ලෝකයේ ඇඟ කිළිපොලා යන බිහිසුණු චාරිත්‍ර ම&#3545

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ලෝකයේ ඇඟ කිළිපොලා යන බිහිසුණු චාරිත්‍ර ම&#3545

    ලෝකයේ හැම රටකම වැසියන්ට තමන්ගේ රටටම ආවේණික වුණු සුවිශේෂී සිරිත් විරිත් පවතිනවා. අනාදිමත් කාලයක පටන් පැවත එන මේ සිරිත් වර්තමාන කාලයට කොතරම නොගැලපුණත්, විද්‍යාත්මකව ඔප්පු කළ නොහැකි දේවල් වුණත් ඒ සිරිත් විරිත් හා සම්ප්‍රදායයන් අනුගමනය කිරීම අතහරින්න ඔවුන් සූදානම් නැහැ. අපේ සමාජයේත් එවැනි චාරිත්‍ර පවතින බව අප කවුරුත් දන්නා දෙයක්. එපමණක් නොවෙයි, චීන යුවතියන්ගේ දෙපා කුඩා කිරීමට දෙපා බැඳ තැබීම වගේම ඉන්දීය හින්දු භක්තිකයින්ගේ සති පූජාව වැනි ඇඟ කිළිපොලා යන අන්දමේ සිරිත් ගැනත් ඔබ අසා දැක ඇති.
    අප ඔබට කියන්න හදන්නේ ලෝකයේ විවිධ රටවල් වල අදටත් අනුගමනය කෙරෙන අමුතුම ආකාරයේ චාරිත්‍ර හතක් පිළිබඳවයි. මෙහි එන ඇතැම් ඡායාරූප සහ විස්තර ඔබට පිළිකුලක් හෝ අපහසුතාවයක් දනවන ඒවා වෙන්නත් පුළුවන්. ඒ පිළිබඳව මතකයේ තබාගෙනම මේ ලිපිය කියවන්නට සූදානම් වුණොත් වඩාත් හොඳ බවයි අප සිතන්නේ.

    කාන්තාවන්ගේ ඇඟිලි පුරුක් කපා දැමීම


    කාන්තාවන් කියන්නේ දුක් විඳින්නටම උපන් අය බවට කියමනක් ඔබ අසා ඇති. නමුත් ඉන්දුනීසියාවේ දානි ගෝත්‍රයේ කතුන්ට නම් මානසික වේදනාවන් පමණක් නොවෙයි, ශාරීරික වේදනාවන්ටත් මුහුණ පාන්නට වන අවස්ථා පවතිනවා. තම පවුලේ අයෙක් මියැදුණු විට එම දුක සංකේතවත් කිරීමට තම අතේ ඇඟිලි පුරුකක් කැපීම මේ ගෝත්‍රයේ කතුන්ගේ සිරිතයි. කැපීමට නියමිත ඇඟිලි පුරුක අසලින් ඉතා තදින් නූලක් ගැටගසා පැය භාගයක් පමණ තිබෙන්නට හැර, ඇඟිල්ල හිරි වැටුණු පසුව එම පුරුක කපා දමා, ඉතිරි ඇඟිලි තුඩ ගින්නට අල්ලා තුවාලය වැසීම මගින් මේ සිරිත සම්පූර්ණ වනවා.

    image-13-701x526.jpg


    දානිවරුන් විශ්වාස කරන්නේ මෙසේ කිරීම මගින් තම මුතුන් මිත්තන්ගේ භූතාත්ම සන්තුෂ්ටියට පත්වන බවයි. අදටත් ඇතැම් අවස්ථා වලදී මෙම චාරිත්‍රය ඉටු කෙරෙන බවට වාර්තා වනවා.

    Endocannibalism හෙවත් තම ගෝත්‍රයේ අයවලුන් ආහාරයට ගැනීම

    වෙනිසියුලාවේ සහ බ්‍රසීලයේ සීමාවට ආසන්නයෙන් ඇමසන් වනයේ වෙසෙන යනොමාමි ගෝත්‍රිකයින් තම ගෝත්‍රයේම වැසියන්ගේ මස් ආහාරයට ගන්නන් වශයෙන් ප්‍රසිද්ධයි. සාමාන්‍යයෙන් මෙය සිදු වන්නේ ඔවුන් මිය ගිය පසුව මිස, ගෝත්‍රයේ සාමාජිකයන් මරා ආහාරයට ගැනීමක් සිදු වන්නේ නැහැ. ගෝත්‍රයේ සාමාජිකයකු මියගිය පසුව, එම සිරුර වනයේ ගස් වල කොළ වලින් ඔතා දින 30ත් 45ත් අතර කාලයක් ඔහේ තිබෙන්නට හරින්නේ කුඩා කෘමීන්ගේ ආහාරය පිණිසයි.

    image-23-701x318.jpg


    ඉන් අනතුරුව, සිරුරේ අස්ථි කැබලි මනාව වෙන් කොට ගෙන කෙසෙල් සුප් එකක් සමග මුළු ගෝත්‍රයේම වැසියන් විසින් ආහාරයට ගනු ලබනවා. ඉන් වසරකට පසුව, මියගිය තැනැත්තාගේ අළු කොටස්ද එලෙසම භාවිතාවට ගැනෙනවා. යනොමාමි ගෝත්‍රිකයන් විශ්වාස කරන්නේ මේ මගින් මියගිය තැනැත්තාට මරණින් මතු පාරාදීසය වෙත ගමන් කිරීමට මග සැලසෙන බවයි.

    මළවුන් සමග ජීවත් වන්නෝ

    ඉන්දුනීසියාවේ ටොරාජා ජන කොට්ටාශය කියන්නේ මලවුන් සමගම ජීවත් වීමට හුරු වී සිටින අමුතුම ආකාරයේ මිනිසුන් පිරිසක්. වසරකට වරක් තම මිය ගිය ඥාති හිත මිත්‍රාදීන්ගේ මළ සිරුරු ගොඩ ගන්නා ටොරාජාවරු ඉන් නොනැවතී, එම පුද්ගලයා මිය ගිය ස්ථානය වෙත මළ සිරුර රැගෙන ගොස්, නැවත වරක් මළ සිරුර තමන්ගේ ගම්මානය වෙත වැඩමවාගෙන එනු ලබනවා. මිය ගිය අයවලුන් නැවත “නිවස වෙත ගෙන ඒමේ” සිරිතක් ලෙසයි ඔවුන් මෙය හඳුන්වන්නේ.

    image-33-701x394.jpg


    වසරකට වරක් ඔවුන් මේ මළ සිරුරු ගොඩ ගන්නේ එම සිරුරු පිරිසිදු කොට, පැරණි ඇඳුම් පැළඳුම් ඉවත් කර නව ඇඳුම් පැළඳුම් ඔවුන්ට අන්දවා ඔවුන්ගේ මිනී පෙට්ටිද පිරිසිදු කිරීමේ අටියෙනුයි. බාල මහළු භේදයකින් තොරව සියළුම මළ සිරුරු ගොඩ ගන්නා ටොරාජාවරු, දශක ගණන් පැරණි මළ සිරුරු පවා ගොඩ ගෙන ඒවා අතපත ගාන්නේ කිසිදු පැකිලීමකින් තොරවයි.

    අයිනුවරුන්ගේ වලස් වන්දනාව

    ජපානයේ සහ රුසියාවේ ඇතැම් පළාත් වල පමණක් වාසය කරන අයිනු නැමති ගෝත්‍රයේ මිනිසුන් විසින් තමන් අදහන දෙවියන් කෙරේ ඇති භක්තිය පෙන්වීම සඳහා වලස් බිලි පූජාවන් පැවැත්වීමට පුරුදුව සිටිනවා. සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නන්ට මේ සිරිත ගැන කියවීමෙන් පසුව නම් විශාල ආවේගයක් එන්නටත් පුළුවන්.

    සීත කාලයේදී තම ගුහාව තුල නිදා සිටින වලස් මවක් මරා දමා, ඇගේ පැටවුන් කූඩු කොට තබාගෙන වසර දෙකක් ඇති දැඩි කොට, ඉන් අනතුරුව ඔවුන්ගේ හුස්ම හිර කොට සහ ඔවුන්ට දුණු ඊතල වලින් ඇන මරා දැමීම මේ සිරිතෙහි මුල් පියවර කිහිපයයි. ඉන් අනතුරුව, ගම් වැසියන් විසින් මේ වලස් පැටවුන්ගේ ලේ බී ඔවුන්ගේ මස් ආහාරයට ගනු ලබනවා. කෙලින් සිටවන ලද කණුවක් මත මේ වලසුන්ගේ හිස් කබල තබා, ඒ කණුව වටා වලස් සම පොරවා ඊට වන්දනාමාන කිරීමට ඔවුන් පෙළඹෙන්නේ ඉන් අනතුරුවයි.

    image-42-701x526.jpg


    අයිනුවරු මෙසේ කිරීමට හේතුව වන්නේ, වලසුන් යනු මිනිසුන් අතර සිටිනා දෙවිවරුන් බවටත්, වලසුන් බිලි දීමෙන් මනුෂ්‍ය ආත්මයට ආශිර්වාද ලැබෙනා බවටත් ඔවුන් අතර පවත්නා විශ්වාසය නිසාවෙනුයි. අද වන විට ඉතා සුලබ චාරිත්‍රයක් නොවුණත්, ඇතැම් පළාත් වල මේ චාරිත්‍රය අදටත් දක්නට ලැබෙනවා.

    ස්වයං හානි පමුණුවාගන්නා ෂියා මුස්ලිම්වරු:lol:

    තම ආගමේ ඉගැන්වීම් සහ විශ්වාසයන් උදෙසා දිවි පිදීමට පවා මුස්ලිම්වරුන් නොපසුබට වන බව නම් නොරහසක්. ජිහාඩ්වරුන් ගැන පවා අප නිතර අසා තිබෙන්න එහෙයිනුයි. ෂියා මුස්ලිම්වරුන්ගේ අශුරා උත්සවය පැවැත්වෙන්නේ එවැනි පුද්ගලයින් වෙනුවෙනුයි. ලොව පුරා ෂියා මුස්ලිම්වරු විවිධ හේතූන් මුල් කරගනිමින් මෙම උත්සවය පවත්වනවා. ඇතැම් ෂියා මුස්ලිම්වරු අශුරා උත්සවය පවත්වන්නේ ක්‍රි.ව. හත්වන සියවසේදී පැවැත්වුනු කර්බාලා සටනේදී දිවි පිදූ මොහොම්මද් තුමාගේ මුණුපුරෙකු වන ඉමාම් හුසේන්ගේ මරණය සිහිපත් කිරීමටයි.

    image-51-701x526.jpg


    එම සටනේදී ඉමාම් හුසේන් සහ ඔහුගේ සොල්දාදුවන් පිරිස මරණයට පත් වන්නේ හිස මතට නොකඩවා වැදුණු කිනිසි පහරවල් හේතුවෙනුයි. තෝරාගත් ෂියා මුස්ලිම්වරු පිරිසක් මෙම අශුරා උත්සව දිනයේදී කිනිසි රැගෙන තම හිසට පහර දෙමින් ලේ වගුරුවාගන්නේ එම සිද්ධිය සිහිපත් කරමින් ඔහුට ප්‍රණාම දැක්වීමටයි. අශුරා උත්සවයට සහභාගී වීම මගින් තමන්ගේ පවු සේදෙන බවත් ෂියා මුස්ලිම්වරු විශ්වාස කරනවා. මෙසේ තමන්ගේම ලේ වගුරුවාගන්න ෂියා මුස්ලිම්වරුන්ගේ ඥාතීන් එම අවස්ථාවේදී ඒ දෙස බලමින් කඳුළු වගුරුවඟේ හුසේන් මිය යන අවස්ථාවේදී ඔහුව බේරා ගැනීමට තමන් එතැන නොසිටීම පිළිබඳව පසුතැවෙමිනුයි.

    අඟුරු මතින් බිරිඳ ඔසවාගෙන යාම

    ගිනි පෑගීම කියන්නේ අපේ රටේත් සිදු කෙරෙන සංස්කෘතිකාංගයක්. නමුත් මේ කියන්නට යන්නේ චීන ජාතිකයින් විසින් සිදු කරන ගිනි පෑගීමේ සිරිතක් පිළිබඳවයි. චීන ජාතිකයින් විශ්වාස කරන්නේ තම බිරිඳ තම නිවසට කැන්දාගෙන එන අවස්ථාවේදී, සැමියා හා බිරිඳ ලෙසින් දෙදෙනා නිවසට ඇතුල් වීමට පෙර මනාලයා විසින් මනමාලිය කරේ තබාගෙන ගිනි අඟුරු ගොඩක් මතින් ඇවිද යා යුතු බවයි.

    image-6.jpg


    මේ චාරිත්‍රය ඉටු කිරීම මගින් මනමාලියගේ අනාගත දරු උපත් පහසු හා සාර්ථක වන බව අතීත චීන ජාතිකයින්ගේ විශ්වාසය වුණා. එපමණක් නොවෙයි, ස්වාභාවික විපත් වැළකීමේ චාරිත්‍රයක් ලෙසත් චීන ජාතිකයින් විසින් ගිනි පෑගීම සිදු කරන්නටත් යෙදී තිබෙනවා. මේ වගේ චාරිත්‍රයක් ලංකාවෙත් සිදු කෙරෙනවා නම් අපේ රටේ බිරින්දෑවරු ගොඩාක් සතුටු වන්නටත් බැරි නැහැ.

    එස්කිමෝවරු වැඩිහිටියන්ට අවසන් ගෞරව දක්වන අයුරු

    මෙතෙක් කියූ චාරිත්‍ර වලට සාපේක්ෂව බලන විට නම් මේ චාරිත්‍රය මේ වන විට සිදු කෙරෙන්නේම නැති තරම්. අපි කවුරුත් දන්න එස්කිමෝවරු කියන්නේ මරණින් මතු ජීවිතය පිළිබඳව විශ්වාස කරන ජන කණ්ඩායමක්. ඔවුන් විශ්වාස කරන්නේ මහළු වියට පත්වන සහ ගිලන් වී මරණාසන්න වන වැඩිහිටියන් හට ගෞරවාන්විත සහ අනභිභවනීය ලෙස මරණින් මතු ලෝකය වෙත ගමන් කිරීමට මග සලසා දිය යුතු බවයි. මේ සඳහා ඔවුන් අනුගමනය කරන ක්‍රියා පිලිවෙත වන්නේ එම වැඩිහිටියාව අයිස් කුට්ටියක් මත තබා මුහුදට පා කර හැරීමයි. මේ චාරිත්‍රය මගින් ඔවුන්ට සුඛදායී මරණින් එහා ලෝකය වෙත පියනගන්නට හැකි වනවා වගේම ඔවුන් සිය පවුලට අනවශ්‍ය බරක් වී සිය අවසන් දින කිහිපය ගත කිරීමෙන්ද වැළකෙන බවයි එස්කිමෝවරුන්ගේ විශ්වාසය වන්නේ.

    image-7-701x531.jpg


    මෙවැනිම චාරිත්‍ර ඉටු කරන තවත් ආගමික නිකායන්, ගෝත්‍ර සහ ජන කොට්ටාශයන් රැසක් ලොව පුරා රටවල් තුල විසිර සිටිනවා. තමන්ගේ අනන්‍යතාවය රැකගැනීම වගේම තමන් අදහන දෙවියන් කෝප ගැන්වීමට ඇති බිය වැනි හේතූන් නිසා ඒ චාරිත්‍ර ඔවුන් අතරින් වියැකී ගොස් නැහැ. මේ නිසාවෙන්ම, අපට නම් බලා සිටීමට තියා සිතීමටවත් කොතරම් අපහසු වුවත් අදටත් ඒ චාරිත්‍ර ඒ අයුරින්ම සිදු කෙරෙනවා ඇති.

    මුලාශ්‍ර​
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ස්වයං හානි පමුණුවාගන්නා ෂියා මුස්ලිම්වරු :yes:
    Accepted by alla hukabar
     

    Captain Gutt

    Member
    Jan 7, 2018
    72
    24
    0
    මේවනම් මහ මොංගල් වැඩ.මොලේ දියුනු වුනේ නැති උන් තමයි මේ වගේ ගොං චාරිත්‍ර කරන්නේ