ලොව_පළමු_තරු_10_හෝටලය_ශ්‍රී_ලංකාවේ_ඉදිවෙයි

Mr_Bee

Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    ලොව_පළමු_තරු_10_හෝටලය_ශ්‍රී_ලංකාවේ_ඉදිවෙයි

    එළඹෙන 2017 පෙබරවාරි 04 වන දින ආරම්භ වීමට නියමිත වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් ව්‍යාපෘතිය තුළ, ලොව ප්‍රථම තරු 10 හෝටලය තැනෙන බව අදාළ ව්‍යාපෘතියේ නිල ෆේස්බුක් පිටුව මගින් අනාවරණය කර සිටී.
    එහි වැඩිදුරටත් සඳහන් වන්නේ ජාත්‍යන්තර හා දේශීය හෝටල් අධිකාරීන් වෙතින් තරු 10 කාණ්ඩය ලබා ගැනීමට ‘වර්ල්ඩ් කැපිටල් සෙන්ටර්‘ බලාපොරොත්තු වන බවත් ඒ අනුව ලොව ප්‍රථම තරු 10 හෝටල් සංකීර්ණය ශ්‍රී ලංකාවේ තැනෙනු ඇති බවත්ය.
    කොළඹ 02 හි ඇරඹීමට යෝජිත මෙම ව්‍යාපෘතිය සඳහා 2017 පෙබරවාරි 04 වන දින මුල්ගල් තැබීමට නියමිතය. මහල් 117 කින් යුතු මෙම ව්‍යාපෘතිය දකුණු ආසියාවේ ඉදිවන උසම ගොඩනැගිල්ල ලෙසින් නම් වන අතර එය ලෝකයේ ම උසින් වැඩි ගොඩනැගිලි අතර 09 වන ස්ථානය ගැනීමට සමත්වන බව වාර්තා වේ. මෙම ගොඩනැගිල්ලේ උස මීටර 625 කි.
    මෙරට ස්ථාපිත අල් අමාන් සමාගම විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ඇත.


    Al-Aman-WCC-10-star.jpg
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව හදනකම් කියන්න බෑ අර ලෝකේ ලොකුම නත්තල් ගහ කියලා එකක් හැදුවේ අන්තිමට කිව්ව උසත් නෑ තියපු ගිනස් වාර්ථාවකුත් නෑ .
     

    Similar threads