙසීයක කාලයක් ජීවත්වීමට තරම් දිය වලසුන් ශක්තිමත්ය. -4570Cක තරම් පහළ උෂ්ණත්වයක්ද 3570C වැනි ඉතා ඉහළ උෂ්ණත්වයක්ද දරාගනිමින් ජීවත්වීමට සමත් මොවුහු ග්‍රේ 10-20 (‘ග්‍රේ’ යනු විකිරණ ප්‍රමාණය මැනීමට භාවිත කරන අන්තර්ජාතික ඒකකයයි) වූ විකිරණ ප්‍රමාණයකට ලක්වීමෙන් ලොව බුද්ධිමත් සත්වයා වන මිනිසා මියයත්දී ග්‍රේ (gray) පන්දහස් හත්සියයක්වූ විකිරණ කදම්බයකට වුවද ලක්වී නොමැරී ජීවත්වීමට තරම් සුවිශේෂී හැකියාවකින් යුතු දිය වලසෙකු හට ආහාර හෝ ජලය හෝ නොමැතිව වසර දහයක් වුවද ජීවත් වීමේ හැකියාව ඇති බව කියැවේ.
    කිසිදු ජීවියෙකුට ජීවත්විය නොහැකි ලෙසට සැලකෙන අභ්‍යවකාශයේ වුවද කිසිදු අපහසුවකින් තොරව ජීවත්වීමට හැකි දිය වලසුන් සැබැවින්ම ජීවී ලොවේ තවත් එක් ආශ්චර්යයක් නොවන්නේ දැයි සිතා බැලීම වටී.


    Tardigrades (also known as water bears or moss piglets)


    අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි.
     
    Last edited:

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    Error 1011 Ray ID: 273e3193be0f3180 • 2016-02-13 05:39:35 UTC
    Access denied
    What happened?
    The owner of this website (www.deephe.com) does not allow hotlinking to that resource (/file/news_images/500/kgb6kgn.jpg).

    :no: