ලොහාන් හා ශෂී මියගිය ලේකම් පාවාදී වාහන අයිතිය හංගන්න හැදූ තැත වරදී

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    නීති විරෝධී සුඛෝපභෝගී වාහනය: ලොහාන් රත්වත්තේගේ බිරිඳ රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
    හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මිය ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ නොවැම්බර් 7 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මිය නියෝග කර තිබේ.

    මිරිහාන, ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක දී ඔක්තෝබර් 26 වන දින සිදු කළ පොලිස් වැටලීමකදී මෙම ලෙක්සස් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය සොයා ගැනීමට පොලිසියට හැකි විය. පොලිස් පරීක්ෂණ වලට අනුව:



    වාහනයේ කිසිදු ලියාපදිංචි ලියකියවිලි හෝ බලපත්‍ර නොතිබිණි.
    KY 6864 අංක තහඩුව ශෂී ප්‍රභා මහත්මියට අයත් වෙනත් වාහනයක ලියාපදිංචි අංකයක් බව හෙළි විය.
    ලොහාන් රත්වත්තේ මහතා 2021 ඔක්තෝබර් 7 වන දින මෙම අංක තහඩුව සහිත වාහනයක් භාවිතා කර ඇති බවට සාක්ෂි ලැබී තිබේ.ඒ අනුව මියගිය සම්බන්ධීකරණ ලේකම්වරයෙකුට අයත් යයි ලොහාන් හා බිරිය කරන ප්‍රකාශ සාවද්‍ය බව තහවුරුවී තිබේ. ලොහාන් එකී දින මෙම වාහනයෙන් බැස ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසම වෙත යන අයුරු සීසීටීවී දර්ශන වල මෙන්ම මාධ්‍ය වීඩියෝ වල සටහනක්ව ඇති අතර ඔහු එය පරිහරණය කළ බවට තවත් සාක්ෂි රැසක් සොයාගෙන තිබේ.

    පොලිස් භාරයට ගත් මෝටර් රථය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අදාළ මෝටර් රථයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා 2021 වසරේ ඔක්තෝබර් 7 වැනිදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණ ගොස් තිබූ බවත් එම අවස්ථාවේදී මෝටර් රථයට සවිකර ඇත්තේ KY- 6864, අංක දරන මෝටර් රථයක ලියාපදිංචි අංක තහඩුව බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත


    එම අංකය සම්බන්ධයෙන් මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුව හරහා සිදු කළ සොයා බැලීමේදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ කලින් බිරිඳට අයත් මෝටර් රථයේ ලියාපදිංචි අංකය බවට මේ වන විට තහවුරු වී ඇතැයි උසස් පොලිස් නිලධාරියා කීය.මහනුවර ප්‍රදේශයේ පදිංචි එම කාන්තාවගේ දුරකතන අංකය සොයාගෙන ඇමතුම් ලබා ගත්ත ද එය මේ වන විට ක්‍රියාකාරී තත්ත්වයේ නොමැති බව පොලිසිය සඳහන් කරයි.


    රිමාන්ඩ් භාරයේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍යවරයා එදින එම මෝටර් රථයෙන් ගොස් මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපිටින් බැස යළි නැවත මෝටර් රථයට පැමිණෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශනයක් යූටියුබ් නාළිකා දෙකක විකාශනය වන අයුරු විමර්ශන නිලධාරීන් අධ්‍යනය කර ඇතැයි ද උසස් පොලිස් නිලධාරියා කීය.


    ඊට අමතරව කුරුණෑගල අධිවේගී මාර්ගයේ ද එම මෝටර් රථයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ගමන් කර ඇති බවට පැහැදිලි තොරතුරු ලැබී ඇති අතර ඒ අනුව පිවිසුමේ සවිකර තිබෙන සීසීටීවී කැමරා පරීක්ෂා කිරීමට නියමිත බව ද කීය. ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එම වීඩියෝ දර්ශන ඩීවීආර් යන්ත්‍ර සමග ලබා දෙන ලෙස නියෝගයක් ද, ඊට අමතරව වොයිස් කියුබ් හා ලංකා ෆයිල් නමැති යූටියුබ් නාලිකා දෙකේ හිමිකරුවන්ට අදාළ දිනවල සංස්කරණය නොකළ දර්ශන ලබා දෙන ලෙස නියෝගයක් ද නිකුත් කරන ලෙස ඉල්ලා නුගේගොඩ, ගංගොඩවිල ප්‍රධාන මහේස්ත්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මියගෙන් කරනු ලැබූ ඉල්ලීමට අවසර ලබා දුන් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

    සැකකාරිය වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මිය පොලිසියට දී ඇති ප්‍රකාශයට අනුව:



    වාහනය ඇගේ නිවසට ගෙන එන ලද්දේ ලොහාන් රත්වත්තේගේ සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් බව පවසා ඇත. මෙම ලේකම්වරයා පසුව මහනුවර ප්‍රදේශයේදී හිසට වෙඩිතබාගෙන අභිරහස් ලෙස මියගොස් ඇති බව වාර්තා වී තිබේ.

    ලොහාන් රත්වත්තේ මහතා පළමුව පොලිස් ප්‍රකාශයක් සඳහා කැඳවීමට අවනත නොවූ බැවින් මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
    ඉන්පසු ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මිය නීතිඥවරයෙකු සමඟ අධිකරණයට ඉදිරිපත් වී ඇති අතර, ඇයද නොවැම්බර් 7 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන අතර, නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහන සම්බන්ධ තවත් තොරතුරු අනාවරණය විය හැකි බව පොලිසිය පවසයි.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,421
    4,048
    113
    මෙම ලේකම්වරයා පසුව මහනුවර ප්‍රදේශයේදී හිසට වෙඩිතබාගෙන අභිරහස් ලෙස මියගොස් ඇති බව වාර්තා වී තිබේ.

    mewath sure na
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මෙම ලේකම්වරයා පසුව මහනුවර ප්‍රදේශයේදී හිසට වෙඩිතබාගෙන අභිරහස් ලෙස මියගොස් ඇති බව වාර්තා වී තිබේ.
    මේකනම් ගේමක් කියලා මම කියන්නෙ. :)
     
    • Like
    Reactions: haunte and SLK_sri

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මෙම ලේකම්වරයා පසුව මහනුවර ප්‍රදේශයේදී හිසට වෙඩිතබාගෙන අභිරහස් ලෙස මියගොස් ඇති බව වාර්තා වී තිබේ.

    mewath sure na
    90% sure.

    okkoma Secretary pita danna hadanna athi. penawane mun ekata laginma inna ekatath kelinawa berenna one unama. Keheliya wage ewun hora beheth walin leddu marana eka ahanna enna deyak na.
     
    • Like
    Reactions: haunte

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    1st investigtion ekenma වෙඩිතබාගෙන marunai kiyala case eka iwara karala
    මොනවද බන් සාක්ශි විදිහට ඉදිරිපත් කරලා තිබ්බේ.
    වැඩ කාරයෙක්ටනම් සාක්ශි හදන්න පුලුවන් 8-)
     
    • Like
    Reactions: haunte

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,483
    36,430
    113
    මැදමහනුවර
    FcoawHd.jpeg
     
    • Haha
    Reactions: xVOLDYx

    Similar threads