.::ලොව හෙල්ලූ පාලකයින්ගේ අවසාන මොහොත::.

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    වටිනා උත්සහයක්
    11.gif
    +

     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    නිකොලේ සිසුකු

    natadictatoruluinicolae.jpg

    රුමේනියානු ආඥාදායක නිකොලේ සිසුකු ට සහ ඔහුගේ බිරිඳ එලීනා ට වෙඩි තැබීමට බොහෝ සොල්දාදුවන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අතර ඒ සඳහා තෝරාගත යුතු ස්ථානය නිශ්චය කිරීමට කුසපත් අදින ලදි.

    ජාති බේද වාදී මතවාදයන් පතුරවමින් තම රටේ ජනතාව පාගා දමා ආඥාදායක ක්‍රියා පිළිවෙතක් අනුගමනය කල නිකොලේ ට එරෙහිව එරට කැරලි ආරම්භ විය. තම අති විශේෂ හමුදා සේනාංකයක් දමා එය මර්දනය කිරීමට උත්සාහ කල ද එය ව්‍යර්ථ විය. ප්‍රතිඵලය වූයේ නිකොලේ සිය බිරිඳ සමඟ වෙනත් රටකට පලා යාමට උත්සාහ කිරීමයි. එහෙත් අවසානයේ කැරලිකාර හමුදාවන් විසින් ඔවුන් අල්ලා ගන්නා ලදි.

    1989 නත්තල් දිනයේ දී බුකාරෙස්ට් හිදී ඔහුට එරෙහි නඩුව විභාග විය. අපරාධ චෝදනා මෙන්ම අනිසි ලෙස ධනය රැස්කිරීම පිළිබඳ චෝදනා ද ජාතියක් සමූල ඝාතනය කිරීම පිළිබඳ චෝදනා ද ඔහුට එරෙහිව ගොනු කර තිබිණි.

    නඩු විභාගය අවසන් වී විනාඩි 9කට පසුව මේ දෙදෙනා වෙන් වෙන් වශයෙන් මරා දැමීමට තීරණය කෙරිණි. එහෙත් ඔවුන්ගේ ඉල්ලීම වූයේ දෙදෙනාම එක විට මිය යා යුතු බවයි. නඩු තීන්දුව ලබා දී විනාඩි කීපයකින් වෙඩි තැබීමේ කණ්ඩායම තම ස්වයංක්‍රීය ගිනි අවි මගින් නිකොලේ හා ඔහුගේ බිරිඳ ගේ ජීවිත අවසන් කළේය.


    article20515520e7655c80.jpg

    නිකොලේට සහ ඔහුගේ බිරිඳට වෙඩි තැබූ මොහොත​

    වෙඩි තැබීමට සහභාගී වූ එක් සෙබළෙක් එම කාර්යය මෙසේ විස්තර කර තිබුණි. "අපි පළමු උණ්ඩ නිකොලේ ගේ දණහිස වෙත එල්ල කළා. පසුව ඔහුගේ උදරයටත් ඉන් පසුව හිසටත් එල්ල කොට නිකොලේ ගේ සහ ඔහුගේ බිරිඳ එලීනා ගේ ජීවිත අවසන් කළා".

     
    • Like
    Reactions: rukmalranaweera

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,815
    774
    113
    Your post is highly appreciated. Sry cannot give reps (You must spread some Reputation around before giving it to Nisala88 again.)