මේ ගොන් ප්‍රශ්ණයම පංච මහා වාද වලදී පාදිලි කාරයෝ හාමුදුරුවන්ගෙන් ඇහුව බව තමුන්නාන්සේ දන්නේ නැද්ද?
භාවනා කඩේ දීපු notes වල ඒක තිබුනේ නැද්ද?
බුදුන් වහන්සේට මෙවැනි දේවල් දැන ගන්න පුළුවන් මෙනෙහි කලොත් විතරයි. උද්ද්කරාමපුත්‍ර ආදීන් මිය ගිය බව නොදැන උන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කරන්නට කල්පනා කළ විට ඔවුන් මිය ගිය බව දැන්වූයේ දෙවියන්ය. එවිට ඔවුන්ගේ තත්වය මෙනෙහි කරන බුදුන් ඔවුන් අරූපතලයේ උපත ලබා ඇති බව දුටු සේක (මෙය පංච මහා වාද වලදී පාදිලියාට දීපු උත්තරයයි ) .
මේ පිළිතුරම තමුන්ටත් දෙන්නට වීමෙන් පෙනී යන්නේ තමුන්ගේ හිස් බවයි. අර පාදිලියාගෙයි තමුන්ගෙයි වෙනසක් තියනවාද කියලා හිතල බලන්න.
මීට අමතරව නීරෝධ සමාපත්තියෙන් නැගිට සිටි කාශ්‍යප මහරහතන් වහන්සේ රවටා ඉතා දිළිදු පවුලක් ලෙස රඟපා ශක්‍රයා හා සුමනා දේවිය දානයක්ද දුන්හ.
කාශ්‍යප මහරහතන් වහන්සේ තමන් රැවටුන බව දන්නේ ආහාර වල සුවඳ ගැන සැක සිතී, මෙනෙහි කිරීමෙන් පසුවය.
යමක් කර්මය නිසා සිදුවන බව දන්නා විට බුදුන් වහන්සේ කිසිදිනක එය වලකන්නට කටයුතු කර නැහැ. දෙව්දතුන් ගල් පෙරලන බව බුදුන් වහන්සේ නොදැන සිටි සේක්ද?
පිලිගනිමි මගේ මෝඩකම අවංකවම. මෝඩයන්ගේ මෝඩ ප්‍රශ්නවලට උත්තර දෙන්න ගිහින් මාත් මෝඩ උත්තරා දෙනවා! තේරුන කළ මෝඩකම.
ධර්මයත් ලොවට දේශනා කරන්නට පෙර සමාධියෙන් එය විමර්ශනය කල බවද කවුරුත් පිලිගන්නේ නැහැනේ. ඔක්කොම හිතන්නේ එක පාරටම එක තත්තපරෙන් ඔක්කොම අවබෝධ උනා කියලනේ.
Last edited:




