ලොව සිටින විෂ අධිකම සතුන් 5ක්

Sahitha

Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    ලොව සිටින විෂ අධිකම සතුන් 5ක්

    cover-14-1180x520.jpg



    ලොව සිටින විෂ අධිකම සතුන් 5ක්



    01. බොක්ස් ජෙලි ෆිෂ්

    image-01-701x701.png


    බොක්ස් ජෙලි ෆිෂ් සලකනු ලබන්නේ ලොව සිටින විෂ අධිකම සත්ත්වයින් අතරින් එකෙකු ලෙසයි. මොවුන්ගේ විද්‍යාත්මක නාමය වන්නේ Cubozoa යන්නයි. මොවුන් මාංසභක්ෂකයන් වෙනවා. මොවුන් සාමාන්‍යයෙන් මාස 12ක් පමණ ජිවත් වෙනවා. දිගින් අඩි 10ක් හා බරින් රාත්තල් 4.4කට ආසන්න ප්‍රමාණයකට මොවුන් වර්ධනය වෙනවා. මොවුන් නිසා ඇතිවූ මරණ මුලින්ම වාර්තා වීම ආරම්භ වන්නේ 1954න්. ඔවුන්ගේ විෂ හදවත, ස්නායු පද්ධතිය හා සමේ සෛල වලට බලපෑම් ඇති කරනු ලබනවා. මොවුන්ගේ ඇති විශේෂයත්වය වන්නේ ඔවුන්ගේ ප්‍රහාර ඉතා වේදනාකාරී වීමයි. එම නිසා ප්‍රහාරයට ලක් වූ තැනැත්තා කම්පනයට පත් වෙනවා. පහර ලත් අය වෙරළට ලඟාවීමට පෙර මරණයට ලක්වීම හෝ හදවත ඇණහිටිමට ලක් වෙනවා. ඔබට එම ප්‍රහාරයේ බලපෑමෙන් බේරීමට ඇත්තේ තත්පර 30ක් පමණයි. ප්‍රහාරයට ලක් වූ තැනට විනාකිරි ස්වල්පයක් දැමීම මගින දිවි ගලවාගැනීමේ හැකියාව තිබෙනවා . බොක්ස් ජෙලි මත්ස්‍යන් ආසියානු හා ඔස්ට්‍රේලියාව ආශ්‍රිත මුහුදු ජලයේ දකින්නට හැකියි.

    02. King Cobra (කින්ග් කොබ්‍රා)

    image-02-7-701x701.jpg


    මොවුන් සාමාන්‍යයෙන් ලංකාවේ අප දකින නාගයන්ට වඩා තරමක් ප්‍රමාණයෙන් විශාලයි. විද්‍යාත්මක නාමය Ophiophagus Hannah වන මොවුන් මාංශ භක්ෂකයන්.. මොවුන්ගේ ජීවන කාලය සාමාන්‍යයෙන් වසර 20ක් පමණ වෙනවා. අඩි 13ක් පමණ දිගකට හා රාත්තල් 20ක පමණ බරකට මොවුන් විශාල වෙනවා. ඉන්දියාව, දකුණු චීනය හා අග්නිදිග ආසියාව ආශ්‍රිතව පැතිර සිටින මොවුන්ගේ පහර දීමකට ලක්වෙන වැඩුණු පුද්ගලයෙකු සාමාන්‍යයෙන් විනාඩි 15ක් පමණ ඇතුලත මිය යනවා. එමෙන්ම පැය තුනක් ඇතුලත හොදින් වැඩුණු ආසියානු අලියෙකු ඒ විෂෙන් මරණයට පත් කළ හැකි බවයි කියන්නේ.

    03. මාබල්ඩ් කෝන් ගොළුබෙල්ලා (Marbled Cone Snail)

    image-03-8-701x701.jpg


    Gastropoda වංශයට අයත් මෙම සත්ත්වයාගේ විද්‍යාත්මක නාමය වන්නේ C. marmoreus යන්නයි. මෙම සත්ත්වයා ප්‍රමාණයෙන් අඟල් 6ක් පමණ විශාල වෙනවා. බරින් ග්‍රෑම් 7.67ක පමණ බරකින් යුතු වෙනවා. මොවුන්ගේ ආහාර වලට මුහුදු පණුවන් හා කුඩා මත්ස්‍යයින් ඇතුලත් වෙනවා. සාමාන්‍යයෙන් වැඩුණු සතෙකු අත්ලක් තරම් පමණ විශාල වෙනවා. මොවුන් වැඩිපුර ජීවත් වන්නේ ඉන්දියානු හා පැසිෆික් සාගරයේ උස් වූ වැටි ආශ්‍රිතවයි. මෙම බෙල්ලන්ව හැඳින්වීමට “cigarette snail” යන නමද භාවිතා කරනු ලබනවා. එයට හේතුව වන්නේ මොවුන්ගේ විෂ ශරීර ගත වූ පසු ඔබට ජීවත් විය හැකි කාලය දුම්වැටියක් පානය කළ හැකි කාලයට සමාන බව සැලකීමයි. මොවුන්ගේ එක විෂ බිංදුවකට ආසන්න වශයෙන් මිනිසුන් 20ක් පමණ ජිවිතක්ෂයට පත් කළ හැකි වෙනවා.

    04 . නිල් මුදු සහිත බූවල්ලා

    image-04-11-701x701.jpg


    ඔබව මරණයට පත් කළ හැකි හුරුබුහුටිම සතෙක් විදියට මෙම බූවල්ලාව හඳුන්වා දෙන්න පුළුවන්. මොවුන් සාමාන්‍යයෙන් සෙන්ටි මීටර 4 – 6ත් අතර දිගකින් යුතු වෙනවා. වයස හා විශේෂය මත මොවුන්ගේ බර ග්‍රෑම් 10 – 100ත් අතර විචලනය වෙනවා. සාමාන්‍යයෙන් මොවුන් වසර දෙකක පමණ කාලයක් ජිවත් වෙනවා. ඒ උණුසුම් හා කොරල් පර ආශ්‍රිත ජලයේ මීටර 0 -20 දක්වා පරිසරයේ යි.

    ලොව සිටින විෂ අධිකම හා දරුණුම මුහුදු ජීවියෙකු ලෙස මොවුන්ව සැලකෙනවා. ඔවුන්ගේ පහරදීමක් නිසා මිනිසෙකු මිනිත්තුවක් පමණ කාලයක් තුල මරණයට පත් විය හැකියි. ඒසේ නොමැතිනම් පූර්ණ අංශභාග තත්ත්වයන්, ඇස් අන්ධවීම, සංවේදන නොමැති වීම වැනි තත්ත්වයන්ට ගොදුරු විය හැකි වෙනවා. ප්‍රධානම කරුණ වන්නේ මොවුන්ගේ විෂට තවමත් ප්‍රති විෂක් සොයා ගෙන නොමැති වීමයි.

    05. ඩෙත් ස්ටෝකර් ගෝනුස්සා (Death Stalker Scorpion)

    image-05-3-701x701.jpg


    මොවුන් සාමාන්‍යයෙන් කහ පැහැයට හුරු පැහැයක් ගනු ලබනවා. එනිසා “ Palestinian yellow scorpion’ ලෙස ද හඳුන්වනු ලබනවා. දිගින් අඟල් 1.1 ත් 3ත් අතර ප්‍රමාණයක් වන,මොවුන් ග්‍රෑම් 2.5ට වඩා නම් බරින් වැඩි වන්නේ නෑ. මොවුන්ට ඇස් යුගල දෙකක් සතු වෙනවා. මැද පෙරදිග හා උතුරු අප්‍රිකාව ආශ්‍රිතව පැතිර සිටින මේ ගෝනුස්සන් මාංශ භක්ෂකයින්. මොවුන්ගේ පහරදීම් සැලකෙන්නේ ඉතාමත් වේදනාකාරී පහරදීම් ලෙසයි.​


    උපුටාගැනීම - Roar සිංහල
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    04 . නිල් මුදු සහිත බූවල්ලා muu kawaම, සංවේදන නොමැති wena eka ape kota nihal ta hodai, godak wela hukana puluwan ne
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala

    Thank You!!! :):)

    thanks for sharing machan.. :yes:

    Roar eka niyamai.. Honda articles yanawa.. :yes:

    ඔව් ගොඩක් වටිනා දේවල් ගැන විස්තර තියනවා :yes: :yes:



    Thank You!!! :):)

    04 . නිල් මුදු සහිත බූවල්ලා muu kawaම, සංවේදන නොමැති wena eka ape kota nihal ta hodai, godak wela hukana puluwan ne

    :eek::eek: