ලෝකයට අලුත් මුදල් ඒකකයක් ළගදීම...📛

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    SxiITAW.jpeg


    එළඹෙන අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිත මෙවර BRICS සමුළුවේ ප්‍රමුඛතාව නව මුදල් ඒකකයක් හඳුන්වාදීම කෙරෙහි යොමුවී තිබේ.

    එම මුදල් ඒකකයට ණය මත පදනම් වූ ඩොලරයට අතිශයින් වෙනස් රන් මත පදනම් වූ නව මුදල් ඒකකයක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය එක්වී BRICS සන්ධානය ආරම්භ කළේ 2009 වසරේ ජුනි මාසයේ දීය.

    ඒ, 2050 වන විට ගෝලීය ආර්ථිකයේ ආධිපත්‍ය දරණ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් ගොඩ නැගීමේ අරමුණින්ය.

    2010 වසරේ දී දකුණු අප්‍රිකාව ද BRICS සමග එක්වූ අතර මේ වනවිට එය ලොව ප්‍රමුඛතම නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන්හි බලගතු සන්ධානයක් ලෙස සැලකේ.

    ඒ අනුව මේ වනවිට BRICS සන්ධානය රන් මත පදනම් වූ නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සුදානමින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    එය ණය මත පදනම් වූ ඩොලරයට අතිශයින් වෙනස් ඉහළ වටිනාකමකින් යුතු මුදල් ඒකකයක් වනු ඇත.

    මෙලෙස නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇත්තේ ලෝකයේ තවත් රටවල් රැසක් BRICS සන්ධානය සමග එක්වීමට සූදානමින් සිටින පසුබිමකය.

    ඒ අනුව, ආර්ජන්ටිනාව, ඇල්ජීරියාව, බහරේන්, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දුනිසියාව, ඉරානය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය BRICS සන්ධානයට එක්වීමට නිල වශයෙන් අයඳුම් කර තිබේ.

    එමෙන්ම ප්‍රංශය, කියුබාව, පාකිස්තානය, තායිලන්තය ඇතුළු තවත් රටවල් 41ක් BRICS සන්ධානය සමඟ එක්වීමට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වෙයි.

    ඔවුන් එම නව මුදල් ඒකකය භාවිත කිරීමටත් එකඟතාව පළකර තිබීම විශේෂත්වයකි.

    බ්‍රසීල ජනපති ලූලා ද සිල්වා,

    "සෑම දිනකම මම හිතනවා.. සියලුම රටවල් වෙළෙඳ කටයුතුවලට ඩොලරය සමග බැඳී ඉන්න ඕනේ ඇයි කියන එක ගැන. ඇයි අපිට අපේම මුදල් ඒකකයකින් ගනුදෙනු කරන්න බැරි ? අපිට අලුත් මුදල් ඒකකයක් ගොඩනගන්න බැරි. රටවල්වල ගැටලු විසඳන්න පුළුවන් මුදල් ඒකකයක් අපිට තියෙන්න ඕනේ. සියලුම රටවලට අපනයන කටයුතුවලට ඩොලරය පසුපස දුවන්න සිදුවෙලා තියෙනවා. තමන්ගේම මුදල් ඒකකයක් තියෙනවා නම් ඒ රටවල මහ බැංකුවලට ඒ කටයුතු පිළිබඳව අවධානය යොමු කරන්න පුළුවන්. BRICS වගේ බැංකුවලට බ්‍රසීලය සහ චිනය අතර ගනුදෙනුවලට අලුත් මුදල් ඒකකයක් ගොඩ නගන්න බැරි. හැම කෙනෙක්ම එක මුදල් ඒකකයකට කොටු වෙලා නිසා ඒක කරන්න අමාරුයි තමයි."

    එළඹෙන අගෝස්තු මාසයේ දී දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි පැවැත්වීමට නියමිත BRICS සමුළුවේ දී නව මුදල් ඒකකය හඳුන්වාදීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

    රන් මත පදනම් වූ නව මුදල් ඒකකය, සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රගමනයට හේතු වනු ඇති බවත් විශේෂයෙන් නව විනිමය සඳහා රන් වටිනාකමක් එක් කිරීම තුළින් තනි ව්‍යවහාර මුදල් ඒකකය ශක්තිමත් වනු ඇති බවත් ආර්ථික විද්වතුන්ගේ මතය වෙයි.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    මිනිස්සුන්ගෙ අවශ්‍යතා එක්ක තමා ඕක ඩිපෙන්ඩ් වෙන්නෙ.රත්තරන් නැති රටවල මිනිස්සුන්ට ඕක පාඩුයි.innovation ඔය අලුත් කරන්සි එකෙන් හරියට වැලුව් උන් නැත්තන් මුලු ලෝකෙම අන්ස්ටෙබ්ල් වෙයි.ඕක මුන් දන්නව මොකක් හරි ප්ලෑන් එකක් ඇති හැබැයි ඉතින් ඇමෙරිකාවටත් ප්ලෑන් එකක් ඇති.ලෝකෙ හොදම මොල ටික අද්ද ගන්නෙ කහනවට නෙමෙයිනෙ.
     
    • Like
    Reactions: ttj and NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    එමෙන්ම ප්‍රංශය, කියුබාව, පාකිස්තානය, තායිලන්තය ඇතුළු තවත් රටවල් 41ක් BRICS සන්ධානය සමඟ එක්වීමට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වෙයි.???
     
    • Like
    Reactions: NRTG

    sthiwanka

    Active member
  • Nov 29, 2021
    119
    67
    28
    දැන් හිතන්නකො අපේ රටත් එකඟ වුනොත් ..
    අපේ බැංකු ගිණුම් වල තියෙන එවාට මොනවා වෙයිද?
    වටිනාකම කියක් වෙයි? 🫣🥹🧐😭