ලෝකයා - MS The World

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    යාලුවනේ ගොඩක් කාලෙකට පස්සේ නුලක් ලියන්න හිතුනා. හරි ඔන්න මම අදත් අලුත්ම විස්තර ටිකක් හොයාගෙන අවා බෙදා හදාගන්න. සමහර විට එළකිරියේ ඉන්න කට්ටියනම් මේක ගැන දන්නවා ඇති නමුත් නොදන්නා කට්ටියට දැන ගන්න තමයි මේක දාන්න හිතුවේ.

    මම කලින් ලියපු නුල් කියවන්න බැරිවුන කට්ටියට මෙතනින් ඒවාට යන්න පුළුවන්.

    හනි බැජර් (Honey badger)
    ආචාර්ය පොන්නම්පෙරුම
    අජන්තා ගුහාව (Ajanta Caves)
    Bacteria Work as Hard Drives
    හාජි ලේන් (Haji Lane)
    ජපනගේ එකේ දිග....
    බිසේෆලස් Bucephalus
    බැටරි නැති මොබයිල් ෆෝන්
    දැන් වයස අවුරුදු 20යි
    ඔබ දන්නවාද 10:10
    ඉගිලෙන සබ්මැරීනය
    කම් සැප සොයා ගිය කුරුමිට්ටෝ
    ම්රියා An-225
    මේවා අහල තියනවද?
    Chernobyl-2
    තවත් සුපිරි රුසියන් බඩුවක්....
    ගේලැන්ග් (Geylang) [20+]
    ඩෙස්කර් පාර (Desker Road) [20+]



    හරි කට්ටියම මාතෘකාව දැක්කම බලන්න ඇති මේ මොකක්ද කියල, මේක ඇවිල්ල නැවක්. ලෝකයා - MS The World මේක ඇවිල්ල එසේ මෙසේ නැවක් එහෙම නෙවෙයි. මේක ඇවිල්ලා මිනිසුන් පදිංචි වී සිටින පවුද්ගලික සුපිරි නැවක් ඒ කියන්නේ (Residential community) එකක්.

    මේ නේවාසික සමාජයට රටවල් 19 ක සම්බවයන් තියන පුද්ගලයන් අයත් වනවා. මේ කට්ටිය ජිවත් වෙන්නේ මේ නැවෙමයි, ඒ වගේම මේ නැව ලෝකේ වටේ ගමන්කරනවා ඒ ගමන්කරන අතරතුරේ ගොඩක් වරායන්වල දින ගණනාවක් නවතා තබනවා. ඉතින් ඒ කාල සිමාවන් වලදී මේ නැවේ ජිවත්වන පුද්ගලයන්ට ඒ වාරයන් අවට සංචාරය කිරීමට හැකි වෙනෙවා. ඒ වගේම මේ නැවේ ජිවත් වන පුද්ගලයන්ගෙන් සීමිත ප්‍රමාණයක් පුර්නකාලිනව මෙහි ජිවත්වන අතර අනෙක් පිරිස විටින් විට මේ නවුකාවේ ජීවත්වෙනවා.

    මෙම නැව බාරව ක්‍රියාකරන්නේ ROW Management, Ltd. කියන ආයතනයයි. මෙය තට්ටු 12කින් සමන්විත වන නැවක්. මෙම නැවේ සුපොපබෝගී නිවාස 165 පිහිටා තිබෙන අතර එයින් 106 සාමන්‍ය නිවාසද 19 කුඩා ප්‍රමාණයේ චිත්‍රාගාර මාදිලියේ නිවසද ඉතිරිය වන නිවාස 40 ඉතා විශාල ප්‍රමාණයේ චිත්‍රාගාර මාදිලියේ නිවසද ලෙස නිමකොට තිබෙනවා. ඒවගේම මෙම සුපිරි නැව විශාල ප්‍රමාණයේ ලොබියකින්ද සිල්ලර බඩු වෙළදසැල් වලින්ද කඩපිල් වලින්ද කායවර්දන මද්‍යස්තානයකින්ද ගොල්ෆ් ක්‍රීඩා පිටියකින්ද ටෙනිස් ක්‍රීඩා පිටියකින්ද වියායාම මන්තිරුද (jogging track) සම්බාහන මද්‍යස්තානයකින්ද පිහිනුම් තටාකයකින්ද මද්‍යසාර වෙළදසැල් වැනි ඉතාමත් සුපොපබෝගී දිවිපෙවෙතක් ගතකිරීමට අවශ්‍ය සියලුම අංග-උපාංග වලින් සමන්විත වෙනවා.

    ඊට අමතරව එහි ජිවත්වන පුද්ගලයින්ට තමන් කැමති විදියේ ආහාරපාන ලබාගැනීමට අවශ්‍ය අවන්හල් 6 ක්ද මේ නැව සතුවනවා. එමෙන්ම ඔවුන්ගේ විනෝදාස්වාදය සදහා මෙහි චිත්‍රපට ශාලාවක්, පුස්තකාලයක්, සංගීත මණ්ඩපයක් වැනි ඉස්තානද පවතින අතර මෙහි විව්දාකාරයේ වැඩමුළුද පවත්වනු ලබනවා උදා:- නැටුම්,චිත්‍ර,බාෂා,සංගීතය,චායාරුප


    මෙම නැවේ සාමාන්‍ය දත්ත
    Tonnage: 43,524 GT
    Length: 196.35 m (644 ft 2 in)
    Beam: 29.8 m (97 ft 9 in)
    Draft: 6.7 m (22 ft 0 in)
    Decks: 12
    Installed power: Marine diesel
    Speed: 18.5 knots (34.3 km/h; 21.3 mph)
    Capacity: 150-200 passengers average
    Crew: 250

    අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....
    හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....


    හරි අපි දැන් පින්තුර ටිකක් බලමු.
    ඇතුලත දර්ශන


    luxury-cruise-ship-interior-thumb20764690.jpg

    promenade-2.jpg

    article-0-06FF07CD000005DC-500_634x423.jpg

    0013729e44a40e36fa8c0c.jpg


    නිවාස දර්ශන

    The-World-cruise-ship-apartment-cost.jpg

    820-000629hig.jpg

    The-World-ship-apartment-prices.jpg

    three_bedroom_pic4.jpg


    බාහිර දර්ශන

    shutterstock_119291074-e1375890128588.jpg

    800px-Kobe_port_The_World04n4272.jpg

    838a92557cbe1330a785e92a50ad8c7d.jpg

    Pat-Boone-Bought-a-Luxury-Apartment-on-Utopia-Liner-1.jpg



    අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....
    හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....